UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය 2013 අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

බුද්ධ ධර්මය

2013 අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

වඩාත් නිවැරැදි පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න.

1. පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් සලකුණු ලබන්නේ කෝට්ටේ යුගයයි . එම යුගය වන්නේ,

1.ක්‍රි.ව. 1412 සිට ක්‍රි.ව. 1580 දක්වාය
2.ක්‍රි.ව. 1530 සිට ක්‍රි.ව. 1590 දක්වාය
3.ක්‍රි.ව. 1058 සිට ක්‍රි.ව. 1234 දක්වාය
4.ක්‍රි.ව. 1220 සිට ක්‍රි.ව. 1293 දක්වාය

2. විහාරයකට ගිය විට ත්‍රිවිධ චෛත්‍යය වඳින අනුපිළවෙළ වනුයේ

1.බුද්ධ ප්‍රතිමාව /බෝධිය /චෛත්‍යයටය
2.චෛත්‍ය /බෝධිය /බුද්ධ ප්‍රතිමාවටය
3.බෝධිය /බුද්ධ ප්‍රතිමාව /චෛත්‍යටය
4.බෝධිය / චෛත්‍ය / බුද්ධ ප්‍රතිමාවටය

3. සීගිරියේ කැටපත් පවුරෙහි කුරුටු ගී කියැවූයේ

1.නන්දසේන මුදියන්සේ මහතාය
2.බෙන්ජමින් රෝලන්ඩ් පඬිවරයාය
3.මාර්ටින් වික්‍රමසිංහසූරින්ය
4.සෙනරත් පරණවිතාන මහතාය

4.දැනට ලක්දිවෙන් සොයාගෙන ඇති අගනාම සඳකඩ පහන් වලින් එකක් දක්නට ඇත්තේ,

1.අනුරාධපුර රත්න ප්‍රාසාදයේය
2.අනුරාධපුර රුවන්වැලි සෑය අසලය
3.අනුරාධපුර බිසෝමාලිගය අසලය
4.අනුරාධපුර ථූපාරාමය අසලය

5.කලාකරුවන් බුද්ධ ප්‍රතිමාව සඳහා ඉරියව් හතරක්ම යොදාගෙන තිබේ එයින් ඔත් පිළිම යනු

1. සැතපෙන ඉරියව්වයි
2.හිඳි ඉරියව්වයි
3. සිටි ඉරියව්වයි
4. සක්මන් ඉරියව්වය

6.ස්තූපයක ආරක්‍ෂාවට එය වටකොට තනනු ලබා ඇති ගොඩනැගිල්ල “චේතිය ඝරය” නම් වේ. ඒ අනුව ලක්දිව හොඳම චේතියඝරය ඇත්තේ,

1.මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේය
2.අත්තනගල්ලේය
3. මැදිරිගිරියේය
4.නිල්ලක්ගම ය

7.ස්තූපයක ආරක්‍ෂාවට එය වටකොට තනනු ලබා ඇති ගොඩනැඟිල්ල “චේතිය ඝරය” වේ. ඒ අනුව ලක්දිව හොඳම චේතිඝරය ඇත්තේ

1.මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ ය
2.අත්තනගල්ලේ ය
3. මැදැරිගිරියේය
4.නිල්ලක්ගම ය

8.සිඟාලෝවාද සූත්‍රයට අනුව සේවකයා විසින් ස්වාමියාට කළ යුතු යුතුකම්වලට අයත් නොවන්නේ,

1.දුන්දෙය පමණක් ගැනීමය
2.ආහාර හා වේතන ලබාදීමය
3.ස්වාමියාට පෙර පිබිදීමය
4.ස්වාමියාගේ හොඳකම හා කීර්තිය පැතිරීමයි

9.කරණීය මෙත්ත සූත්‍රයට අනුව සේවකයා විසින් ස්වාමියාට කළ යුතු යුතුකම්වලට අයත් නොවන්නේ,

1.අතිශයින් අවංක වීමය
2.නුවණැති වීමය
3. ලදදෙයින් සතුටුවීමය
4.කටයුතු බහුල නොවීමය

10.මහාවිහාරීය භික්‍ෂූන් ධර්ම ශාස්ත්‍රීය කරුණු සාකච්ඡා කළ ලෝවාමහාපාය කරවූයේ,

1.දුටුගැමුණු රජුය
2.දෙවනපෑතිස් රජුය
3.මිහිඳු රජුය
4.මහසෙන්රජුය

11.සංඝරත්නයට වැඳීම සඳහා නිතර භාවිතා කරන සුපටිපණ්ණෝ ගාථාවේ ඇතුළත් සඟගුණ ගණන

1.හයකි
2. අටකි
3. නමයකි
4.හතකි

12.කිසියම් භවයක උපත ලබාදීම සඳහා ඉදිරිපත්වන කර්ම ශක්තිය හඳුන්වනු ලබන්නේ,

1.උපඝාතක කර්ම නමිනි
2.උපපීලක කර්ම නමිනි
3.උපස්ථම්භක කර්ම නමිනි
4.ජනක කර්ම නමිනි

13.සංසාර ගමනේ නිවන අවබෝධ නොකළ අය කාමලෝක වල නැවත උපදිති. එවැනි නාම ලෝක

1.එකොළහකි
2.හයකි
3. දහයකි
4. දෙතිසකි

14.මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන විපාක ගණයට ඇතුළත් නොවන්නේ,

1.සුවසේ නිදීමය
2.සුවසේ පිබිදීමය
3.දීර්ඝායු විදීමය
4.සිත වහා සමාධිගත වීමය

15.බුදුරදුන් විසින් අනත්ත ලක්‍ඛන සූත්‍රය දේශනා කරන ලද්දේ,,

1.ජටිල භික්‍ෂූන්ටය
2.පස්වග භික්‍ෂූන්ටය
3.ආනන්ද තෙරුන්ටය
4.සුභද්ද භික්‍ෂුවටය

16.බුදුරදුන් පටිච්ච සමුප්පාදය අග සිට මුලට – මුල සිට අගට මෙනෙහි කළේ,

1.දෙවන සතිය අවසානයේ ය
2.සත්වන සතිය අවසානයේ ය
3.පස්වන සතිය අවසානයේ ය
4.පළමු සතිය අවසානයේ ය

17.බුදුරදුන්ගේ අවසාන ශ්‍රාවකයාවීමේ ගෞරවය හිමිවන්නේ,

1.ආනන්ද හිමිට ය
2.අනුරුද්ධ හිමිට ය
3.සුභද්ද හිමිටය
4.චුන්ද හිමිට ය

18.තමා උපමා කොට වරදින් වැළකීමේ ක්‍රමය හඳුන්වන්නේ ,

1.අන්තජ්ක්‍ධාය පරජ්ජාස යනුවෙනි
2.අත්තුපනායික ධර්ම පර්යාය යනුවෙනි
3.අන්තෝජටා බහිජටා යනුවෙනි
4.අන්තුක්කංසන පරවම්භවන යනුවෙනි

19.ථෙරවාදී බෞද්ධ රටක් නොවන්නේ,

1.චීනය
2.මියන්මාරය
3.තායිලන්තය
4.කාම්බෝජය

20.ශ්‍රී ලංකාවේ මුල්ම ස්තූපය වශයෙන් මහාවංශයේ සඳහන් වන්නේ.

1.ථූපාරාම චෛත්‍යයයි
2.ගිරිහඬු සෑයයි
3.මහියංගණ චෛත්‍යයයි
4.රුවන්වැලි සෑය

ප්‍රශ්න අංකය  පිළිතුර

1       1
2      2
3     4
4    3
5    1
6    3
7   4
8    2
9   2
10   1
11   3
12   4
13   1
14   2
15   2
16   4
17   3
18   2
19   1
20   1

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]