UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝතලේ වාර්ෂික පෙරහර

බෝතලේ වාර්ෂික පෙරහර

බෝතලේ වාර්ෂික මහපෙරහර විසිහත්වන වරටත් මාර්තු 14 වැනි දා උඩ, පහත, සබරගමු කලා සම්ප්‍රදායන්ගෙන් පරිපූර්ණව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සංවිධායක කමිටුව මෙවරත් විධි විධාන යොදා ඇත.

බෝතලේ ග්‍රාමයත්, ගෝඨාභය රාජමහා විහාරයත්, පිළිබඳ ඉතිහාසය අනුරපුර ගෝඨාභය රාජ සමය දක්වා දිවයන්නකි. බෝතලේ සේනානායක පරපුරට පිය උරුමයෙන් දායාද වශයෙන් ලැබී තිබුණ දේශබන්ධු ඇෆ්.ආර්. සේනානායක මහතා ප්‍රධාන සේනානායක සැදැහැවතුන් වැඳුම් පිදුම් කළ සර්වඥධාතූන් වහන්සේලා ඓතිහාසික බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජමහා විහාරස්ථානයට පුදකිරීම නිමිති කරගෙන 1987 වසරේ බිනර පසළොස්වක පොහෝ දින එවකට විහාරාධිපතිව වැඩ විසූ අළුතැපොළ පේමරතනාභිධාන හාපිටිගම් කෝරළේ සංඝනායක මාහිමියන්ගේ අනුශාසනා පරිදි කඩිගමුවේ පේමානන්ද නාහිමියන්ගේ මඟපෙන්වීම යටතේ රොහාන් සේනානායක මහතා ඇතුළු සැදැහැවතුන්ගේ අනුග්‍රාහකත්වයෙන් වාර්ෂික පෙරහර ආරම්භ කරන ලදී. වසර ගණනාවක් බිනර මස පෙරහර පැවැත්වුවද ස්වාභාවික අවහිරතා හා බාධක නිසා මාර්තු මස පැවැත්වීමට නියම කරගෙන තිබේ. පෙරහරේ කලාංශ අතර කස, ගිනිබෝල, බොරුකකුල්, වෙස් නැටුම්, පන්තේරු, සවරං, සළුපාලි, තෙල්මේ, කුළු නැටුම්, ලී කෙළි යන අංගයන්ගෙන් පෙරහර ප්‍රභාවත් කර ඇත.

මාර්තු 08 දින සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවෙන් ආරම්භකොට මල්පෙරහර ධාතු ප්‍රදර්ශන ආදිය පවත්වා 14 දින රාත්‍රී ආගමික වතාවත් වලින් අනතුරුව විහාරාධිපති නාහිමියන් ඇතුළු මහසඟරුවන හා රොහාන් සේනානායක මහතා ප්‍රධාන මැති ඇමැති වරුන්ගේ සහභාගිත්වයෙන් මංගල හස්තිරාජයා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව දර්ශනීය කලා සන්දර්ශනය වීථි සංචාරය කොට නැවත විහාරස්ථානයට ගෙවදීමෙන් අවසන් කරනු ලැබේ.

 

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]