UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අමාවක 2014 පෙබරවාරි 28 වන දා
 

අපේ සංස්කෘතිය

සක් රෝපණය කිරීමේදී එමගින් සරුසාර අස්වැන්නක් අපේක්ෂා කිරීම සාමාන්‍ය සිරිත වේ. එසේ රෝපණය කරන වෘක්ෂයෙන් අපේක්‍ෂා කරනු ලබන අස්වැන්න ලබා ගැනීම වෘක්ෂය රෝපණය කළ පමණින් සිදු නොවන්නකි.

වෘක්‍ෂයක් සරුසාරව වැඩීමට ඊට ජලය, පොහොර ආදිය අත්‍යාවශ්‍ය වේ.

දරුවකු මෙලොවට බිහිකර ස්වකීය දෙමව්පියන් එම දරුවාගෙන් බලාපොරොත්තු රැසක් අපේක්‍ෂා කරනු ලැබේ. ඒ නිසාම සියලුම මව්පියවරු තම දූ පුතුන් වෙත කුඩා කල පටන් නිසි අධ්‍යාපනයක් ලබා දීමට පසුබට නොවේ. සැබැවින්ම එය මව්පියන් විසින් දරුවන් වෙත ඉටුකළ යුතු යුතුකමකි. වගකීමකි.

දරුවාද නැණ ගුණ දියුණු කර ගනිමින් මව්පියවරුන්ගේ දහසක් අපේක්‍ෂා මුදුන්පත් කරලීමට උත්සාහ ගැනීම ද දරුවන් සතු වගකීමකි. මව්පියවරුන්ගේ අපේක්‍ෂා ඉටු කළ නොහැකි වුවහොත් පසුතැවිල්ලට පත්වීමට සිදුවනුයේද දරුවන්ටමය.

වෘක්ෂයක් සරුසාරව වැඩී මල්ඵල දරමින් ගස රෝපණය කළ තැනැත්තාගේ අදහස සඵල කරන්නාක් මෙන් හැදෙන වැඩෙන දරුවන්ගේ මූලික වගකීම වනුයේ තමන් මෙලොවට බිහි කර හදා වඩා ඇති දැඩි කළ මව්පියවරුන්ගේ අපේක්‍ෂා සපිරීමට වග බලා ගැනීමය.

ගසක් වැඩීමට අවශ්‍ය ජලය, පොහොර සේ දරුවකු හදා වඩා ඇති දැඩි කිරීමටත්, අපේක්‍ෂා සාර්ථක කර ගැනීමටත් ඒ දරුවා වෙත මව්පියවරුන්ගේ යහපත් ආදර්ශය, අත්‍යාවශ්‍යය. ආදර්ශය මෙන්ම මව්පිය සෙනෙහස හා ගෞරවයද අත්‍යාවශ්‍යය.

දරුවකු වෙත කරුණාවෙන් මඟ නොමඟ පෙන්වා දිය යුතුව ඇත. කියා දිය යුතුව ඇත. මොහොතක් පාසා දරුවා පිළිබඳ මව්පිය අවධානය අත්‍යාවශ්‍යය. හැදෙන වැඩෙන දරුවාට අත්දැකීම් නොමැත. ඒ නිසාම වැරැදීමකින් හෝ දරුවා අතින් සිදුවන වරදක් වෙතොත් එය නිවැරැදි කර ගැනීමට කාරුණික වීම මව්පියවරු සතු වගකීමකි.

දරුවන් වෙත කාරුණිකත්වය අත්‍යවශ්‍යයි. දරුවකු වෙත ඇති උතුම් පිහිට පිළිසරණ ස්වකීය දෙමව්පියවරුමය.

අපගේ සංස්කෘතියට නොවටිනා ඇතැම් දේ බටහිර සංස්කෘතිය මගින් අප වෙත පැටවීමට ද විවිධ ක්‍රම යොදා ගත හැකිය. එහෙත් ඊට මුහුණ දිය යුත්තේ බුද්ධිය මෙහෙයවීමෙනි. නවීන තාක්ෂණික ඇතැම් මෙවලම් ගුණගරුක දරු පරපුර තුළ ගුණවත් බව ඈත්කරවීමට හේතු විය හැකිය. එහෙත් දරු පරපුර බුද්ධිමත් විය යුතු වන්නේ එමඟින් ගැටලු ඉඳහිට හෝ මතු නොවන අයුරින් ජීවත්වීමටය.

මිනිසත් භවයක් ලබා ගැනීම දුර්ලභය. කලාතුරකින් ලැබිය හැකි මිනිසත් භවයක් ලබා ගත හොත් එහි ඵල නෙළා ගැනීමට උත්සාහ කළ යුත්තේ ළමා කාලයේ සිටය.

දැනුම, අවබෝධය වර්ධනය කරගත යුතුය. එසේ වර්ධනය කරගත් දැනුමෙන් අවබෝධයෙන් රටට සමාජයට සෙතක් සැලසීමටද ඉටා ගත යුතුය.

කුඩා ගසක් රෝපණය කර කල්ගත වන විට කිසිවකු නොසිතු අයුරෙන් ඒ ගසෙන් මහා සෙවණක් සැලසෙයි.

එමෙන් කුඩා පැළයක් මහා වනස්පතියක් වී සෙවණ සලසන්නා සේ දරුවකු හැදී වැඩී පෝෂණය වී මව්පිය අපේක්‍ෂා මුදුන් පත් කළ යුතුවේ. එවිට එම දරුවා නිවසට, ගමට, ප්‍රදේශයට පමණක් නොව රටටම අත්‍යවශ්‍ය සම්පතක් බවට පත්වේ.

එසේ වුවහොත් එම දරුවා මව්පියවරුන්ගේ දහසක් බලාපොරොත්තු සපිරු වාසනාවන්ත දරුවකු ලෙස මහත් ආශිර්වාදයට පත්වනු නියතය. හැදෙන වැඩෙන දරුවනට ඇති අභියෝග ජය ගැනීමට මව්පියවරු නිසි මග පෙන්විය යුතුය. දරුවා ගැන අන් සියල්ලට පෙර මොහොතක් පාසා අවධානය යොමු කළ යුතුව ඇත.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 28 වැනි දා සිකුරාදා අපරභාග 04.53 ට ලබයි.
මාර්තු 01 සෙනසුරාදා අපරභාග 01.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 28 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මාර්තු 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]