UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් වැඩ සටහන් රැසක්

කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් වැඩ සටහන් රැසක්

කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් බුදුසසුන සුරැකීමේ අරමුණ පෙරදැරි කරගෙන ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩමුළුවක්, දවසපුරා කුරුණෑගල තරුණ බෞද්ධ සමිති මූලස්ථානයේ දී පැවැත්වුණි.

ප්‍රදේශයේ දහම් පාසල් ගුරුවරුන් සඳහා ගුරු කුසලතා වැඩසටහනක් ද, දහම් පාසල් ශිෂ්‍ය නායකයින් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් හා දෙමව්පියන් වෙනුවෙන් බෞද්ධ පරිසරයක් තුළ තම දරුවන් සමඟ ජීවත්වන ආකාරය පිළිබඳවද වෙන වෙනම වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කරවීය. මෙම කාණ්ඩ තුනම සඳහා 400 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවීම විශේෂත්වයකි.

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන කුරුණෑගල තරුණ බෞද්ධ සමිතිය, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය හා සහයෝගය ලැබී තිබුණ අතර, අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කුරුණෑගල ඇත්කඳ විහාරාධිපති ශාස්ත්‍රපති ආනමඩුවේ ධම්මදස්සි හිමි, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුරේන් අභයගුණසේකර කුරුණෑගල සහකාර ප්‍රාදේශීය ලේකම් වසන්ත කුලසේකර, කුරුණෑගල තරුණ බෞද්ධ සමිතියේ සභාපති එච්.එම්.ජී. හේරත්, අනුශාසක ඩී.එම්.ටී.බී. දසනායක, ලේකම් නිමල් ඒකනායක, භාණ්ඩාගාරික වයි.එම්. ජයසුන්දර යන මහත්වරුන්ගේ සහභාගීත්වය යටතේ වැඩමුළුවේ කටයුතු සිදු කෙරුණි.

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]