UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරේ

ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරේ

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී

අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වන ගුණසමරු පූජෝත්සවය මෙවර ඓතිහාසික අනුරාධපුර පින්බිමේ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ‘මහරගම සමාධි වන්දනා පදනමේ’ ප්‍රධාන ලේකම් එච්.ඒ. පසන්න පෙරේරා මහතා සඳහන් කරයි.

මේ අනුව මේ මස 14 – 15 යන දෙදින තුළ අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම පින්කම පැවැත්වේ.

14 වැනිදා පස්වරු 5.00 ට සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ අභියස වැලිමළුව සුදු නෙළුම් මල් අතුරා තෙල් මල් පහන් ගිලන් පස සුවඳ දුම් සහිත බුද්ධ පූජාමය වැඩසටහන හා සෙත් පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්වෙනු ඇත.

මෙහි ආගමික කටයුතු මෙහෙයවීම අලුත්වැව සද්ධාතිස්ස හිමියන් විසින් සිදු කරන අතර,අභයගිරි විහාරාධිකාරී ශාස්ත්‍රපති, ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම පූජෝත්සවයට දායක වනු ඇත.

මෙම අවස්ථාවට දෙසැම්බර් 11 වන දින සෝම හිමියන් ගේ ප්‍රතිමාව රැගත් පෙරහර ගාල්ලෙන් පිටත්වන රිය පෙරහර බෞද්ධාලෝක මාවත, කඩවත දඹුල්ල හරහා සමාධි ප්‍රතිමාවහන්සේ අභියසට ළඟාවීම මෙවර පින්කමේ විශේෂ සිද්ධියක් බවද සමාධි වන්දනා පදනම සඳහන් කරයි.

පසුදින 15 වැනිදා අලුයම ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතට කිරි ආහාර පූජා කිරීමේ පූජෝත්සවයෙන් පසු සෝම හිමියන්ගේ ගුණ සමරු පින්කම අවසන් වේ.


මහරගම ධර්මායතනය

මහරගම ධර්මායතනයේ දී මීට වසර දහයකට පෙර අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමි සමරා විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

මේ මස 12 වැනි දා සවස 5 ට පහන් පූජාවක් ද, 14 වැනි දා සවස 4 ට ජනවිජය මහ සමුළුවද මහරගම ධර්මායතනයේ දී පැවැත්වීමට ජන විජය පදනම කටයුතු යොදා ඇත.

මෙම සමුළුවට විශේෂ දේශනකයන් ලෙස ඕමල්පේ සෝභිත හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, මැඩිල්ලේ ප්‍රඥාලෝක හිමි, සහ අශෝක මැණික්ගොඩ මහතා සහභාගි වේ.


රද්දොළුගම ශ්‍රී බෝධිමළුව

ගංගොඩවිල සෝම හිමිගේ ගුණ සමරුව මේ මස 15 වැනි දා රද්දොළුගම ශ්‍රී බෝධිමළුවේ දී පස්වරු 6.00 පැවැත්වේ.

බෝධි පූජාව මෙහෙයවනුයේ උතුරු කුඩහකපොළ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති කිඹුලපිටියේ විමලානන්ද හිමි විසිනි.

රාත්‍රි 7.00 ට ධර්මදේශනාව රාජකීය පණ්ඩිත මහවත්තේ කල්‍යාණධම්ම හිමි විසින් පැවැත්වීමට නියමිතය.

මෙම පින්කම් සංවිධානය කරනුයේ රද්දොළුගම සෝම හිමි ගුණසමරු පදනම විසිනි.

 

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]