UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විසිපස් වසරක් සපුරන වාර්ෂික පිච්ච මල් පූජාව

විසිපස් වසරක් සපුරන වාර්ෂික පිච්ච මල් පූජාව


පූජ්‍ය කොටපොළ අමරකිත්ති ලොකු හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් හා ශාන්ති පදනමේ මෙහෙයවීමෙන් නො කඩවා ම පැවැත්වෙන වාර්ෂික පිච්ච මල් පූජාව මෙවර පැවැත්වෙන්නේ විසි පස්වැනි වරටයි. 1990 වසරේ දී ඉතා සුළු සංවිධානයක් සහිත ව පටන් ගත් මෙම මහානර්ඝ පූජාව පළමුවරට නම් කෙරුණේ “සමන් පිච්ච මල් පූජාව“ හැටියටයි. බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී උපත ලද ‘සමන් පිච්ච මල් පූජා’ ළදරුවා දැන් සපුරා වැඩුණු යෞවනයකු බවට පත් ව තිබීම එම දරුවා වැඩෙනු මුදිතාවෙන් බලා සිටින්නකුට යම් සන්තුෂ්ඨියක් ඇති වන්නේ ද දරුවා බිහි කළ මූලාශ්‍රයට කෙතරම් සතුටක් ඇතිවිය යුතු ද? පිච්ච මල් හාමුදුරුවෝ ද මේ සමඟ දැන් පස්විසි වියට එළැඹෙති.

පළමු සමන්පිච්ච මල් පූජාව පටන් ගත් 1990 වසරේ දී අනුරාධපුර බණ්ඩාරනායක සමාධිය ළඟින් පටන් ගත් පෙරහරේ ගමන් කරන්නට දායකයන් සියයකට වඩා නො සිටි බව අපට මතකයි. එම පෙරහරේ ගමන් කරන්නට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්නට යන සමහර බැතිමතුන්ගෙන් පෙරහරට එක් වූයේ මඳ වශයෙනි. දහවැනි සංවත්සරයේ දී ( 1999) අප විසින් තබන ලද සටහනක් නැවතත් සිහිපත් කරනු කැමැත්තෙමි. ‘සමන් පිච්ච මල් පූජාව‘ පටන් ගත්තේ සුළුතර සංඛ්‍යාවකින් වුවද මෙයට කලින් වසරේ පැවැති පූජාව පවත්වන ලද්දේ බෝ සමිඳු උඩ මලුවේත් පහළ මලුවේත් අවට පෙදෙස් අතුරක් සිදුරක් නැතිවත් සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. ඒ එදා එවන් සටහනක් තැබුණේ වුව ද පැමිණෙන්නා වූ සෙනඟ සේනාව ගැන අද අප ලිවිය යුත්තේ කෙසේ ද? වසරින් වසර විවිධ ප්‍රශ්න පසුබෑමි සහිත ව තව තවත් බැතිමතුන්ගෙන් සපිරි බැබැළෙනුයේ මෙම පින්කමේ ඇති අසිරියත් හාස්කමත් නිසා මැයි පූජ්‍ය කොටපොළ අමරකිත්ති ලොකු හාමුදුරුවන් ඇතුළු පුණ්‍යවන්ත මහා සංඝරත්නය හා මහත් වූ බුද්ධ ප්‍රසාදයෙන් හා සැදැහැයෙන් යුතු බැතිමතුන්ගේ සහයෝගයෙන් මේ ආ පිච්ච මල් පූජා ගමන ගොහොදුවෙන් නැෙඟන පංකජයක් ලෙසින් හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

සිංහල රාජාවලියේ මහ සැදැහැවතුන් අතුරෙහි ප්‍රමුඛස්ථානයක් ගන්නා භාතිකාභය රජතුමා ( ක්‍රි.පූ. 19 – ක්‍රි.ව. 9) අංගුත්තර නිකායෙහි නාථකරණ වග්ගයට අයත් අප්‍රමාද සූත්‍රයෙන් බණ අසමින් ‘සෙය්‍යථාපි භික්ඛවේ යෙ කේඛ පුප්ඵ ගන්ධා වස්සිකං තේසං අග්ගමක්ඛායති එව මෙව ඛො භික්‍ඛවේ, යෙ කේඛ කුසලා ධම්මා සබ්බේ තෙ අප්පමාද මුලකා අප්පමාද සමොසරණං අප්පමාදෝ තෙසං අග්ගමක්ඛයාති’ යි හැම මල් සුවඳ අතුරෙහි දෑ සමන් මලෙහි සුවඳ අග්‍ර වේ යැයි ද අප්‍රමාදය හැම කුසල ධර්මයටම ප්‍රමුඛ වන බව දක්වන්නට අදාළ උපමාව අසා එකරුණ පරීක්‍ෂා කොට බැලුව මැනැවැයි සිතීය. රජු සිය මාලිගයට ගොස් ගබඩාවක් පවිත්‍ර කොට සිව් දෑ ගඳින් පිරිබඩ ගෙන නොයෙක් වර්ගයනට අයත් සුවඳැති මල් වර්ග ගෙන්වා ගෙන සමන් මල් මිටක් මැද තබ්බවා සෙසු සුවඳ මල් අවටින් තැබ්බවීය. යළි ගබඩාවෙහි දොර වසා පිටතට නික්ම මොහොතක් පමණ කල් යවා ගබඩාවේ දොර හැර ඇළට පිවිසියේ ය. ගබඩාවට පිවිසෙන්නා හා ම අන් හැම මල් සුවඳ රජුගේ නාසයට ආඝ්‍රාණය වූයේ ය. රජු මහා සෑයට අභිමුඛ ව මාලිගයෙහි ම වැද ගෙව මල් සුවඳ අතුරින් සමන් මල අග්‍ර යැයි වදාරන බුදුරජාණන් වහන්සේ සැබෑවක් ම වදාළහයි සතුටින් ඉපිළ වැන්දේ ය. (අතිපූජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද නාහිමි පාණන්ගේ ලිපියෙකිනි)

භාතිකාභය රජතුමා රුවන්මැලි මහා සෑයට සමන් පිච්ච මල් මූලික කොට මල් පූජාවක් කළ බව මහාවංසයෙහි දැක්වෙයි. ‘තමාට උපදනා අය විසඳූ නුවර යොදුනක් මානය සිසාරා දෑ සමන් සීනිද්ද මල් බොහෝ කොට ඇති කරවා නර ශ්‍රේෂ්ඨ තෙම පා පිළිකඩ පටන් ධුරචක්‍රය දක්වා සතරඟුල් බොල් ගඳ කළලින් මහ සෑය ආලේප කරවා එහි මනා කොට නැටියෙන් මල් වද්දා සෑය මල් ගුළාවක් කරවී ය. නැවැත ද දෑගුල් බොල් මනෝසීල කළලින් සෑය ආලේප කරවා පෙර සෙයින් ම මල් ඇවිනිම කර විය. ඉක්බිති හිණි හිස පටන් ධුරඡත්‍රය දක්වා මල් රාශිය විසුරුවා ඒ මල් රැසින් සෑය වැසී ය. අබා වැවින් යන්ත්‍රයෙන් දිය නඟා ගෙන ඒ දියෙන් සැදැහැති ඒ රජ සෑය තෙතමින් ජල පූජාව කරවී ය. (මහාවංසය) සමන් පිච්ච මල් ඇසුරු කර ගත් කතා රැසක් බෞද්ධ සාහිත්‍යයෙහි එයි. සුමන මල් කරුගේ කතාව ඉන් එකකි.

මුදල් විය හියදම් කරමින් කාලය නාස්ති කර ගෙන මෙවන් පූජාවන් පැවැත්වීම නිෂ්ඵල කාර්යයක් ලෙස සමහරු දකිති. එහෙත් මෙලෙස පිච්ච මලින් මහා පුණ්‍යකර්ම රාජ්‍ය මහා මාත්‍යාදීන් ගේ ඉමහත් සැලකිල්ලට බඳුන් වූ බව අප දැන ගත යුතු මැයි. පිච්ච මල් පූජාවට සමගාමී ව බොහෝ අනු ව්‍යාපෘතින් පැවැත්වෙන්නේ පිච්ච මල් පූජාවේ අගය දෙගුණ තෙගුණ කරමිනි.

ශ්‍රද්ධාව ජනනය කරනවා හැරෙන්නට මෙම පිච්ච මල් පූජාවෙන් ලැබෙන තවත් අතුරුපල ගැන කිව යුතු ය. මෙහි රැස් වන සැදැහැතියන්ගෙන් නැෙඟන ශ්‍රද්ධා නින්නාදය මුළු විශ්වය ම කළඹවයි. එයින් සත හට යහපත යෙදෙමින් සාමය සමාදානය අප රට තුළ දෙගුණ තෙගුණ වන්නේ ඉබේටම යි. මේ හැරෙන්නට පිච්ච මල් පූජා සමයේ දී බොහෝ අයට තමන්ගේ පූජා ද්‍රව්‍ය සැදැහැතියන්ට විකුණා හොඳ ආදායමක් ලබා ගන්නට හැකි වීම කාටත් නොපෙනෙන යහපත් කාර්යයකි. එමෙන් ම නිර්මාංශ ව මෙම පූජාවට සහභාගී වීමෙන් සැදැහැතියන් විශ්වයට එක්කාසු කරන්නේ යහපත් තරංගයන් ය.

පිච්චමල් පූජාව ජූලි 05 වන දා පැවැත්වේ

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]