UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසර 40ක් සපුරන පයාගල කොස්හේන ශ්‍රී ධර්ම ජයන්ති දහම් පාසල

වසර 40ක් සපුරන පයාගල කොස්හේන ශ්‍රී ධර්ම ජයන්ති දහම් පාසල

ඡායාරූප හා සටහන
සරත් සිරිවර්ධන
කළුතර දිස්ත්‍රික්
සංචාරක වාර්තාකරු


ප්‍රධානාචාර්ය ඇතුළු ආචාර්ය මණ්ඩලය

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මැතිතුමාගේ දයාබර පියාණන් වූ වී. එල් විජයාමාන්න මහතා සමාජ සේවයේ නියැලුණු ප්‍රකට සමාජ සේවකයෙකි.

1969 වර්ෂය වන විට අශෝකාරාමය ලෙස ප්‍රචලිතව තිබූ කුඩා ආවාස ගෙයක් පමණක් කටු මැටි ගසා නිම කළ මෙම පූජනීය භූමිය වී. එල් විජයමාන්න මහතා විසින් දෙදියවල සුදර්ශනාරාමයේ මතුගම පඤ්ඤාවාස හිමියන්ට පරිත්‍යාග කර ඇත. විජයමාන්න නාමය අනුස්මරණය වීම සඳහා නැවත ශ්‍රී විජයාරාම නමින් මෙම විහාරස්ථානය ආරම්භ කර වල්පොල මුදිත රේවත හිමියන් මෙහි විහාරාධිපතිත්වයට පත් කරන ලදී.

එතැන් සිට පූජ්‍ය වත්තල අමරවංශ ස්වාමීන් වහන්සේ, කිතතුල්ගොඩ ගුණරතන ස්වාමීන් වහන්සේ මූලික කොට ගෙන වරින් වර මහා සඟරුවන මෙහි වැඩ සිටි බවට සතර පේරුවේ දායක දායිකාවන් සාක්ෂි දරයි.

වර්තමාන විහාරාධිපති ඕපනායක රතනසාර හිමියන් මෙම විහාරස්ථානයට වැඩම කළ 2007 වර්ෂයේ සිට 2012 වර්ෂය වන විට කුඩා ආවාස ගෙකයකට හිමිකම් පෑ මෙම පූජනීය භූමිය අද වන විට මහා විහාරයකට අවැසි සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වී ඇත.

1972 වර්ෂයේ දී ආරම්භ කළ ශ්‍රි ධර්ම ජයන්ති දහම් පාසල 2004දෙසැම්බර් 04 වනදා නැවත පුනර්ජීවය ලබමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත ප්‍රධානාචාර්ය කේ. දයානන් ද මහතා සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් හතළිස් වසරක ඉතිහාසය සැමරීම සඳහා දහම් පාසල් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදාන උත්සවය අති උත්කර්ශවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී.


ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්...

 

 

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]