UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇමරිකාවේ විහාරස්ථාන ඉදිකර වීමට මහ මෙහෙවරක් කළ පවුලක්

ඇමරිකාවේ විහාරස්ථාන ඉදිකර වීමට මහ මෙහෙවරක් කළ පවුලක්


මෛත්‍රි විහාරය

සරත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානය

පණ්ඩිත මෛත්‍රි මුර්ති සරත්චන්ද්‍ර දොස්තර මහතා සහ කුමාරි සරත්චන්ද්‍ර මහත්මිය ඇතුළු දරු දෙදෙනා

බුදුදහම ලෝකය වෙත බෙදාදීම ගිහි දායකත්වයෙන් ආරම්භ කරනු ලැබුවේ ධර්මාශෝක මහ රජතුමා විසිනි. ඊට පසු කාලීනව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේදී කරනු ලැබූ කතාව මුළු යුරෝපයම අවදි කරමින් බොහෝ දෙනා තුළ බුද්ධාගම හඳුනාගැනීම සඳහා කුතුහලයක් ඇති කළා. යුරෝපයේ ඇතිවූ ආගමික උද්‍යෝගය තුළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා එංගලන්තය, ජර්මනිය, ඇමරිකාව වැනි සැම ස්ථානයකම බෞද්ධ මධ්‍යස්ථාන ආරම්භ කළා. එම ප්‍රබෝධය මුළු ලෝකය තුළ අද වන විට ඉතාමත්ම ශීඝ්‍රව ව්‍යාප්ත වී යනවා. ඒ අනුව ඇමරිකාව තුළ බුද්ධාගම පිළිබඳව විශාල උද්‍යෝගයක් ඇතිවුණා.


පණ්ඩිත මෛත්‍රී මූර්ති සරත්චන්ද්‍ර

පණ්ඩිත මෛත්‍රී මූර්ති සරත්චන්ද්‍ර දොස්තර මහතා සහ කුමාරි සරත්චන්ද්‍ර මහත්මිය දරුවන් සමග ලංකාව තුළ බොහෝම කාලයක් ජීවත්ව සිටියදී ලංකාවේ දේශීය ඖෂධ පාවිච්චි කිරීමෙන් නිපදවා ගත් බෙහෙතක් රටවල් 26 කට අපනයනය කරනු ලැබුවා. පසුව ඇමරිකාවට ගොස් පදිංචි වූ මේ දෙපොළ එහිදීත් එම ඖෂධ නිෂ්පාදනය කරමින් රටවලට අපනයනය කරමින් විශාල වශයෙන් මුදල් ඉපයනු ලැබුවා. පසුව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල ඉතාමත්ම රමණීය සංවැලි ප්‍රදේශයෙහි අක්කර භාගයක පමණක ඉඩමක් ඩොලර් හය ලක්‍ෂ හතළිස් පන්දහසකට මිලදී ගෙන ‘මෛත්‍රි විහාරය’ නමින් විහාරයක් ඉදිකරවා 1992 මැයි 30 දින සඟ සතු කර පූජා කරනු ලැබුවා. මාදුළුවාවේ සෝභිත හිමියන්, බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්, නිව්යෝර්ක් විහාරයෙහි පියතිස්ස හිමි ආදි ස්වාමින් වහන්සේලා එම උත්සවයට සහභාගි වූහ.

එම මෛත්‍රි විහාරය ඉතාමත්ම දියුණු ලෙස අලංකාරවත්ව පවත්වාගෙන යාම සඳහා දොස්තර සරත්චන්ද්‍ර මහත්මාත් එම මැතිනියත් දරු පිරිසත් විශාල වශයෙන් දායක වුණා. එම විහාරය ඉදිකිරීමේදි විරුද්ධවාදීන්ගේ හිරිහැර බාධක අප්‍රමාණව පැමිණියත් එම පුණ්‍යවන්ත පවුලේ සමගි සම්පන්න බව නිසාම සියල්ල ජයගනු ලැබුවා.

මෙම දොස්තර සරත්චන්ද්‍ර මහතා බොහෝම ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් වගේම කහසිවුරට ගරු කළ ගුණ යහපත් පුද්ගලයෙකි. විටෙක මහසඟරුවනට කල්‍යාණ මිත්‍රයෙක් ලෙස සියලු අඩු පාඩු සොයා විමසා බලමින් දුක් කරදරවලදී සමීපව ඉඳීමින් කටයුතු කරනු ලැබුවා. එතුමා අනුන්ට ආහාරපානවලින් මෙන්ම ඇඳුම් පැළදුම් වලින්ද විශාල වශයෙන් පරිත්‍යාග කරනු ලැබුවා.ඇමරිකාවට ගොස් අතරමං වන ජනතාවට ඉඳුම් හිටුම් ලබාදෙමින්, රැකියා සොයාදෙමින් සියලු දෙනාට උපකාර කළ මානව හිතවාදී පුද්ගලයෙක් වගේම සද්පුරුෂ මනුෂ්‍යයෙකුද වුණා. මෙම මානව හිතවාදී පුද්ගලයාට අයෝමය සෙවණැල්ලක් මෙන් ඔහු පසුපසින් ඉඳීමින් සියලු කටයුතු සඳහා උපකාර කරමින් තම ආදරණීය බිරිඳ කුමාරි සරත්චන්ද්‍ර මැතිනියත් එම දරු දෙදෙනාත් එහි පාර්ශවකරුවන් වුණා.එම විහාරය ගොඩනැගීමේදී කටයුතු කරමින් දාන මාන පිළියෙල කරමින් කුමාරි සරත්චන්ද්‍ර මැතිනිය විශාල කැප කිරීමක් කරනු ලැබුවා.

දරුවන්ට ආදර්ශමත් දෙමාපියන් යුවලක් ලෙස එම ශ්‍රද්ධාවන්ත පවුල කටයුතු කරනු ලැබුවා.පණ්ඩිත මෛත්‍රි මූර්ති සරත්චන්ද්‍ර දොස්තර මහතාගේ හදිසි අභාවයෙන් පසුව තම ස්වාමිපුරුෂයාට පින් ප්‍රාර්ථනා කරමින් කුමාරි සරත්චන්ද්‍ර මහත්මිය ‘සරත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානය ‘ නමින් තවත් පන්සලක් ඉදිකරවා සඟ සතු කර පූජා කරන ලදී. එය යුරෝපයට බුද්ධාගම ව්‍යාප්ත කරන තවත් එක් බෞද්ධ මධ්‍යස්ථානයක් වුණා.

සරත්චන්ද්‍ර මහතා ජීවත්ව සිටින කාලය තුළදී කිසියම් හෝ ආගමික වැඩපිළිවෙලක් කරගෙන ගියා නම්, එහි කිසිදු අඩුවක් නොමැතිව තම ස්වාමියාට උපහාරයක් ලෙස එම මහත්මිය තවදුරටත් ඒ කටයුතු නොහිරිහෙලා ඉටුකරනු ලබනවා. මෙහි අධිපතිත්වය දරන්නේ ආචාර්ය ඉත්තෑපාන ධම්මලංකාර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් වු අපරැක්කේ පුන්‍යසිරි හිමියන් භාෂාන්තර දැනුමක් ඇති ධර්ම දැනුමක් ඇති භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස එහි වැඩ වෙසෙමින් ධර්ම දූත මෙහෙවර ඉටුකරනු ලබයි. අද වන විට ඇමරිකාව තුළ පන්සල් විශාල ප්‍රමාණයක් ඉදිවී ඇති අතර ඒ සඳහා පුරෝගාමී වු පරිත්‍යාගශීලි දායක මහත්මයෙකු ලෙස පණ්ඩිත මෛත්‍රි මුර්ති සරත්චන්ද්‍ර දොස්තර මහතාත් කුමාරි සරත්චන්ද්‍ර මහත්මියත් විශාල දායකත්වයක් සපයා ඇත.

 

 

 

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]