UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර

2014 ජූලි මස විසිහත්වෙනි දින (27) ඉරිදා පෙරවරු අටට වයඹ දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව්දේවාලයන් ප්‍රධානකොට ඇති සියලු විහාර දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවා මහනුවර ඇසළ මහ පෙරහර ආරම්භ කෙරේ.

මහනුවර ඇසළ මහ පෙරහර 2014 පිළිබඳ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත් කර ඇත.

කුඹල් පෙරහර

රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අගෝස්තු මස 01 දින, කිවි දින සම්මත වේලාවෙන් අපරභාග 05 පසුවී විනාඩි 45 ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණි පසුව, රාත්‍රී 07 පසුවී විනාඩි 50ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔසේසේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේව වීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 02 වන දින, ශනි දින රාත්‍රී 07 පසුවී විනාඩි 32 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 03 වන දින, ඉරු දින රාත්‍රී 06 පසුවී විනාඩි 50 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වොඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), ඊ.එල්. සේනානයක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 04 වන දින, සඳු දින රාත්‍රී 07 පසුවී විනාඩි 15 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඊ.එල්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය), ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 05 වන දින, කුජ දින රාත්‍රී 07 පසුවී විනාඩි 48 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

රන්දෝලි පෙරහර

අගෝස්තු මස 06 වැනි දින, බුද දින රාත්‍රී 06 පසු වී විනාඩි 14 ට දකුණු දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 06 පසුවී විනාඩි 42 ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රී 07 පසුවී විනාඩි 10 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට පැමිණ දේවවීදිය කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), ඊ.එල්.සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය), හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 07 වන දින, ගුරු දින රාත්‍රී 06 පසුවී විනාඩි 56 ට වයඹ දිශාභිමුඛව දළදා වීදියෙන් (වොඩ්වීදිය) පෙරහර පිටත්ව ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 08 වන දින, කිවි දින රාත්‍රී 07 පසුවී විනාඩි 50 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ.එල්.සේනානායක (කොටුගොඩැල්ල වීදිය), කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 09 වන දින, ශනි දින රාත්‍රී 06 පසුවී විනාඩි 54 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානයක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළවිටත් ගෙවදීම.

අගෝස්තු මස 10 වන දින ඉරු දින රාත්‍රී 08 පසුවී විනාඩි 19 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය), ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

දියකැපුම් පෙරහර

2014 අගෝස්තු මස 10 වන ඉරු දින රාත්‍රී 01 පසුවී 07 ට වයඹ දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීමද,

දවල් පෙරහර

2014 අගෝස්තු මස 11 වැනි දින සඳු දින දවල් 12 පසුවී විනාඩි 54 ට උතුරු දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය, (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදියේ), මංසන්ධියට පැමිණ එදින සවස 03 පසුවී විනාඩි 15 ට උතුරු දිශාභිමුඛව (ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර කැටුව, ඩී.එස්.සේනායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), පන්සල පාර, ඔස්සේ දේව වීදියෙන්, රජ වීදියට හැරි මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට සවස 05 පසුවී විනාඩි 12 ට උතුරු බලා ගෙවදීම ශුභ වේ. කේ. බණ්ඩාරනායක

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 01.59 ට ලබයි. 27 වැනිදා ඉරිදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 26 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය
අගෝස්තු 04 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]