UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නොසංසිඳෙන වෛරය

නොසංසිඳෙන වෛරය

කවුරුන් හෝ කෙනෙක් අඛණ්ඩව ද්වේශයෙන්, කෝපයෙන් කල්පනා කරනවා නම් දැඩි කොටම ඔහුගේ සිතෙහි බැදුණ හොත් නැවත නැවත සිතද්දී එම වෛරය කිසිසේත්ම ඔහුගේ මනසින් පහව යාමක් සිදුවන්නේ නැහැ. එම වෛරයෙහි සන්සිදීමක් සිදුවන්නේ නැහැ. යම් දෙයක්

පිළිබඳව දිගින් දිගටම කල්පනා කිරීම තුළින් තමයි වෛරයක් අප තුළ ගොඩ නැගෙන්නේ. මෙනෙහි කිරීම තුළිනුයි ඔබ සංසාරගත වෛරක්කාරයකු බවට පත් කරන්නේ

වෛරය සන්සිඳුවා ගැනීම දුෂ්කර වන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපගේ මනසට වරින් වර පැන නැඟෙන්නා වූ මනෝභාවයන් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි. එම මනෝභාවයන් නිසා අපට සිදුවන හානියත් අපගෙන් සමාජයට සිදුවන හානියත්, අවම කරගැනීමට සහ නැතිකර ගැනීමට අවබෝධයක් තිබිය යුතුයි. ඛුද්ධක නිකායට අයත් ධම්ම පදය තුළ යමක වග්ගයෙහි වෛරය හෙවත් උපදානය පිළිබඳව ඉතාම වටිනා ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. යම්කිසි කෙනෙක් බැනීම්, පහරදීම් ,දිනීම් පැහැරගැනීම්, කියන තමන්ට අනෙකාගෙන් සිදුවුණු වැරැදි පිළිබඳව සිත තුළ බැඳගෙන තිබෙනවාද, එනිසාම එම සිත තුළ වෛරය අඛණ්ඩව නොසන්සිඳීම පවතී.

අක්කොච්ජි මං අවධිමං අජිනි මං අහාසි මෙ
යේතං උපනයහන්ති වෙර තෙසං න සම්මති
අක්කොච්ඡි මං අවධීමං අජිනි මං අහාසි මේ
යේතංනං උපනයේන්ති වෙරං තෙසුපසම්මති

අසුවලා සිය කුලයේ නිහීන පහත් ගති දක්වා කුලයෙන් මාව පහත්කොට මගේ දෙමාපියන්ට නිග්‍රහ කරමින් ආක්‍රෝශ පරිභව කළාය යනුවෙන් අඛණ්ඩව එම කාරණාව නිතර මෙනෙහි කරමින් කල්පනා කරනවා නම්, එම ද්වේශය වෛරයක් බවට පත්වෙනවා. ඒ විතරක් නොවෙයි අතින්, පයින්, දඬු මුගුරු වලින් සිතින් මට පහර දුන්නේය කියල කිසිවෙක් එම පහර දුන් පුද්ගලයා පිළිබඳව ද්වේශයෙන් දැඩි අකැමැත්තෙන් මෙනෙහි කරනවා නම් බොරු සාක්කි කියලා හෝ එකට එක කරලා හෝ මං පරදවල ඔහු ජයග්‍රහණය කළේය කියලා ඔහු පිළිබඳව මනසේ දැඩි අකැමැත්තක් උපදවා ගෙන මෙනෙහි කරනවා නම්, රත්තරං, රිදී, මුතු, මැණික්, මුදල් ආදි මා සතු ධනය පැහැර ගත්තේය කියලා කවුරුන් හෝ කෙනෙක් අඛණ්ඩව ද්වේශයෙන්, කෝපයෙන් කල්පනා කරනවා නම් දැඩි කොටම ඔහුගේ සිතෙහි බැදුණ හොත් නැවත නැවත සිතද්දී එම වෛරය කිසිසේත්ම ඔහුගේ මනසින් පහව යාමක් සිදුවන්නේ නැහැ. එම වෛරයෙහි සන්ස¼ිදීමක් සිදුවන්නේ නැහැ.යම් දෙයක් පිළිබඳව දිගින් දිගටම කල්පනා කිරීම තුළින් තමයි වෛරයක් අප තුළ ගොඩ නැගෙන්නේ. මෙනෙහි කිරීම තුළිනුයි ඔබ සංසාරගත වෛරක්කාරයකු බවට පත් කරන්නේ. එනිසා මෙම මනෝභාවය ඔබගේ සිත තුළ ඇති වීම වළක්වා ගන්නටයි ඔබ උත්සාහ කළ යුත්තේ. එම උත්සාහය ඔබ තුළ වර්ධනය කරන්නට නම් ඔබ තුළ පවතින දැඩි ආත්මාර්ථයෙන් නිදහස්විය යුතුයි. ලෝකයේ මනුෂ්‍යයන් වූ අප ඉතාමත්ම දැඩි අකැමැත්තක් දක්වන්නේ තමන් සතු දේ තමන්ට අහිමි කරනවාය හෙවත් පමණ ඉක්මවා යනවාටයි.

සමාජ ආගම, ජාතිය, භාෂාව පිළිබඳව මිනිස්සු මමත්වයන් ඇතිකරගනු ලබන්නේ දෙවනුවයි. පළමු වෙන් මනුෂ්‍යයා තුළ දැඩි කෘර මමත්වයක් ඇතිවන්නේ තමන් සම්බන්ධව හෙවත් තමන්ගේ යැයි සලකා ගත් දේවල් සම්බන්ධවයි. එනිසා කෙනකු තුළ වෛරයක් බවට පරිවර්තනය කරන මනසේ පැන නගින ද්වේශය නම්වු මනෝභාවය පැන නගින සිටම ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිව ඉඳීමයි. ද්වේශය යනු දැඩි ආත්මාර්ථ කාමයත් සමග ගොඩ නැගෙන මනෝභාවයක් බව අප අවබෝධ කරගත යුතුයි. එවිට අප තුළ ද්වේශයක් හටගත්තත් එය වෛරයක් කරා යන ගමන නවතා ගත හැකියි. මනස තුළ ගොඩ නැගෙන සිතිවිලි කෙතරම් ශක්ති සම්පන්න මනෝභාවයන්ද කියනවා නම්, අප කල්පනා කරන්නේ එම මනෝභාවයන් අප තුළ ඇතිවෙලා තියෙන්නේ ඉතාම සාධාරණ හේතු නිසා බවයි. එහි ගැබ්වෙලා තිබෙන ආත්මාර්ථය අප දකින්නට හෝ එම ද්වේශය අප තුළ අන්තර් ගත වූ දෙයක් ලෙස තේරුම් ගන්නට හෝ මනුෂ්‍යයා කැමැති වන්නේ නෑ. ඔබගේ සිත පිළිබඳව ඔබ වටහාගෙන සිටිනවා නම් වෛරී සිතක් ඔබ තුළ වර්ධනය වීම වැළැක්වීමට හැකිය. ද්වේශයක් පැමිණයත් එය අඛණ්ඩත්වයකට ගමන් කරන්නේ නැතිව වැඩෙන්නා වූ අවබෝධය තුළම එම ද්වේශය මගදී ඛණ්ඩනය කරන්නට අවකාශය ලැබේවි. ඒ පිළිබඳව ඔබගේ පූර්ණ අවබෝධය සහ අවධානය යොමු කළ යුතුය.

සටහන: හේමමාලා රන්දුනු

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]