UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර මහාවිහාරය

පෙරවරු 6.00 පෙහෙවස් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, දර්ශනපති අරුණ කීර්ති ගමගේ මහතා. 10.30 බුද්ධ පූජාව, දහවල් 12.00 ජාතක කතාව පස්වරු 1.00 ධර්ම දේශනාව රැළපනාවේ ධම්මජෝති නාහිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රවේදී නෙවිල් ගුරුගේ මහතා, 03.45 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 04.45 බෝධි පූජාව පණ්ඩිත කෙහෙල්වල රේවත හිමි.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය අමුහේන්කන්දේ නන්දහිමි, 10.30 – 11.00 දහවල් බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12.15 – 12.45 ට බුද්ධානුස්සති භාවනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ධර්ම දේශනය තලල්ලේ ධම්මදේව හිමි, 3.30 – 4.30 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය කෙසෙල්පොත සුමනවංශ හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ට රාත්‍රී ධර්ම දේශනය පටිගත කරන ලද දේශනයක් ඇසළ පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 9 සිට 2 දක්වා ලේ දන්දීමේ මහා පින්කම පැවැත් වේ.

බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත වටගෙදර විමලබුද්ධි අනුනායක හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව ගලගම ශාන්තජීව හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව, ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විසාරද හිමි, 12.30 – 01.30 සෙත් පිරිත් කඹුරුගමුවේ මහානාග හිමි, පස්වරු 01.30 – 02.45 ධර්ම සාකච්ඡාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 03.00 – 04.00 ධර්මානුශාසනාව වල්පොල ගෝතම හිමි, 04.00 – 05.00 ධර්මානුශාසනාව මීගොඩ සුඛිත හිමි, 05.00 – 06.00 ධර්මානුශාසනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 06.00 – 06.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම වාසි ස්වාමීන් වහන්සේලා.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

ඇසළ පුන් පොහෝදින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලැබේ. පෙරවරු 8.00 - 9.00 ධර්මදේශනාව දොඩම්පහල කුමාර කස්සප හිමි 9.30 – 10.30 ධර්ම දේශනාව මැලැව්වේ කල්පාණධම්ම හිමි පෙ.ව. 11.00 දහවල් බුද්ධ පූජාවෙන් පස්වරු 12.30 – 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 5.00 භාවනා පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල්පවාරණය සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් වහන්සේ පවත්වනු ලබයි. මෙම පසළොස්වක පොහොය දිනයෙහිදිද සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

අලුයම 05.30 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම. පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර පූජාව බොරලන්දේ වජිරඤාණ හිමි, 6.00 – 7.15 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බොරලන්දේ වජිරඥාණ හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව නෙළුවාකන්දේ ඥාණානන්ද හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ධම්සභා මණ්ඩපය රදාවඩුන්නේ ඥානවිමල හිමි කථිකාචාර්ය ආචාර්ය සේනාරත්න කාරියවසම් මහතා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 5.30 – 6.00 සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.

මොරටුව හොරේතුඩුව

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම, වැලිගම අනුරුද්ධ හිමි, 8.00 ධර්ම දේශනාව පිටකෝට්ටේ ආනන්ද හිමි, 9.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනාව මහියංගනයේ විශාකා ධම්මශීලා මෙහෙණින් වහන්සේ, පස්වරු 1.00 සාමූහික පිරිත් දේශනාව (ධම්මචක්ක සූත්‍රය ඇතුළුව), 03.30 ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි, 05.00 වස් ආරාධනා කිරීම, 6.30 මහා බෝධි පූජාව.

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඇසළ පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ.
එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. උදේ ධර්මදේශනාව ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විසින් කිරිවෙහෙර චෛත්‍ය මලුවේ දී සිදු කරනු ලැබේ. සවස ධර්මදේශනාව.
ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ

කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව ගැටඅරළුවේ විපුලධම්ම හිමි, 7.30 – 9.45 භාවනාව සහ ධර්ම දේශනය ගම්පහ සිරිසීවලී හිමි, 10.00 – 11.30 ධර්ම දේශනය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි.
3.30 – 4.30 ධර්ම දේශනය, කළුතර හැඩිගල්ලේ චන්ද්‍රාලෝක හිමි, 4.45 – 7.00 ධර්ම දේශනය කළුතර අරියධම්ම හිමි, 7.05 – 7.50 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගත කළ එකකි), 8.00 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.



මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණසීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වෙන්නවත්තේ රතනජෝති හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සුමනවංස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම, ආචාර්ය ජයන්ත වත්තෙවිදාන මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය වේරදූවේ මහින්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත තල්පාවිල කුසලඥාණ හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව හඟුරන්කෙත චන්ද්‍රරතන නාහිමි, 10.00 – 11. 00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා 11.00 – 11.15 බුද්ධ පූජාව අනුරාධපුර විරාග හිමි මාතලේ සුනාමිත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්ඛිත මාගම සුජාත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.30 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති කටුගස්තොට ධම්මරතන හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම. පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


කැලණි රජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහ විහාරාධිපති, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත, කණුගල පඤ්ඤාලංකාර හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය 2.00 – 3.00 වෛද්‍ය විද්‍යා දේශනය විශේෂඥ වෛද්‍ය ශ්‍යාමා සුභසිංහ මහත්මිය, 3.00 – 4.00 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත ලේල්වල අරියධම්ම හිමි ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ සීල භාවනා සමිතිය. 4.00 – 5.00 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, 5.00 – 6.00 වස් ආරාධනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ සීල භාවනා සමිතිය 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව දෙමටපිටියේ මධුරවංස හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති පන්නල ඥානාලෝක හිමි.

හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව වලවෙල හේමානන්ද නාහිමි, 7.45 භාවනාව ඇලපිටිවල නන්දවිමල හිමි, 9.00 ධර්ම දේශනාව ගාල්ලේ සුධම්මචාරී දසසිල් මාතාව, 10.00 ධර්ම දේශනය දේවගොඩ පියරතන හිමි, 11.00 දහවල බුද්ධ පූජාව, දහවල් 12.15 වස් ආරාධනාව විහාරවාසී මහා සංඝරත්නයට වාර්ෂිකව වස් වැසීමට ආරාධනා කිරීම, පස්වරු 1.00 ධර්ම දේශනය බුත්කන්දේ රතනජෝති හිමි, 2.30 ධර්ම සාකච්ඡාව හුණූවල පියදස්සී හිමි, 4.00 ධර්මදේශනය වේවැල්දූවේ ධම්මකිත්ති හිමි, 5.00 සිල් පවාරණය, 6.00 අටවිසි බුද්ධ පූජාව විහාරවාසී ස්වාමීන් වහන්සේලා.

තෙලවල – විජයරූපාරාම ධර්මායතනය

අලුයම 05.30 කිරපිඬු දානය සහිත පෙරහර, අලුයම 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදු කිරීම ධර්මායතනාධිපති නායක හිමියන් පෙරවරු 8.30 – 9.30 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 9.30 – 10.30 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩිහාමුදුරුවන් වහන්සේ දම්පහළ ඤාණසුධීර හිමි. පස්වරු 12.30 – 1.30 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 1.30 – 2.00 සක්මන් භාවනාව 2.00 – 3.00 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව කථිකාචාර්ය දම්පහළ රාහුල හිමි, 4.00 – 5.00 මහ පිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන්වහන්සේලා, ප.ව. 5.00 ට සිල් පවාරණය සිදු කිරීම හා අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම ධර්මායතනාධිපති නායක ස්වාමීන් වහන්සේ. බුදුසරණ පත්‍ර බෙදාදීම, දායකත්වය චමිලා පි‍්‍රයදර්ශනී දියණිය,
සවස 7.00 ට දම්පහළ ඤාණසුධීර පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් මංගල ධර්ම දේශනාව පැවැත්වේ. වස් ආරාධනා පින්කම රාත්‍රී 8.00 ට සිදු කෙරේ.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුන


පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 .7.30 තෙරුවන් වන්දනාව 8.15 – 9.30 භාවනාව මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 – 11.00 ධර්මදේශනාව මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනය ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති තල්පත්තුව සද්ධාතිස්ස මාහිමි, 4.00 – 5.00 ධර්මදේශනාව, 5.00 – 6.00 ධර්මදේශනය රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව සහ වස් ආරාධනාව.

මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමය

පෙරවරු 06.15 – 07.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 7.00 – 7.30 උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව, 8.15 – 8.30 ධර්ම පුස්තක පිළිගැන්වීම, 8.30 – 9.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව, පිටිගල ගුණරතන හිමි, 9.30 – 10.45 භාවනාව පිටිගල ගුණරතන හිමි, 10.45 – 11.15 දහවල බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව, පස්වරු 12.30 – 1.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තඹලගමුවේ විසුද්ධි හිමි, හොරේපොල සුගතතිස්ස හිමි, 1.30 – 3.00 විශේෂ ගිහි දේශනය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්. ගුණදාස මහතා, 3.30 – 4.30 ධර්මානුශාසනාව කුරුණෑගල ඉන්දරතන හිමි, 4.30 – 5.30 වස් ආරාධනාව.

මාතර තරුණ බෞද්ධ සමිතිය

සීල සමාදන් කරවීම, පාතේගම සුමනරතන හිමි, සිල් ආවර්ජනාව, කාවින්ද සිරිවර්ධන ශූරීන් විදර්ශනා මාර්ගය බුද්ධ වන්දනාව දෙහිගස්සේ සිරිවිමල හිමි, රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි, සෙවණගල මලිඳු, නෙරලම්පිටියේ දිනිදු, කට්ටකඩුවේ මිලිඳු දෙයියන්දර මිනිදු සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාව ධර්මාචාර්ය නිලන්ත හෙට්ටිගේ ශූරීන් වැලිගම සුගත ධර්ම පත්‍රිකාව සාකච්ඡාව කිවිපති මාර්ටින් ජයවර්ධන ශූරීන්, විශේෂ ධර්ම දේශනාව, හක්මණ මධුරධම්ම හිමි සිල් පවාරණය ධර්මදේශනාව බූකැන්දයායේ ආරියවංශ හිමි, බුදුසරණ පත්‍රය බෙදාදීම, පී.ඒ. ගාමිණී කුලතුංගශූරීන්.

කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.00 සිල්සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනාව හෙන්ඩුවාවේ ධම්මදීප හිමි, 10.30 බුද්ධ පූජාව– ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි පස්වරු 12.30 ධර්ම සාකච්ඡාව , 1.15 ධර්ම දේශනය – අඹගස්පිටියේ සුමනරතන හිමි, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවරාරණය

කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 6.45 – 7.00 බුද්ධ වන්දනාව හා සැදැහැ ගාථා බී.එම්.එස්. බී. බස්නායක මහතා, 7.00 – 7.45 අටසිල් සමාදන් කරවීම බුද්ධ පූජාව ශාස්ත්‍රපති හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමි, 8.30 – 9.00 කෙටි භාවනාව, 9.00 – 10.00 ධර්මානුශාසනාව ආචාර්ය ශාස්ත්‍රවේදී කවුඩුපැලැල්ලේ ඉන්ද්‍රජෝති හිමි, 10.00 – 11.00 බොදු දිවියට සැනසිලි මඟ දේශනයන් එස්.එම්.කේ. සිරිවර්ධන මහතා, පස්වරු 12.30 – 1.00 ධර්ම දේශනය ඇම්.ආර්. මද්දුම බංඩාර මහතා, 2.00 – 3.00 ජීවිතයට බුදු දහම දේශක ශාස්ත්‍රපති එම්.එල්.ඒ. පියසේන මහතා, 3.00 – 4.00 ධර්ම සාකච්ඡාව මහින්ද කරුණාරත්න මහතා, 4.00 – 5.00 සිල් පවාරණය.

දෙහිවල නව පොළොන්නරු ගල්විහාරය

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරස්ථානයේ මෙවර වස් ආරාධනා පින්කම විහාරාධිපති ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහ ආචාර්ය රෝහිණී ද සිල්වා මහත්මියගේ සහ දරුවන්ගේ ප්‍රධානත්වයෙන් සෝමාවතී මෙන්ඩිස් මහත්මියගේ මූලිකත්වයෙන් මෙම පසළොස්වක පොහෝ දා සවස සිදු කෙරේ.
විහාරස්ථානයේ උතුම් ජය ශ්‍රීමහා බෝධි ශාඛාව රෝපණය කර වසර 53ක් සපිරීම නිමිත්තෙන් පිච්චමල් සහ ඖෂධ පූජාවක්ද විශේෂ තෙසැත්තෑඥාණ පූජාවක් ද එදින සවස 5.00 ට කම්මට්ඨානාචාර්ය නුගේගොඩ ශාන්ත බෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා අලුයම 05.30 කිරි ආහාර පූජාව, 6.00 – 7.00 සීල සමාදානය ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඥාණදීප හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 – 10.30 ධර්මදේශනාව වල්පොල ගෝතම හිමි, 10.30 – 11.00 ව්‍යාංජන තිස් දෙකක් සහිත සම්බුදු පූජාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව දොළොස්වළ උදිතධීර හිමි, 3.30 – 4.30 වස් ආරාධනාව, 4.30 – 5.00 සිල් පවාරණය අනුශාසනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.

මාතර ගිරිකන්දරාරාම රජ මහා විහාරය

පෙරවරු 6.00 – 7.30 සීල සමාදානය, මල්, පහන්, ගිලන්පස උදෑසන කිරි ආහාර, බුද්ධ පූජාව යටලමත්තේ විපස්සී හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති බැරගම ඤාණානන්ද හිමි, 9.45 – 10.40 භාවනාව, 11.00 – 11.30 දවල් බුද්ධ පූජාව, පස්වරු 1.00 – 3.00 “ ආරෝග්‍ය පරමා ලාභා” ආයුර්වේද වෛද්‍ය සාකච්ඡාව, 4.00 – 5.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති හල්ගම්පිටියේ සුමනකිත්ති හිමි, 7.00 – 8.00 සත් බුදු වන්දනා පූජාව විල්පිට සමිත හිමි.

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]