UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඹුරාදෙණිය, ඉල්පැන්දෙණිය ශ්‍රී ධම්මාලෝක දහම් පාසල

කඹුරාදෙණිය, ඉල්පැන්දෙණිය ශ්‍රී ධම්මාලෝක දහම් පාසල


ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය,



දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

ඓතිහාසික කන්ද උඩරට පුරවරයේ කඹුරාදෙණිය ග්‍රාමයේ නෙත්කළු වෙල්යායක් මධ්‍යයේ පිහිටා ඇති ඉල්පැන්දෙණිය රජ මහා විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී ධම්මාලෝක දහම් පාසල ප්‍රදේශයේ දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදෙන මාහැඟි දහම් තක්සලාවකි.

1987 පෙබරවාරි 08 දින මෙම දහම් පාසල ආරම්භකොට ඇත්තේ ප්‍රදේශයේ ගිහි පැවිදි ප්‍රභූවරුන්ගේ පුරෝගාමිත්වයෙනි.

යටිවැල්දෙණියේ ධම්මරක්‍ඛිත නාහිමි, කලාශූරී ශාස්ත්‍රපති පණ්ඩිත එච්.එම්. එස්. තුන්දෙණිය මහතා, එකල කොස්සින්න විද්‍යාලයේ හිටපු විදුහල්පති දෙනුවර බාලදක්‍ෂ කොමසාරිස්, අභයතිස්ස බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් මෙම දහම් පාසල ආරම්භ වී ඇත.

1987 ආරම්භක වර්ෂයේ දී දරුවන් 12 දෙනකුගේ දායකත්වයෙන් යුතුව ශ්‍රී ධම්මාලෝක දහම් පාසල ආරම්භ කර ඇත. අද වන විට ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ දූ දරුවන් 180 ක් දහම් අධ්‍යාපනය ලබයි. මෙහි ආරම්භක ආචාර්ය මණ්ඩලය 06 ක් වූවද වත්මන් ආචාර්ය මණ්ඩලය 15 කගෙන් සමන්විත වේ. උඩුනුවර ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සියලුම දහම් පාසල් අතුරින් 03 වැනි ස්ථානය දිනා ඇත. ශ්‍රී ධම්මාලෝක දහම් පාසල දිස්ත්‍රික් තරගවලින්ද ජය හිමිකරගෙන ඇත. සමස්ත ලංකා චිත්‍ර හා කථික තරගාවලිය ද මෙහි සිසු සිසුවියන් ජය හිමිකරගෙන ඇත. චලිනි පබසරා නිශ්ශංක ශිෂ්‍යාව මහනුවර දිස්ත්‍රික් චිත්‍ර තරගාවලියේ දී පළමුස්ථානය දිනා ඇත.

වත්මන් ආචාර්ය මණ්ඩලයට ඉල්පැන්දෙණිය රජ මහා විහාරාධිපති යටිවැල්දෙණියේ ධම්මරක්‍ඛිත නා හිමි, යටිවැල්දෙණියේ විමලධම්ම හිමි, ගෙලිඔය පඤ්ඤාරතන විදුහලේ විදුහල්පතිනි ඩබ්ලිව්.එම්. නවරත්න බණ්ඩා, ඩී.එම්. දර්ශන නවරත්න මහතා, එන්.කේ. හේරත් මහතා, සමන්මැදගොඩ මහතා, සේනාතිලක මැණිකේ මහත්මිය, නිලන්ති උඩුකුඹුර මහත්මිය, සීලවතී මහත්මිය, යූ.ජී.ආර්. විමලරත්න මහතා, ලක්‍ෂානි රුවන්තිකා මෙනෙවිය. අයි.කේ, දිල්රුක්‍ෂි මහත්මිය, සී.පී. ලියනගේ මහත්මිය, ටී.එම්.කේ. පෙතියාගොඩ මහත්මිය, එම්.අයි.එම්. රත්නායක මෙනෙවිය යන පිරිස අයත් වෙති.

 

 

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]