UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජාව

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජා මහෝත්සවය පසුගිය දා පැවැත්විණි. මහනුවර කටුකැලේ ලේඩ් බ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල් මාතාවගේ් ප්‍රධානත්වයෙන් මෙවර කඨින චීවරයේ දායකත්වය දරන ලද්දේ, මංජුල නාරායන මහතා හා එම මහත්මිය විසිනි. 20 දින අළුයම ලේඩ් බ්ලේක් ආරාමයේ සිට අලි ඇතුන් සහිතව පංචතූර්ය නාද පෙරහරකින් ශ්‍රී දළදා මාලිගාව වෙත කඨින චීවරය වැඩම කරවීය. මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2013 වසරේ දළදා මාලිගාවේ තේවා කටයුතුවල නිරත මහා විහාරවාසී සඟරුවන වෙත සංඝගත දක්ෂිණාවක් සහ කඨින චීවර පූජාව සිදු කෙෙරිණි. මංජුල නාරායන මහතාගේ නිවසේ සිට ලේඩ් බ්ලේක් ආරාමයට වැඩම වූ කඨින චීවරය කොත්මලේ සුධර්මා සිල් මාතාවට භාරදුන් අවස්ථාව.

ධාතු මන්දිරය විවෘත කැරෙන අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරය

ඉහළ කොස්ගම අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම මෙම මස 07 වන දා සිදු කැරේ. ධාතු මන්දිරයකින් පිදුම් ලබන ඉහළ කොස්ගම අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරය පිළිබඳව ද යමක් සඳහන් කිරීම උචිතය. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගම්නියම්ගම් – නගර අතුරෙන් කොස්ගම ද කුඩා නගරයකි. ඉහළ - පහළ වශයෙන් දෙකොටසකට බෙදී ඇති කොස්ගම ඉහළ කොටස අළුත් අම්බලම නමින් ද හැඳින්වේ.

ඉතිරිය»

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]