UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාවලපිටිය ශ්‍රී ධම්මජෝති දහම් පාසල

නාවලපිටිය ශ්‍රී ධම්මජෝති දහම් පාසල


විහාරාධිපති හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය

විහාරාධිපති හිමියන්, ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සමඟ ශිෂ්‍ය නායක නායිකාවන්


දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

ඓතිහාසික කන්ද උඩරට රාජධානියට අයත් නාවලපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරූ වළකුඹුරේ ධම්මජෝති හිමියන් සිහිගැන්වීම සඳහා පවත්වාගෙන යන ශ්‍රී ධම්මජෝති දහම් පාසල 1965 වර්ෂයේදී ආරම්භ කෙරිණ.

කලකදී වැසී ගිය මෙම දහම් පාසල 1970 වර්ෂයේදී එවකට සිටි විහාරාධිපති වැටකේදෙණිය වජිරකිත්ති හිමියන් විසින් සිසු සිසුවියන් 15 දෙනෙකුගෙන් නැවත ආරම්භ කරන ලදී.

දායක සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ නොමඳ කැපවීම නිසා විහාරස්ථානයේත් දහම් පාසලේත් දියුණුව දිනෙන් දිනම ඉහළ යන ලදී.

ගමට මිණි පහනක් බඳු වූ නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ දහම් පාසල් සිසු සිසුවියන් සහභාගි කරවා ගනිමින් දායක සභාව මඟින් විවිධ වැඩසටහන් රැසක් ආරම්භ කෙරිණි. මේ වනවිට මෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 200 ක් පමණ අධ්‍යාපනය ලබති. ආචාර්ය මණ්ඩලය 25 ක් පමණ වෙති.

ආචාර්ය මණ්ඩලයේ සරත් පෙරේරා සහ මුතුබණ්ඩා මහත්වරුන්ගේ නොමඳ උත්සාහයෙන් මෙම දහම් පාසල ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් අතර වැජඹෙන දහම් පාසලක් බවට පත් විය. කොට්ඨාස හා පළාත් තරග රැසකින් ජය ලබා ඇති මෙම දහම් පාසලේ භක්ති ගීත කණ්ඩායම කොට්ඨාසයේ හොඳම භක්ති ගීත කණ්ඩායම ලෙස සහතික සහ සම්මාන ලබා ඇත.

සෑම පුර පසළොස්වක පෝය දිනකම ආගමික වැඩසටහන් ඉදිරිපත් කර දහම් පාසල මඟින් දරුවන්ට විශාල ආධ්‍යාත්මික සංවර්ධනයක් සිදු කෙරිණි.

සෑම පුර පසළොස්වක පෝය දිනකම විවිධ වැඩසටහන් ඉදිරිපත් කරමින් දරුවන්ගේ දක්‍ෂතා හා දැනුම වැඩි දියුණු කිරීමට නා හිමියන් ගෙන ඇති පියවර නිබඳවම අගැයිය යුතුය.

 

 

 

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]