UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය

බුද්ධ ධර්මය

2013 අ.පො.ස. (සා.පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න

වඩාත් ගැළපෙන පිළිතුර තෝරා ලකුණු කරන්න.

01. පුද්ගල සන්තානගත ක්‍රෝධ හා වෛර සිතිවිලි පාලනය කරගත හැකි වන්නේ,
1. අධිෂ්ඨාන පාරමිතාවෙනි
2. ශාන්ති පාරමිතාවෙනි
3. උපේක්‍ෂා පාරමිතාවෙනි
4. වීර්ය පාරමිතාවෙනි

02. වෛර කරන මිනිසුන් අතර අපි වෛර නොකර සුවසේ ජීවත් වෙමු. මේ අදහස ඇති ගාථාව වන්නේ,
1. නහී වේරේන වේරානි 3. සුසුඛංවත ජිවාම
2. අසාරේ සාර මතිනෝ 4. යථා සංඛාර ධානස්මිං

03. “භවත්නි හඬ නොනගව් ඒ මහණ ගොයුම් එයි” ඒ ආයුෂ්මත් තෙම නිහඬ බව කැමැත්තේය. ආදී වශයෙන් නිහඬ බවේ වැදගත්කම කියා දෙන ලද්දේ,
1. සකුළුදායි පිරිවැජියා විසින්ය
2. පොට්ඨ පාද පිරිවැජියා විසින්ය
3. උපාලි ගෘහපතියා විසින්ය.
4. සෝණ දණ්ඩ බමුණා විසින් ය.

04. මිනිස් වර්ගයා අතර පහළ වූ අති ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයාණන් බුදුරජාණන් වහන්සේය. මෙසේ ප්‍රකාශ කළේ,
1. එච්. ජී. වේල්ස්
2. එඩ්වන් ආර්නෝල්ඩ්ය
3. රාධ ක්‍රිෂ්ණන්ය
4. අබ්දුල් අතාහිලාය

05. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මයේ සාරය ඇතුළත් ධර්ම රසයෙන් අනූන ග්‍රන්ථයකි. ධම්ම පදය මෙය ත්‍රිපිටකයේ ඇතුළත් වන්නේ,
1. දීඝනිකායට ය
2. මජ්ජිම නිකායට ය
3. ඛුද්දක නිකායටය
4. අංගුත්තර නිකායටය

06. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පද්මාකාර ජීවිතය නමින් හඳුන්වනු ලබන්නේ
1. නිවැරැදි සමාජයේ නිවැරැදිව ජීවත් වීමයි
2. පියුමක් සේ පිරිසුදුව ජීවත් වීමය.
3. සමාජයේ වැරැදි දකිමින් නිහඬව ජීවත් වීමයි.
4. වැරැදි බහුල සමාජයේ නිවැරැදිව ජීවත් වීමයි.

07. සමථ භාවනාවේදී අරමුණු මෙනෙහි කිරීම සඳහා යොදාගත හැකි කමටහන් ගණන
1. විස්සකි
2. දොළහකි
3. හයකි
4. හතළිහකි

08. හේතුඵල දහම අනුව අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් මෙනෙහි කිරීමේදී අනුලෝම පටිච්ච සමුප්පාදය ධර්ම තුළ නොගැළපෙන හේතුඵල දහම වන්නේ,
1. අවිඡ්ඡා පච්චයා සංඛාරා
2. විඤ්ඤාණ පච්චයා නාම රූප
3. සලායක පච්චයා වේදනා
4. වේදනා පච්චයා තණ්හා

09. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දිලින්දන්ට ධනෝපාය මාර්ග නොමැති නිසා විවිධ සමාජ ප්‍රශ්න ඇතිවෙන අයුරු පෙන්වා දෙන සූත්‍රය වන්නේ,
1. චක්කවත්ති සීහ නාද සූත්‍රය 3. සිඟිපෝවාද සූත්‍රයයි
2. මහා පරිනිබ්බාන සූත්‍රයයි 4. මහා නිදාන සූත්‍රයයි

10. බෞද්ධයාට අදාළ මූලික පිළිවෙත පංච ශීලයයි. එය රැකීමෙන් බලාපොරොත්තු වන්නේ,
1. සතුන් නොමරා අන්සතු දේ නොගෙන ජීවත් වීමයි
2. පුද්ගල හා සමාජ සංවර්ධනය ඇති කිරීමයි
3. අන් අයට කරදරයක් නොවී ජීවත් වීමයි
4. නිර්වාණ අවබෝධ කර ගැනීමයි

11. කාලා රස මුසු භෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම් ....
යනුවෙන් සාරධර්මයන්ගෙන් තොරව කා බී .. පිළිබඳ කියැවෙන මේ කරුණ ඇතුළත් වන්නේ,
1. සුභාෂිතයෙහි
2. බුදුගුණ අලංකාරයේ ය
3. ලෝවැඩ සඟරාවේ ය
4. ගුත්තිලයේ ය

12. සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් දකුණු දිශාවෙන් නියෝජනය වන්නේ,
1. සේවකයෝය 3. මිතුරෝය
2. මව්පියෝය 4. ගුරුවරුන්ය

13. ගමේ වෙසෙන සුමනදාස නම් කම්මල්කරු අහිංසකය. ප්‍රාථමික අධ්‍යාපනය කම්මලේ මෙසේ නාම පුවරුවක් එල්ලා ඇත. “ මෙම කම්හලේ සතුනට උගුල් ආදිය සාදනු නොලැබේ”
මේ අනුව සුමනදාස අරි අටගි මඟෙහි කිනම් අංගය අනුගමනය කරන්නෙක් ද ?
1. සම්මා කම්මන්තයයි
2. සම්මා වායාමයයි
3. සම්මා දිට්ඨියයි
4. සම්මා ආජීවයයි

14. ලක්දිව ප්‍රථම ස්ථූපය ලෙස සැලකෙන මහියංගණ ස්තූපයේ තැන්පත් කොට ඇත්තේ
1. කේශ ධාතු හා ග්‍රීවා ධාතුවයි
2. ග්‍රීවා ධාතුව හා පටී ධාතුවයි
3. කේශ ධාතු හා පාත්‍රා ධාතුවයි
4. පටී ධාතුව හා පාත්‍රා ධාතුවයි

15. ඉගෙන ගැනීමේදී සාර්ථකව එය ඉටුකර ගැනීමට අප සතුව අධිෂ්ඨානයක් තිබිය යුතු බව ලැබීමට අධිෂ්ඨානය පාරමිතාවක් වශයෙන් එක් ආත්ම භවයකදී සම්පූර්ණ කළ කථාව නම්,
1. උම්මග්ග ජාතකයයි
2. වෙස්සන්තර ජාතකයයි
3. මඛාදේව ජාතකයයි
4. තේමීය ජාතකයයි

16. ලෝමහංස ජාතකයෙන් ප්‍රකට වන පාරමිතාව වන්නේ,
1. උපේක්‍ෂා පාරමිතාවයි
2. මෛත්‍රී පාරමිතාවයි
3. සත්‍ය පාරමිතාවයි
4.නෙක්ඛම්ම පාරමිතාවයි

17. බුදුරජාණන් වහන්සේ නොකළ යුතු යැයි පෙන්වා වදාළ වෙළෙඳාම් පහට අයත් නොවන්නේ,
1. මත්ද්‍රව්‍ය වෙළෙඳාම
2. සුවඳ විළවුන් වෙළෙඳාම
3. මස් වෙළෙඳාම
4. මස් පිණිස සතුන් වෙළෙඳාම

18. බුදු දහමට අනුව ස්වාභාවික වනාන්තර උයන් ඒ දඬු පාලම් හා පොකුණු ආදිය
1. සමාජයට කරන උපකාරයක් ලෙස දක්වයි.
2. මිනිසුන්ට අවශ්‍ය දැව සපයා ගැනීමට උපකාරී වේ.
3. මිනිසුන්ගේ සතුට පිණිස හේතු වේ
4. දිවා රෑ පින් වැඩීමට හේතු වේ.

19. කම්මස්සකා මානව සත්තා කම්මදායාදා ...... යනාදී වශයෙන් කර්මය පිළිබඳව සඳහන් සූත්‍රය වන්නේ,
1. සච්චවිහංග සූත්‍රයයි
2. අනත්ත ලක්ඛණ සූත්‍රයයි
3. ඡුල්ලකම්ම විහංග සූත්‍රයයි
4. ධජග්ග සූත්‍රයයි

20. අට මහා පින්කම් අතරට අයත් නොවන්නේ,
01. බෝධි පූජාව
02. කඨින පූජාව
03. ආවාස පූජාව
04. අටපිරිකර පූජාව

ප්‍රශ්න අංකය පිළිතුර

1       2
2     1
3     2
4    4
5    3
6    4
7    4
8    3
9    1
10   2
11   3
12   4
13  4
14  1
15  4
16  1
17  2
18  4
19  3
20  1

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]