UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සංකල්ප විහාරයේ දින සියයක පින්කම්

 සංකල්ප විහාරයේ දින සියයක පින්කම්

පිළියන්දල, මාකන්දන, ශ්‍රී සංකල්ප මහා විහාරස්ථානයේ දී ජූලි 02 වන දින සිට පින්කම් මාලාවක් පැවැත්වේ. ජූලි 02 රාත්‍රී 7 ට අටවිසි ගිලන් පස බුද්ධ පූජා පින්කම සමඟින් දින සියයක පින්කම් මාලාවක් ඇරඹේ. මෙදින සිට දින සියයක් පුරාම රාත්‍රී 7ට එම පින්කම් මාලාව පැවැත්වේ.

ඇසළ පුර පසළොස්වක පෝදා දහසක අධික පිරිසක් සහභාගිවන සීල භාවනා වැඩසටහන පෙරවරු 6ට ආරම්භ වේ. මෙම සිල් වැඩසටහනට කිරම පේ‍්‍රමරතන, මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි, කහපල නන්දරතන, කිංචිගුනේ චන්දවිමල සහ මහවත්තේ කල්‍යාණ ධම්ම යන හිමියන්ගේ ධර්ම දේශනා සහ ශ්‍රී නිමල් පද්ම කුමාරගේ ගිහි දේශනය ඇතුළත් ය. මෙදින රාත්‍රී 7 ට වස් ආරාධනා පින්කම පැවැත්වෙන අතර විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් සංවිධානය කෙරේ.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]