UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විද්‍යාව හා තාක්ෂණය සාරධර්ම සමඟ එක්කර ගනිම

විද්‍යාව හා තාක්ෂණය සාරධර්ම සමඟ එක්කර ගනිම

ඇතැම් දූ දරුවන් පරිගණක භාවිතා කරන්නේ පරිගණක ක්‍රීඩා (Game) සඳහා බව හෙළි වී තිබෙනවා. මේ පරිගණක ක්‍රීඩාවන්හි අඩංගු වන්නේ මොනවාද? බුදු දහමින් ප්‍රතික්ෂේපිත අනෙකා පරයා තමන් ජය ගැනීමයි. අවි ආයුධ මඟින් අනෙක් අයට හිංසා පීඩා කිරීම්, විනාශ කර දැමීම්, කූට උපක්‍රම,මාරක අනතුරු සිදු කිරීම් ආදියයි. සමාජයට අගතිගාමී මේ විනාශකාරී ක්‍රීඩාවන්ට එරෙහිව නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාද තිබෙනවා.

බුදුදහමට අනුව තමන්ගේ විමුක්තිය සාදා ගත යුත්තේ තමන් විසින්මය.

විද්‍යාව, තාක්ෂණය, කෙතරම් දියුණු වුවත්, තමන් විසින් නිසි මාර්ගය අවබෝධ කර ගත යුතුය.

වත්මන් සමාජයට සිදුව ඇත්තේ විද්‍යාව තාක්ෂණය හා සදාචාරය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කර නොගැනීමයි.

සියල්ල ගුණ දහමට අනුව සිදුවිය යුතු බව ඇතැම් දෙනාට අවබෝධයක් නැහැ. වර්තමාන ලෝකයේ දියුණුව ලෙස සලකන්නේ විද්‍යාව හා තාක්ෂණයේ ඇතිව තිබෙන භෞතික දියුණුවයි. විද්‍යාත්මක නිමැවුමක් ලෙසින් අප සලකනු ලබන්නේ නව නිර්මාණයක් හෝ නිෂ්පාදනයක් යළි පළමු තත්ත්වයට පත් කළ හැකි නම් පමණයි. උදාහරණයක් ලෙසින් සලකන්නේ නම් මිනිස් ජීවිත විනාශ කරනු ලබන ද්‍රව්‍යයක් විද්‍යාත්මක ලෙසින් සලකනු ලබන්නේ එය නිශ්ක්‍රීය කිරීමට හැකියාවක් ඇත්නම් පමණයි.

විද්‍යාත්මක යන වචනයෙන්ම පැහැදිලි වන්නේ යම් නිෂ්පාදනයක් ඒ කොටස් කර පෙන්වීමට නැත්නම් නිශ්ක්‍රීය තත්ත්වයට පත් කිරීමට හැකියාව ඇති බවයි.

තාක්ෂණය යනුවෙන් අප හඳුන්වන්නේ විද්‍යාත්මකව නිපදවා ගත් එම උපකරණ, නිර්මාණ, ක්‍රියාකිරීමේ හැකියාවයි.

විද්‍යාවේ දියුණුවෙන් පෑන නිර්මාණය වී තිබෙනවා. එහි තාක්ෂණය පෑන ක්‍රියා කරවීමේ හැකියාවයි.

අප සැමට විද්‍යාත්මක දැනුම නැතත් තාක්ෂණික දැනුම තිබිය යුතුයි. යම් වාහනයක් නිපදවීමට අපට හැකියාවක් නැතත් එම වාහනය පැදවීමට අපට හැකියාව තිබේනම් අප එහි තාක්ෂණය දැනගෙන ඇති බව පැහැදිලියි.

විද්‍යාවත්, තාක්ෂණයත් ජනතාවට හිතකාමී ලෙස යොදා ගන්නේ කෙසේද? අනන්‍යන්ට යුතුකම් ඉටු කිරීමට එය යොදා ගන්නේ කෙසේද? විද්‍යාව හා තාක්ෂණය මිනිසාගේ යහපතට සමාජීය යහපතට යොදා ගන්නවානම් අප මුලින් සඳහන් කළ පරිදි යම් භාණ්ඩයක් නිපදවීම පමණක් නොව එය යළි මුල් තත්ත්වයට පත් කරලීම දැන ගැනීම අවශ්‍ය වනවා. එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමත් දැන ගතහොත් පමණක් සමාජීය යහපතට එය යොදා ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස යම් අයකු බෝම්බයක් නිෂ්පාදනය කිරීමටත් එය භාවිතා කිරීමේ තාක්ෂණයත් පමණක ් දැනගතහොත් සිදුවන්නේ විනාශයක්ම පමණයි. එහෙත් යම් අයකු එය නිශ්ක්‍රීය කරන අයුරුත් දැනගතහොත් එයින් සමාජීය අයහපත වළක්වාගත හැකිවනවා. තාක්ෂණයත් නිවැරැදිව භාවිතා කළ යුතුවනවා. විද්‍යාවේ දියුණුවෙන් විදුලිය බලය අපට ලැබී තිබෙනවා. එම විදුලිය නිසි පරිදි සුදුසු පරිදි භාවිතා කිරීම තාක්ෂණය යි. නමුත් විදුලිය නිසි පරිදි භාවිතා නොකළහොත් එමගින්ද විපත්තියක් ඇතිවීමට පුළුවන්.

බුදුදහම සැම විටම තාක්ෂණය විද්‍යාව අගය කරන්නේ එයින් සමාජයට යහපතක් වන්නේ නම් පමණයි.

බුදු දහමට අනුව සතර මහා භූතයන්ගෙන් හටගත් සියල්ල අනිත්‍යයි. මේ අනුව අපට ඉතා පැහැදිලි වන්නේ නූතන තාක්ෂණය හා විද්‍යාව මිනිසාගේ දියුණුවට හේතුවන ආකාරයට යොදා ගැනීම මිනිසාම සතු කාර්යයක් බවයි.

දූ දරුවන්ගේ ගුණනැණ නුවණ වඩවන කටයුතු සඳහාද විද්‍යාව හා තාක්ෂණය යොදා ගත යුත්තේත් එම අවබෝධයෙන් බව සිතා ගත යුතුය.

වත්මන් දූ දරුවන් සියලු දෙනාම විද්‍යාව හා තාක්ෂණය සමඟින් අධ්‍යාපන කටයුතු කරන්නේ.

මීට හොඳම උදාහරණය පරිගණකයයි. පරිගණකයක් දැනගෙන සුදුසු පරිදි භාවිතා කළහොත් එයින් මහත්ඵල ලබා ගැනීමට පුළුවන්.

මේ නිසා දරුවන්ට විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව නිසි දැනුම ලබාදිය යුත්තේ සදාචාරයට ගුණධර්මයන්ට හානි නොවන ලෙසින්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දරුවන් 70% කට පමණ පරිගණක දැනුම තිබෙනවා. වසර 2000 දී පමණ එය පැවැතියේ 5% ක් පමණ වූ ප්‍රතිශතයකයි.

අපට පැන නැඟී ඇති ප්‍රශ්නය මෙය නොවේ. අපේ දූ දරුවන් නිසි දැනුමකින් යුක්තව ගුණධර්මයන්ට අනුව පරිගණක පරිහරණය කරන්නේද යන්නයි.

ඇතැම් දූ දරුවන් පරිගණක භාවිතා කරන්නේ පරිගණක ක්‍රීඩා (Game) සඳහා බව හෙළි වී තිබෙනවා. මේ පරිගණක ක්‍රීඩාවන්හි අඩංගු වන්නේ මොනවාද?

බුදු දහමින් ප්‍රතික්ෂේපිත අනෙකා පරයා තමන් ජය ගැනීමයි.

අවි ආයුධ මඟින් අනෙක් අයට හිංසා පීඩා කිරීම්, විනාශ කර දැමීම්, කූට උපක්‍රම,මාරක අනතුරු සිදු කිරීම් ආදියයි.

සමාජයට අගතිගාමී මේ විනාශකාරී ක්‍රීඩාවන්ට එරෙහිව නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාද තිබෙනවා.

“සතුන්ට ආදරය කරන්න” ‘දන්දෙන්න” ,’මෛත්‍රී කරන්න’ ආදිය ක්‍රීඩා ලෙසින් නිර්මාණය කර තිබෙනවා. එසේ වුවත් අපේ දූ දරුවන් එවන් ක්‍රීඩා සඳහා කොතරම් අවධානය යොමු කර තිබෙනවාද? යන්න ගැටලුවක්.

මෙම තත්ත්වය නිසා අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, වැනි ගුණාංග ඔවුන්ගේ සිත් තුළ රඳා පවතින්නේ නැහැ. සැම විටම කුමන ක්‍රමයකින් හෝ තමන් ජය ගැනීම පමණයි ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ. එසේ නොමැතිව ජය පැරදුම සම සිතින් පිළිගැනීමට ඔවුන්ගේ මනස විවර වන්නේ නැහැ.

බාහිර පරිසරයේදී සෙල්ලම් තුවක්කුවක් පවා දරුවන්ගේ අතට පත් නොකිරීමට අප කටයුතු කළත් පරිගණකය මඟින් සක්‍රීය තුවක්කුවක නිසි ක්‍රියාකාරිත්වය පවා දරුවන්ගේ මනසට ඇතුළු කරනවා.

මේ නිසා ප්‍රායෝගික ලෝකයෙන් දරුවන් ඈත් කළත් විද්‍යාව හා තාක්ෂණය නිසි පරිදි දරුවන්ට ලබා නොදීමෙන් ඔවුන්ගේ සිත් තුළ යහපත් ගුණාංග රඳා පවතින්නේ නැහැ.

මෙය එක් තැනකින් නවතින්නේ නැහැ.මේ දරුවන් රෝගී බවටත් පත්වනවා. එහා මෙහා දුව පැන ක්‍රීඩා කරන දූ දරුවන් එක තැන අසුන් ගෙන සිටීම නිසා ඔවුන් රෝගී වීම සාමාන්‍ය දෙයක්. භික්ෂූන් වහන්සේ පවා පිණ්ඩපාතික වීම නිසා ව්‍යායාම සිදු වුණා. නමුත් පරිගණකය මෙන්ම අපගේ කාර්යයන් පහසු කරනු ලබන උපකරණ අප භාවිතා කළ යුත්තේ සමාජ යහපතට, මෙන්ම තමන්ටද හානි නොවන පරිදි සාරධර්මවලට අනුකූලවයි.

එපමණක් නොවේ පරිගණකයන් සමඟ කටයුතු කිරීමේදී අන්තර්ජාලය හරහා කිසිදු ආකාරයකින් නොදන්නා නොහඳුනන පිරිස් හමුවනවා. ඔවුන්ගෙන් අපට සිදුවන හානිය ගැන අප දන්නේ නැහැ. එමෙන්ම නිදිවර්ජිතව සිටීමෙන් අලස කුසීත පුද්ගලයන් බවට ඔවුන් පත්වනවා.

අලසයන්ට අත්වන තත්ත්වය බුදු දහමේ පරාභව සූත්‍රයේ පැහැදිලිව දක්වා තිබෙනවා.

ඔවුන්ගේ පිරිහීම සිදුවන ආකාරය ඉතා පැහැදිලියි. මේ තත්ත්වය වඩාත් වර්ධනය වන්නේ මව පියා විදේශගතව සිටින විටයි. ඔවුන්ට තම දරුවන්ට ආදරය කරන්න ආකාරයක් නැහැ.

දරුවන් ඉල්ලන දේ ලබාදීමටයි ඔවුන් පියවර ගන්නේ.

එහිදී පරිගණකයක්, ජංගම දුරකථනයක් මේ ඕනෑම දෙයක් ලබාදීමට නැත්නම් එතෙර සිටම ඕනෑම පරිගණක ක්‍රීඩාවක් තම දරුවන් වෙත යොමු කිරීමට ඔවුන් කටයුතු කරනවා.

නමුත් දෙමව්පියන් බලාපොරොත්තු වන ආකාරයට ගුණ දහමින් පුරුදු දරුවන් වෙනුවට බිහිවන්නේ සමාජයට හානිකර මනස විකෘති වූ පුද්ගලයන් . අද අන්තර්ජාලය හරහා විවිධ අපචාර කරන තත්ත්වයට සමාජය පිරිහෙමින් පවතිනවා. අනෙක් අයට නොදැනෙන සේ හඬ පටිගත කරීම් ඡායාරූප ලබාගැනීමේ මෙන්ම වීඩියෝ පටිගත කිරීම පවා සිදු කළ හැකි වෙනවා.

මේ තත්ත්වය යටතේ සියලුම දූ දරුවන් සෑම විටම දහමට අනුකූලව තම ඇඳුම් පැලඳුම් සකසා ගැනීමත් ක්‍රියාකාරකම් සිදු කිරීමත් ඉතාම වැදගත් වනවා.

මේ සියලු කරුණු සලකා බලනවිට අපට පැහැදිලිව තේරුම් ගත හැක්කේ විද්‍යාව හා තාක්ෂණය අපගේ යහපතට යොමු කර ගත යුත්තේ සාරධර්ම අනුවම යමින් බවයි.

එසේ නොමැතිව ඩයිනමයිට් විනාශකාරි ක්‍රියාවකට යොමු කර ගන්නවා සේ අයහපතට විද්‍යාවත් තාක්ෂණයත් භාවිතා කළහොත් එහි විපාකය සමස්ත ජනයාටම බව තේරුම් ගත යුතුය.

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 01.59 ට ලබයි. 27 වැනිදා ඉරිදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 26 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය
අගෝස්තු 04 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]