UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියඹලාපේ නාගවනාරාමයේ ශ්‍රී සුගත දහම් පාසල

සියඹලාපේ නාගවනාරාමයේ ශ්‍රී සුගත දහම් පාසල

බස්නාහිර පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සඳහම් අරුණැල්ල සංකල්පය මත ශ්‍රී නාගවනාරාමය සුගත ධර්ම විද්‍යාලය සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්‍ෂයක මුදලක් 2010.12.24 දින පරිත්‍යාග කරන ලදී.මෙම මහඟු පින්කමට බියගම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි බියන්විල සෝමවර්ධනාරාමාධිපති බියන්විල ශීල විමල හිමිපාණන් වහන්සේ සඳහම් අරුණැල්ල බියගම ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදි මකුළුදූවේ නන්ද රතන හිමිපාණන් වහන්සේ සියඹලාපේ ශ්‍රී‍්‍ර නාගවනාරාමාධිපති හා ශ්‍රී‍්‍ර සුගත ධර්ම විද්‍යාලයේ විදුහල්පති ගෞරව ශාස්ත්‍රපති මැද්දෙපොල තිලකවංස නා හිමිපාණන් වහන්සේ සහ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද සහභාගි අයුරු.

1974 දී ආරම්භ කරන ලද ශ්‍රී සුගත ධර්ම විද්‍යාලයෙන් දහම් දැනුම ද ලබා ගත් බොහෝ දෙනා සමාජයේ යහපත් පුරවැසියන් බවට පත්ව රට දැය සමයට සේවය කරමින් සිටිති. මෙම දහම් තක්සිලාව දහම් පාසල් අම්ඹරයේ දිදුළන තාරකාවක් බවට පත්ව බියගම කලාපය ගම්පහ දිස්ත්‍රික්කය පමණක් නොව මුළු රටටම ආදර්ශවත් දහම් පාසලක් බවට පත්ව ඇත. විදුහල්පතිධුරය උසුලන ගෞරව ශාස්ත්‍රපති මැද්දෙපොල තිලකවංස නා හිමියන් සැමවිට සැම කල්හි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සිදු කරනු ලබන කැප කිරීම ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පති වන අරියධම්ම ස්වාමීන් වහන්සේ නියෝජ්‍ය විදුහල්පති මුතුකුමාරණ මහතා ප්‍රාථමික අංශාධිපතිනි වාසනා මහත්මිය ඇතුළු 16 දෙනකුගෙන් සමන්විත ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයේ ගෞරවනීය කැප කිරීම හා මාර්ගෝපදේශකත්වය මත දහම් පාසලට පැමිණෙන ප්‍රදේශයේ හා ඒ අවට ප්‍රදේශවල දරුවන්ගෙ විනය ගරුක භාවය සහ දහම් දැනුම ඉහළ මට්ටමක පැවැතීම ප්‍රදේශවාසී අප ලැබූ ජයග්‍රහණයකි.

විශේෂයෙන්ම මෙම දහම් පාසලේ දූ දරුවන්ගේ විනය සුරැකීම සඳහා ගුරු මණ්ඩලය ඉටු කරන මෙහෙවර ඉතා ප්‍රශංසනීය වේ. උදෑසන බුද්ධ පූජාව සහ මෛත්‍රී භාවනාවෙන් දහම් පාසල ආරම්භ වේ. පෙ.ව. 7.30 සිට පස්වරු 12.30 දක්වා පවත්වනු ලබන දහම් පාසලේ උදෑසන පූජා කටයුතු සහ රැස්වීම මෙහෙයවීම පැවැරී ඇත්තේ එක් එක් ශ්‍රේණියේ දරුවන්ට වන අතර කල් තියාම ඒ සඳහා ඔවුන් සූදානම් විය යුතුය. උදෑසන භාවනා වැඩ සටහනෙන් පසු එළැඹෙන රැස්වීම් වාරයේදි දහම් කරුණු ඇතුළු ගද්‍ය පද්‍ය ඉදිරිපත් කිරීම ජාතක කථාවක් ඉදිරිපත්කිරීම තේරුම් සහිතව පාලි ගාථාවක් ඉදිරිපත් කිරීම දහම් සිතිවිල්ලක් ඉදිරිපත් කිරීම සහ ඊට අතිරේකව ඉංගී‍්‍රසි බසින් හා දෙමළ බසින් දහම් කථාවක් කිරීම තරඟකාරි ස්වරූපයකින් ඉටුවන අයුරු දැකගත හැකි වනු අතර මෙහිදී කුසලතා පූර්ණ දරුවන් හඳුනා ගැනීම සිදුවේ. මෙකී ක්‍රියාකාරකම් නිසා දරුවන් ලබන නායකත්ව පුහුණුවද ඔවුන්ගේ ඉදිරි යහපැවැත්මට බෙහෙවින් උපකාරි වනු ඇත.

වාසනාවකට මෙන් මෙම දහම් පාසලේ ගුරුහිඟයක් දක්නට නොලැබේ. දහම් පාසලට පැමිණෙන දරුවන්ගේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් දක්වන ඇප කැපවීම ඉතා ප්‍රශංසනීයවේ. මේ නිසාම බියගම කලාපයේ පවත්වනු ලබන දහම් පාසල් තරගවලදී කැපී පෙනෙන දක්‍ෂතා දක්වා කුසලාන හා සම්මාන සහතිකපත් දිනා ගැනීමට දරුවන් සමත්ව සිටීම අපට මහත් ආඩම්බරයකි. පන්ති කාමරයේදීද සීමිත පැය කිහිපය තුළ කාලය නාස්ති නොකොට දරුවන්ට දහම් දැනුම ලබා දීම මැනවින් ඉටු වීමද අගය කළ යුතු වෙමු. දූ දරුවන් දහම් පාසල් යැවීමේ ප්‍රධාන අරමුණ රට දැය සමයට වැඩ ඇති විනය ගරුක දරුවන් බිහි කිරීම වන බැවින් එය මෙම දහම් පාසලෙන් සාර්ථකව ඉටු වීම සම්බන්ධයෙන් විදුහල්පති ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයට අප සැමගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරමු.

 

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 28 වැනි දා සිකුරාදා අපරභාග 04.53 ට ලබයි.
මාර්තු 01 සෙනසුරාදා අපරභාග 01.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 28 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මාර්තු 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]