UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ නමකට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. අවු. 26 ට වැඩි 60 ට අඩු නිරෝගි පරිත්‍යාගශීලියෙකුගේ සහය පතයි. වැඩි විස්තර 071- 8106223 දුරකතනයෙන් විමසිය හැක.


ඔරුගොඩවත්ත, අවිස්සාවේල්ල පාර, අංක 93/98 හි පදිංචි කොළඹ අසෝක විදුහලේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරන ගිමල් මධුරංග නමැති දරුවාගේ පිට කොන්දේ කශේරුකාව දියවෙමින් පවතී. කොඳු ඇටපෙළ ඇද වී ඉදිරියට නෙරා ඇවිත් ඇති හෙයින්, එම සැත්කම කිරීම සඳහා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුක්ෂාන් සූරියආරච්චි මහතා දන්වා ඇත්තේ ඒ සඳහා විශාල මුදලක් වැයවන බවයි. එම මුදල සොයා ගැනීමට අමාරු බැවින් මේ සඳහා ආධාරයක් බලාපොරාත්තු වෙයි. ඔහුගේ පියා කුලී රියදුරෙකු හෙයින් ආර්ථික දුෂ්කරතා තිබෙන අතර ඔහුගේ සොහොයුරා මන්ද බුද්ධික දරුවෙකි. ඔබගේ ආධාර කොමර්ෂල් බැංකුව, ගිණුම් අංක 8113015141 (දෙමටගොඩ ශාඛාව), මහජන බැංකුව, ගිණුම් අංක 126200160000867 (ග්‍රෑන්ඩ්පාස් ශාඛාව), කොමර්ෂල් බැංකුව ගිණුම් අංක 8113011937 (දෙමටගොඩ ශාඛාව) මුදල් බැරකළ හැක. වැඩි විස්තර දුරකථන 0766482325, 0720554050 විමසිය

 හැක.


නිවිතිගල, වත්තහේන හි පදිංචි එච්.කේ. වසන්ති (27) දැනට කොළඹ මහ රෝහලේ වකුගඩු සැත්කමක් සඳහා ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඇයට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඇයගේ ප්‍රතිකාර සඳහා පරිත්‍යාගශීලින්ගේ සහායද අපේක්ෂා කරයි. බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ 72200280 ගිණුමට ආධාර බැරකළ හැකිය. වැඩි විස්තර 071- 3611731 විමසිය හැක.


කැකිරාව, මලව හි පදිංචි ශිරාන් මල්ලවආරච්චි අවු (15) දරුවා වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය යි. එම දරුවාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාරද බලාපොරොත්තු වේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කැකිරාව ශාඛාවේ (විනීතා රණසිංහ නමින් ඇති) ගිණුම් අංක 100140152706 දරන ගිණුමට මුදල් බැරකළ හැක. වැඩි විස්තර 0728437225 විමසිය හැක.


අවුරුදු 14 වයසැති කැල්වින් ඇන්ඩ්සන් දරුවා අවුරුදු 7 දී දෑසම නොපෙනී ගිය අතර 2013 සිට පිටකොන්ද කශේරුකාව ඇද වීමේ (ස්කෝලියෝසිස්) රෝගයට ගොදුරු වී ඇත. ඔහුට සැත්කමක් කළයුතු අතර එම සැත්කම චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ කළයුතු බව වෛද්‍යවරු දන්වා ඇත. ඔහුට ආධාර කිරීමට කැමැති අයෙකු වේ නම් බෝකුන්දර කොමර්ෂල් බැංකුවේ 8770012234 ගිණුමට මුදල් බැරකළ හැකිය.


කැලණිය, දළුගම, පදිංචි (56) බී.ටී. සිසිර විතානගේ මහතාට ‘ඕ පොසිටිව් හෝ බී පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත.

රෝගී තත්ත්වය නිසා මහත් අපහසුතාවයකින් සිටින ඔහුට වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලි අයෙකු සිටීනම් 0773064660 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.


ඉංගිරිය හම්බපාත පාසල් මාවතේ පදිංචි ජී. ඩබ්. දීපාල් සිරිනාග (47) වකුගඩුවක් බද්ධ කිරීමක් සිදු කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ වකුගඩු ශල්‍ය වෛද්‍ය ඒ.එල්.එම්. නෂාර් මහතා නිර්දේශ කර ඇත. මොහුගේ ජීවිතය බේරා ගැනීමට පරිත්‍යාගශීලි පින්වතෙකු වේ නම් දුරකතන අංක 0779896245, 0713663131 අමතා වැඩි විස්තර විමසිය හැක.

හසලක, රත්නඇල්ල, දඹලවැල්ගොල්ල, අංක 26 හි පදිංචි ඩී.එම්. නීලාවතී අවු (46) හෘදරෝගි තත්ත්වයකට පත්ව ඇත. මේ සඳහා ඉතා ඉක්මණින් ශල්‍ය කර්මයක් කළයුතු බව වෛද්‍ය නිර්දේශය යි.

මේ සඳහා විශාල මුදලක් වැයවන බැවින් පිහිට වන ලෙස ඉල්ලීමක් කරයි. ඔබගේ මුදල් මහජන බැංකුව හසලක ශාඛාවේ ගිණුම් අංක 140200140004914 බැරකළ හැක. වැඩි විස්තර 0725988546 විමසිය හැක.


මහගම, අරඹකන්දේ පදිංචි පී. චන්ද්‍රා කුසුම්සිරි මිය අසාධ්‍යය වකුගඩු රෝගයෙන් පෙළෙයි. මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා ඇගේ ජීවිතය බේරා ගැනීමට ‘ඒ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වා ඇත.ඒ සඳහා උපකාර කරන ලෙස ඉල්ලා සිටින අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් බුලත්සිංහල ලංකා බැංකුවේ ගිණුම් අංක 75633317 ඔබේ මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර 0343340135, 0713507433 විමසිය හැක.


පන්නිපිටියේ පදිංචි බී. ඇල්විටිගල මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අතර විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා දන්වා ඇත්තේ වකුගඩුවක් බද්ධ කරන ලෙසයි. ඒ සඳහා ඔබගේ ආධාරය පතන අතර ‘ඕ පොසිටිව්’ වකුගඩුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුරකතන 0721334622 විමසිය හැක.


පන්නිපිටිය හෝකන්දර පාර අංක 1412/ 1 ඒ හි පදිංචි කේ. සී. ඥානවතී යන අය හෘද රෝගයකින් පෙළෙන බවත්, ඒ සඳහා සැත්කමක් කළයුතු බවත් ශල්‍ය වෛද්‍ය විවේක් ගුප්තා මහතා නිගමනය කර ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඇය ඔබගේ ආධාර පතයි. කොට්ටාව කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8121026687 මුදල් බැරකළ හැකියි. වැඩි විස්තර 0716127149 දුරකතනයෙන් විමසිය හැක.


මරදන්කඩවල, තෝනිගල හි පදිංචි පී. සේනානායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහු සුවපත්කර ගැනීම සඳහා ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර 0776913962, 0712350307, 0252265346 විමසිය හැක.


28/බී, සංඝමිත්තා මාවත, මුඟුරුගම්පල, මීරිගම පදිංචි (36) එස්. සමන් රූපසිංහ මහතා පෙනහැල්ලේ පිළිකාවක් සෑදී මහරගම රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටී. වෘත්තියෙන් කරණවෑමියෙකු වන මොහු දෙදරු පියෙකි. රැකියාවෙන් හැර ඔවුනට වෙනත් ආදායම් මාර්ගයක් නොමැත. මේ වන විට ඔවුන් ඉතා දැඩි අසරණ තත්ත්වයට පත් වී ඇති අතර මීරිගම මහජන බැංකුවේ 198 – 2 – 001 – 1 – 4465946 (එස්.සමන් රූපසිංහ) දරන ගිණුම් අංකයට ඔබගේ ආධාර බැර කළ හැකිය. වැඩි විස්තර සඳහා 077 9867787, 071 5966111 යන දුරකථන අංකයෙන් විමසිය හැකි ය.


තංගල්ල නෝටොල්පිටියේ පදිංචි චන්ද්‍රා ලලිත් ජයවීර යන අයගේ ආමාශයේ දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ශල්‍ය කර්මයකට ද භාජනය කර ඇත. ඔහුගේ ඖෂධ සඳහා විශාල මුදලක් වැය වන බැවින් පාසල් යන දරැවන් තිදෙනෙකුගේ පියෙකු වන බැවින් ද ඔහුගේ ප්‍රතිකාර සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කරයි. ඔබගේ පරිත්‍යාග ලංකා බැංකුවේ තංගල්ල ශාඛාවේ ගිණුම් අංක 3407587 බැර ලෙසද වැඩිදුර විස්තර 071 7591159 දැනගත හැක.


මල්වාන, යබරලුව උතුර අංක 186/එෆ් /2 පදිංචි කේ.ටී. ජයන්ත ද. සිල්වා මහතා අක්මා රෝගයකින් පෙළෙන බැවින් ඔහුට දිගු කාලීනව ඖෂධ ලබා ගැනීමට වෛද්‍යවරු නියම කර ඇති බැවින් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ඔහු ඔබගේ ආධාර පතයි. කඩුවෙල කොමර්ෂල් බැංකුව ගිණුම් අංක 8420014070 මුදල් බැර කළ හැක.


ඉඹුල්ගොඩ, අමුණුගොඩ අංක 180/2/එල් හි පදිංචි එච්.එම්. සුදර්ශන චන්ද්‍රසිරි මහතා හෘදයාබාධයකින් පෙළෙන බැවින් සැත්කමක් සඳහා ආධාර පතයි. කිරිඇල්ල මහජන බැංකුවේ ගිණුම් අංක 273200128064938 ගිණුමට මුදල් බැර කළ හැක. වැඩි විස්තර 0776206008 දැනගත හැක.


අකුරැස්ස, ඌරුමුත්ත, කෙහෙල්වෙල, දික්වැල්ලහේනහි පදිංචි පාසල් සිසුවකු වන රෝහණ ලක්ජය ලංකා රාමනායක දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් වකුගඩුවක් ලබාදීමට කැමති පරිත්‍යාගශීලීයකු වෙතොත් දුරකථන 071 8917220, 077 5537905 දන්වන ලෙසද, මුදල් ලබාදීමට කැමති පරිත්‍යාගශීලීන් වෙතොත් අකුරැස්ස කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8350011474 ගිණුමට මුදල් බැර කරන ලෙසත් ඉල්ලීමක් කරයි.


මත්තේගොඩ, මත්තේගොඩ නිවාස අංක 3- සී / 109 හි පදිංචි යූ. කේ. ජී සුමනරත්න දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව නිර්දේශ කර ඇත. ඔහුට වකුගඩුවක් ලබාදෙන ලෙසද මුදලින් ආධාර හෝමාගම ලංකා බැංකුව ගිණුම් අංක 71906539 ලබාදෙන ලෙසද, වැඩි විස්තර 0713687676, 071 9509285 විමසිය හැක.

 

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]