UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගොඩ - කැප්පිටියාගොඩ ශ්‍රී ධම්මදින්න දහම් පාසල

නාගොඩ - කැප්පිටියාගොඩ ශ්‍රී ධම්මදින්න දහම් පාසල

ඓතිහාසික රෝහණ දේශයේ ගොන්ගලකන්දේ නාගොඩ කැප්පිටියාගොඩ ශ්‍රී සුදර්ශනාරාමය නොහොත් පඹේදෙණියෙ විහාරස්ථානයේ ශ්‍රී ධම්මදින්න දහම් පාසල පිහිටා ඇත.

කැප්පිටියාගොඩ ‘පල්ලියගෙදර’ පරිත්‍යාගශීලීහු ඉදිරිපත් වීමෙන් නව විහාරස්ථානයක් කැප්පිටියාගොඩ ඉදි කළහ. එවකට වැඩ විසූ භික්‍ෂූවගේ අගනා ප්‍රතිපත්තිය නිසා ගැමියෝ විහාරස්ථානය වටා එක් වූහ.

නාගොඩ ශ්‍රී දේවානන්ද මාහිමියන්ගේ විහාරාධිපතිත්වයෙන් අනතුරුවද ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති තනතුර දැරුවෝ උන්වහන්සේගේ ශිෂ්‍යවර මිදිගම ශ්‍රී ධම්මදින්න මාහිමිපාණෝ ය. ධම්මදින්න මාහිමියන් අපවත්වීමෙන් පසු විහාරාධිපතිත්වයට පත් මිදිගම ධම්මානන්ද හිමියන් නිසා ස්වකීය ආචාර්යපාදයන් වහන්සේගේ අනුස්මරණය කැරෙමින් ශ්‍රී ධම්මදින්න දහම් පාසල ආරම්භ විය. විනයාචාර්ය කෝරළේගම පියනන්ද හිමියන් ලද සහාය ධම්මානන්ද හිමිගෙන් ලද ඉතා බලසම්පන්න ධෛර්යෙක්ම විය.

1955 ජූනි මස තුන්වැනි දා දහම් පාසල ආරම්භ කෙරිණි. පළමුවැනි ශිෂ්‍යයා ලෙසින් නෝමන් විජයතිලක ශිෂ්‍යයාගේ නම පොතේ ලැයිස්තු ගත කෙරිණි. ශ්‍රී ධම්මදින්න දහම් පාසලට වසර පනස් අටක් පමණ වෙයි.

ගාලු ගඟබඩ පත්තුව උතුර (නාගොඩ) ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලීය බල ප්‍රදේශයට අයත් කැප්පිටියාගොඩ ශ්‍රී ධම්මදින්න දහම් පාසල ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක, ජාතික මට්ටමින් ජයග්‍රහණ රාශියක් ලබා ඇත.

කොරළේගම පියනන්ද හිමියන්ගේ ප්‍රධානාචාර්ය ධුරයෙන් අනතුරුව දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ සාමවිනිසුරු සරත් වික්‍රම සෙනෙවිරත්න මහතා ප්‍රධානාචාර්ය ධුරය භාරගෙන වසර දහයක් පමණ දහම් පාසල මෙහෙයවූ අතර පසුව ඒ.ජී. සරණසිරි මහතා විසින් වත්මන් ප්‍රධානාචාර්ය ධුරය දරනු ලබයි.

නාගොඩ කැප්පිටියාගොඩ ශ්‍රී ධම්මදින්න දහම් පාසල තව තවත් බැබළේවායි ප්‍රාර්ථනා කරමු.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]