UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - අභ්‍යාසය -11

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - අභ්‍යාසය -11

1සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න

01.වැරැදි පිළිතුරු වරහන් තුළින් තෝරා තනි ඉරකින් කපා දමන්න

(අ) බුදුරජාණන් වහන්සේ විසින් (රාජ කුමාරයා/දාසයා)පැවිදි නොකළ යුත්තෙකු ලෙස දක්වා ඇත.

(ආ)පොහොය කර්මයකදී අවම භික්ෂු පිරිස (හතර නමක්/හය නමක් විය යුතුය)

2.(අ)බෞද්ධ සමාජයට අයත් වන්නේ (සිව් වණක් පිරිසයි/සිව් කුලයටම අයත් පිරිසයි)

(ආ) විනය නීති පැනවීමේදී (මහජන උද්ඝෝෂණ/භික්ෂු පිරිස වර්ධනය වීම )පිළිබඳ බුදුරජාණන්වහන්සේ සැලකූහ.

03.නිවැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා ලියන්න .

(අ) සිඟාලෝවාද සූත්‍රයේ උඩ දිසාව ලෙස දැක්වෙන්නේ..............(මහණ බමුණන්ය/ගුරුවරුන්ය)

(ආ) ගිහියන්ට අනුකම්පා කරන භික්ෂුවකගේ පළමු පියවර වන්නේ ගිහියා ..............(දායකයෙකු කිරීමයි/පව්වලින් වළකා ගැනීමයි)

04.(අ)බුදුරජාණන් වහන්සේගේ තාදි ගුණය යනු (සියලු කෙලෙස් දුරු කළ බවයි/අටලෝ දහමෙහි අකම්ප්‍ය බවයි)

ආ) ආනුපුබ්බිකා යනු බුදුරජාණන් වහන්සේ කළ (පළමු කථා ක්‍රමයයි/පිළිවෙළ කථා ක්‍රමයයි)

05.වැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා තනි ඉරකින් කපා දමන්න.

(අ) අත්හළ යුතු පඤ්ච වෙළෙඳාමට අයත් වන්නේ (සත්ත්ව වෙළෙඳාමයි/බෙහෙත් වෙළෙඳාමයි)

(ආ) බුදු දහමේ උපාසක නමින් හඳුන්වා ඇත්තේ (පෙහෙවස් සමාදන් වන ගිහි ජනයායි/තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත් ගිහි ජනයායි)

06.(අ) “ආනන්ද විසකුරු සර්පයා දුටුවේ දැයි “ බුදුරජාණන් වහන්සේ ඇසුවේ (මසු පියල්ල ගැනය/විෂකුරු නාගයා ගැනය)

(ආ)“පරිජිණ්ණමිදං රූපං -රොගනිඩ්ඪං පහංගුරං “ මෙම ගාථාව දේශනා කළේ (විශාඛා උපාසිකාවටයි/උත්තරා නම් භික්ෂුණියටයි)

07.නිවැරැදි පිළිතුර යටින් ඉරක් අඳීන්න.

(අ)බුදුරජාණන් වහන්සේ සාලිකේදාර ජාතකය දේශනා කළේ මව පෝෂණය කරන (භිකෂුවක අරභයායි/දෙව්දත් තෙරුන් අරභයායි.)

(ආ)පරිසරය මඟින් චර්යාවන් වෙනස් වන අයුරු කියැවෙන ජාතක කථාවකි.(මහාකපි ජාතකය/සත්තිගුම්බ ජාතකය)

08.සිංහලයට නගන්න.

(අ) “නහි වෙරෙන වෙරානි-සම්මන්තීධ කුදාචනං

(ආ)අභිත්ථරෙථ කල්‍යාණෙ-පාපා චිත්තං නිවාරයෙ

09.පහත සඳහන් අදහස ඇති ධම්මපද ගාථා ලියන්න.

(අ) ඒක ඝන වූ පර්වතය සුළඟින් නො සැලෙන්නා සේ නුවණැත්තෝ නින්දා ප්‍රශංසාවන්හි කම්පා නොවෙති.

(ආ) අනුන්ගේ බැනුම් දෙඬුම් බස් නො සොයා තමා කළ නො කළ දේ විමසා බැලිය යුතුය.

10. “අ”කොටසේ යෙදුමට ගැළපෙන යෙදුම “ආ” කොටසෙන් තෝරා හිස්තැන් තුළ ලියන්න.

“අ” “ආ”

අත්තානං දමයන්ති පණ්ඩිතා...........මහණ බමුණන්ගේ යුතුකමකි.

මණිකණ්ඨ ජාතකය...................ඕවාද ප්‍රාතිමෝක්ෂයට අයත් වෙයි.

තිත්තිර ජාතකය....................නුවණැත්තෝ තමන් දමනය කර ගනිති.

මහා කපි ජාතකය..........නිතර ඉල්ලීම සියල්ලනට අප්‍රිය ජනකය.

දායකයා සුචරිතයෙහි යෙදීම ................ ධර්මයෙහි දක්ෂ වූ අය වැඩිහිටියන් පුදති

ඛන්ති පරමං තපො තිතික්ඛා ....................නායකයා තම පිරිස රැකිය යුතු බව කියැවේ.

පිළිතුරු

1.(අ)රාජ කුමාරයා

(ආ)හය නමක්

2.(අ)සිවු කුලයටම අයත් පිරිසයි.

(ආ)භික්ෂු පිරිස වර්ධනය වීම

3.(අ)මහණ බමුණන්ය.

(ආ)පව්වලින් වළකා ගැනීමයි.

4.(අ)අටලෝ දහමෙහි අකම්ප්‍ය බවයි.

(ආ)පිළිවෙළ කථා ක්‍රමයයි.

5.(අ) බෙහෙත් වෙළෙඳාමයි.

(ආ)පෙහෙවස් සමාදන් වන ගිහි ජනතාවයි.

6.(අ) විසකුරු නාගයා ගැනය

(ආ) විශාඛා උපාසිකාව ගැනයි.

7. (අ) භික්ෂුවක් අරභයායි

(ආ )සත්තිගුම්බ ජාතකය

8.(අ)මේ ලෝකයෙහි වෛරයෙන් වෛරයෝ කිසිකලෙකත්නො සංසිදෙත්මය.

(ආ)කුසලයෙහි යුහුසුලු විය යුතුය. සිත පවින් වැළකිය යුතුය.

9.(අ) සෙලො යථා එක ඝනො වාතෙන න සමීරති

ඒවං නින්දා පසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා

(ආ)න පරෙසං විලොමානි න පරෙසං කතාකතං

අත්තනාව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච

10.අත්තානං දමයන්ති පණිඩිතා-නුවණැත්තෝ තමන් දමනය කර ගනිති.

මණිකණ්ඨ ජාතකය –නිතර ඉල්ලීම සියල්ලන්ටම අප්‍රියජනකයි.

තිත්තිර ජාතකය-ධර්මයෙහි දක්ෂ වූ අය වැඩිහිටියන් පුදත්

මහා කපි ජාතකය-නායකයා තම පිරිස රැකිය යුතු බව කියැවේ.

දායකයා සුචරිතයෙහි යෙදවීම-මහණ බමුණන්ගේ යුතුකමකි.

ඛන්ති පරමං තපො තිතික්ඛා -ඔවාද ප්‍රාතිමෝක්ෂයට අයත් වේ.

11 කොටස

2.විනයෙහි ඉගැන්වෙන අධිකරණ හතර නම් කර ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න.

3.1මෙම පාඨය සිංහලට නගන්න.

තාපසො සාධුති පටිස්සුණිත්වා අත්තනො පණ්ණසාලං ගන්ත්වා පුන දවසෙ නාගරාජානං ආගන්ත්වා ධිතමන්තමෙව “එතං මෙ අත්තනො පිළන්ධන මණිං දෙහීත යාචි . සො අනිසීදිත්වා ව යලාසි. අථ නං දුතිය දවසෙ අස්සමද්වාරෙ ඨ්වා ආගච්ඡාන්තමෙව “භිය්‍යොපි මෙ මණිතෙනං න අදාසි. අජ්ජදානි ලද්ධුං වට්ටති”ආහ.

11.මෙම පාඨය සිංහලට නගන්න.

රාජා බොධිසත්තස්ස ගුණෙ පසීදිත්වා නලිනියා අවිදුරෙ ගාමං මා පෙත්වා බෝධිස්ස්සච මාතුවස්ස නිබද්ධං භත්තං පට්ධපෙසි අපරභාගෙ බෝධධි ස්තෙ මාතං කාලකතාය තස්සා සරීරපරිහාරං කත්වා කරණ්ඩකං අස්සමපදංනාම ගතො තස්මිං පත ඨානෙ හිමවන්තනො ඔතරින්න පඤ්ච සතා ඉසයො වසිංසු

පිළිතුරු

2.විනයෙහි අධිකරණ හතරක් පහත සඳහන් වේ.

1.විවාදාධිකරණ

2.අනුවාදාධිකරණ

3.අපත්තාධිකරණ

4.කිච්චාධිකරණ යනුයි.

ධර්මය,විනය,තථාගත භාෂිතය, චාරිත්‍ර,ආපත්ති ආදී යම්කිසි කරුණක් මුල් කරගෙන භික්ෂූන් අතර ඇති වන ආරවුල් කෝලාහල, මතභේද , වාද විවාද ආදිය විවාදාධිකරණයෙන් විනිශ්චය කෙරේ.

භික්‍ෂුවකගේ සීල විපත්තිය ආචාර විපත්තිය දිට්ඨි විපත්තිය හා ආජීව විපත්තිය මුල් කොට විවිධ චෝදනා, උපවාද දෝෂාරෝපණ ආදිය නැගීම හේතු කොටගෙන පැන නගින ප්‍රශ්න අනුවාදාධධිකරණයෙන් විසඳනු ලැබේ.

විනයෙහි දැක්වෙන පාරාජිකාධි ආපත්ති මුල් කරගෙන පැන නගින ප්‍රශ්න ආපත්තාධිකරණයෙන් විසඳයි.

සංඝ කර්ම ගණයෙහිලා සැලකෙන ආලෝකන (සංඝයා ඉදිරිපිට කැඳවා විමසිය යුතු කම්ම,ඤත්ති (සංඝයාට දන්වා කළ යුතු) කම්ම ආදිය සඳහා හේතුවන ප්‍රශ්න මෙම කිච්චාධිකරණයෙන් විමසනු ලැබේ.

3.1 තවුසා මැනවැයි පිළිතුරු දී සිය පන්සලට ගොස් ඊළඟ දවසේ නා රජු පැමිණ සිටි කල්හිම තමා පළඳීන මැණික මට දෙන්නැයි ඉල්ලීය. හෙතෙම හිදී නොගෙනම පැන ගියේය. ඉක්බිති දෙවන දින ඔහු පන්සල් දොර සිට එන විටම ඊයේ මට මැණික නොදුන්නෙහිය. එය අද ලැබුණොත් යෙහෙකැයි කීය.

11.රජු බෝසත් ගුණයෙහි පැහැදී විල අසබඩ ගමන්ඇති කොට බෝධි සත්වයන්ටද ඔහුගේ මවටද නිති ආහාර පිළියෙළ කළේය. පසු කළ බෝ සතුන් මව මිය ගිය කළ,ඇගේ සිරුරට ගෞරවෝපහාර කොට කණ්ඨක නම් අසපුව ප්‍රදේශයට ගියේය. එතැන හිමවතින් බැස වඩිනා පන්සියයක් ඍෂීහු වාසය කළාහුය.

ස්වයං අධ්‍යනය සඳහා ආදර්ශ ප්‍රශ්න

4.1ධම්මික සූත්‍රයෙහි නිධාන කතාව කෙටියෙන් දක්වන්න.

2.අගාරික ව යන්න කුමක්දැයි පැහැදිලි කරන්න.

3.පිළිවෙතින් පෙළ ගැසීමේ තේමාව අර්ථවත් කිරීමට අගාරිකව මඟ පෙන්වයි. විස්තර කරන්න.

5.1”බොහෝකොට ඉල්ලීම සැමට ප්‍රිය නොවේ” මණිකණ්ඨ ජාතකය ඇසුරින් මෙම අදහස විමසන්න.

2.නායකයෙකු සතු විශිෂ්ඨ ලක්‍ෂණ මහාකපි ජාතකය ඇසුරින් පහදන්න.

3.මාතුපෝසක ජාතකය ඇසුරින් මව්පිය උපස්ථානයේ අගය පහදන්න.

6.1සාමණේර හිමි නමක කළ යුතු ආචරිය උපඡ්ජාය වත් හඳුන්වන්න.

2.බෞද්ධ විනයෙහි දැක්වෙන අධිකරණ විනිශ්චය ක්‍රම 7 ලියා දක්වන්න.

3. කඨිනයක් ඇතුරූ භික්‍ෂු නමකට ලැබෙන ආනිසංස ලියා දක්වන්න.

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]