UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

බණ්ඩාරගම රයිගම හන්දියේ සුමිත් කුමාර සිරිමාන්න (අවු. 44 ) යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් “ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළයුතුබව වෛද්‍යවරු පවසයි. ඒ මහතාට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 071 1229055 හෝ 038 2290960 දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


බලංගොඩ, වැලිගේපොල, පෙත්තරකුඹුරහි පදිංචි ඇම්.ඇම්. විජේසේකර (අවු. 53) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු දන්වා ඇත. ඔහුට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 045 2227110 හෝ 071 0446824 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


රඹුක්කන, ගබ්බල උතුර ගම්මායිම පදිංචි ආර්.ඩී.සිරිල් විමලවීර මහතාගේ වකුගඩු දෙකම අක්‍රියවී ඇත. ඒ සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය වසීල් මහතාගේ උපදෙස් මත වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත. ඒ සඳහා “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලී අයකු වෙතොත් කෘතඥ වේ. ඉහත කාර්ය සඳහා ඖෂධ හා අනෙකුත් කටයුතු සඳහා මූල්‍යාධාර ද පරිත්‍යාගශීලීන් වෙතින් බලාපොරොත්තු වෙයි. ගිණුම් අංකය ලංකා බැංකුව 073 882595 වෙත බැර කරන මෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක 072 1322075, 072 4837244, 072 5639516 වැඩි විස්තර විමසිය හැක.


අතුරුගිරිය, ගලබඩවත්ත අංක 126 දරන ස්ථානයේ පදිංචි නෙරන්ජන් උඩුමලගල (අවු. 53) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු දන්වා ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතෙක් වේ නම් 037 2225730 හෝ 071 7262923 දුරකථනයෙන් වැඩි විස්තර විමසිය හැක.


මීරිගම කිතුල්වල අංක 15 බී නිවසේ පදිංචි බලගල්ල සරස්වතී මහ පිරිවෙනේ ආචාර්ය ඩී.එම්.පී.සී. දිසානායක මහතා (45) දරුණු වකුගඩු රෝගයකින් වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව පවසන කුරුණෑගල මහ රෝහලේ වකුගඩු රෝග නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍ය එස්. මාතු මහතාගේ නිර්දේශය අනුව “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව පැවසේ. ඔහු සඳහා “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි වේ නම් 0778943210 හෝ 071 8069066 අංක සඳහා දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]