UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අත්තනගල්ල ශ්‍රී පතිරාජ පිරිවෙන

අත්තනගල්ල ශ්‍රී පතිරාජ පිරිවෙන

2014 වසරේ පැවැති ගම්පහ දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා සහ සාහිත්‍ය තරගයෙන් ශ්‍රී පතිරාජ පිරිවෙන ප්‍රථමස්ථාන රැසක් හිමිකර ගනී


ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අත්නගල්ල රජ මහා විහාරස්ථානයේ ශ්‍රී පතිරාජ පිරිවෙන 2011 සැප්තැම්බර් 22වැනි දා අත්තනගල්ල රජ මහා විහාරාධිපති, මල්වතු මහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් ආරම්භ කරන ලදී.

සම්බුදුසසුනේ චිරපැවැත්ම සහ අභිවෘද්ධිය පතා නවක භික්ෂූන් වහන්සේ ධර්ම, විනය ධර, සුපේෂල, ශික්ෂාකාමී ශාසන ලයැති දැන උගත් භික්ෂු පිරිසක් වශයෙන් තැනීම, පුහුණු කිරීම සහ දෙස් විදෙස් රටවල ධර්ම ප්‍රචාරයට යොමු කර වීමේ අරමුණින් ශ්‍රී පතිරාජ පිරිවෙන අරඹන ලදැයි එහි කෘත්‍යාධිකාරී ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ පවසති.

සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂා අධ්‍යයනයට මුල්තැනක් දී ඉංගී‍්‍රසි, දමිළ, චීන හා ජපන් ආදී භාෂා ඉගැන්වීමටත්, බෞද්ධ දර්ශනය සංස්කෘතිය හා බෞද්ධ ඉතිහාසය මෙන්ම තුලනාත්මක ආගම් හා දර්ශන පිළිබඳව ද මනා අවබෝධයක් ලබා දෙමින් ශාසනයේ චිරජීවනයටත්, විදේශීය රටවල බෞද්ධ දර්ශනය ව්‍යාප්තියට ගැළපෙන පරිදි දැන උගත් ආදර්ශ සම්පන්න භික්ෂු පිරිසක් බිහි කිරීමේ අරමුණින් පැවිදි සිසුන් දාහතර දෙනෙකුගෙන් අරඹන ලද ශ්‍රී පතිරාජ පිරිවෙන මූලික පිරිවෙනක් ලෙස ගතවූ දෙවසර තුළ විශිෂ්ට ප්‍රතිඵල හිමිකර ගැනීමට සමත් වී ඇත. මේ වන විට හැත්තෑවකට අධික සාමණේරයන් වහන්සේ එහි අධ්‍යාපනය ලබති.

පිරිත් දේශනාවක දී පිරිත් පේ කිරීම පිරිත පිරීම, ධර්ම දේශනා, බෝධි පූජා ආදී ආගමික කටයුතු පිළිබඳ මනා ප්‍රායෝගික පුහුණුවක් එම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වෙත ලබාදීම නිසාම ආගමික කටයුතු කිරීමට දක්ෂ සාමණේරයන් වහන්සේලා රැසක් දැනටමත් පතිරාජ පිරිවෙනින් බිහි වී ඇත.

පරිවෙණාධිපති හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත එබඳු දක්ෂ ශිෂ්‍ය හිමිවරුන් දායාද කර ඇති අතර දිනපතා එම සාමණේරයන් වහන්සේලා ආගමික වත් පිළිවෙතෙහි යෙදෙන අයුරු දකින බලන සැදැහැවතුන්ගේ සිත් ප්‍රසාදයට පත් කරවයි.

දඹදෙණි යුගයේ දී පරාක්‍රමබාහු රජතුමාගේ නියමයෙන් ශ්‍රී දේව පතිරාජ ඇමැතිතුමන් විසින් පතිරාජ පිරිවෙනක් අත්තනගල්ලේ ආරම්භ කර අනවමදර්ශී හිමියන් වෙත පුදන ලද බව සඳහන් වේ.

කාලයාගේ ඇවෑමෙන් පෘතුගීසී ආක්‍රමණ නිසා අභාවයට පත් එම පිරිවෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම කාලෝචිත යුග මෙහෙවරක් වනු ඇත. අත්තනගල්ලේ රජමහා විහාරාධිපති පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් ආගමික, ජාතික හා සාමාජික වශයෙන් සුවිශාල මෙහෙවරක් සිදුකරන ලබන සංඝ පීතෘන්වහන්සේ නමකි.

විදේශීය දානපතීන්ගේ සහායෙන් පිරිවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාර ඇතුළු පිරිවෙන් ශාලා සහ ඊට අවශ්‍ය ගොඩනැගිලි රැසක් පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් විහාරස්ථානයේ ඉදි කරවා ඇත.

දේශීය වශයෙන් සුවිසාල ආගමික හා සාමාජික මෙහෙවරක නිරත වන පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන් විදේශීය වශයෙන් උදාර ආගමික මෙහෙවරකද නිරත වේ.

අත්තනගල්ලේ ශ්‍රී පතිරාජ පිරිවෙන ආරම්භ කිරීමේ අරමුණු සාර්ථක කරමින් 2013 වසරේ අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයෙන් ප්‍රථම ස්ථාන තුනක් සහ තෙවන ස්ථානය එකක් ද හිමි කර ගනිමින් ඉන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය එකක් දේශන කුසලතා අංශය (ප්‍රාථමික) ගායනා තෙවන ස්ථානය එකක් ද හිමි කර ගැනීමට සමත් වූහ.

2013 ශ්‍රී පතිරාජ පිරිවෙන මගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා පෙනී සිටිමින් ඉහළ සාමාර්ථයන් ඇතිව සමත් වී ඇති අතර මිහිඳුපුර සුජීව හිමියන් සමස්ත ලංකාවෙන් වැඩිම ලකුණුලාභීන් අතර තෙවන ස්ථානය හිමිකර ගෙන ඇත. උන්වහන්සේ දින කීපයක කොරියානු සංචාරයක් සඳහා ද සුදුසුකම් ලබා ඇත.

2014 පවත්වන ලද අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යය තරගයෙන් අත්තනගල්ලේ ශ්‍රී පතිරාජ පිරිවෙන ප්‍රථම ස්ථාන හතක් හා දෙවන ස්ථාන දෙකක් ද, තෙවන ස්ථාන එකක් ද ලබා ගනිමින් ගම්පහ දිසාවේ මූලික පිරිවෙන් අතර ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත.

එසේ සමත් වූ ස්වාමීන් වහන්සේලා මෙසේ ය.

2013 පිරිවෙන් අවසාන විභාගයෙන් සමත් වූ කළුන්දෑවේ බෝධි හිමි, මිහිඳු පුර සුජීව හිමි (වැඩිම ලකුණුලාභීන්ගෙන් තෙවන ස්ථානය)

2014 ගම්පහ දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයෙන්

අම්පාරේ සුමන හිමි, ප්‍රාථමික දේශන කුසලතා, පළමුවන ස්ථානය.

කළුන්දෑවේ ධම්මරතන හිමි, ප්‍රාථමික ධර්ම දේශනා පළමු වන ස්ථානය.

කළුන්දෑවේ විනීත හිමි, ප්‍රාථමික සිංහල කථික පළමු වන ස්ථානය.

මැටිකොටුවේ සමිතරතන හිමි, පූර්ව ප්‍රාථමික සිංහල අත්අකුරු පළමුවන ස්ථානය.

කළුන්දෑවේ සුදත්ත හිමි, පූර්ව ප්‍රාථමික බෞද්ධ චිත්‍ර පළමු වන ස්ථානය.

අමිතිරිගල සුමේධ හිමි, පූර්ව ප්‍රාථමික දෙමළ කථික පළමුවන ස්ථානය.

කළුන්දෑවේ විපස්සී හිමි, පූර්ව ප්‍රාථමික ගායනා පළමුවන ස්ථානය.

සිද්ධමුල්ලේ සෝමරතන හිමි, ප්‍රාථමික ගායනා දෙවන ස්ථානය.

කඹුරුපිටියේ චන්දවිමල හිමි, පූර්ව ප්‍රාථමික දේශන කුසලතා දෙවන ස්ථානය.

මැටිකොටුවේ සමිතරතන හිමි, පූර්ව ප්‍රාථමික ධර්ම දේශනා, තෙවන ස්ථානය.

ශ්‍රී පතිරාජ පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත ඉහළ ලෙනගල අමිත හිමියන් සහ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ඇතිලිවැවේ අනුරුද්ධ හිමියන් (නේවාසිකාගාර විනය පාලක) ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ කැපවීම හා උත්සාහය ද අගය කළ යුතු ය.

පාරිවේණික ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ දක්ෂතා ඇගැයීමේ හා සමස්ත ශිෂ්‍යයන් දිරිගැන්වීම සඳහාත් ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 2වන දා අත්තනගල්ල රාජ මහා විහාරස්ථ ශ්‍රී පතිරාජ පිරිවෙනේ දී පැවැත්වේ. පතිරාජ පිරිවෙන් පාලක සභාව, සනාතන සභාව හා සංවර්ධන සභාවේ ක්‍රියාකාරීත්වය ද කෘතවේදීව සිහිපත් කරමු.

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 01.59 ට ලබයි. 27 වැනිදා ඉරිදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 26 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය
අගෝස්තු 04 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]