UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඩු පහසුකම් යුත් විහාරස්ථාන
ගොඩනැංවීමට ආධාර


මහින්ද චින්තන සාරධර්ම ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම නව වැඩපිළිවෙල තුළින් උතුªරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ මූලිකත්වයෙන් අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල විහාරස්ථාන විසි අටක් (28) සඳහා රුපියල් පනස් දහසක බැගින් චෙක්පත් ප්‍රදානය කිරීම පසුගිය දා අනුරාධපුර දිසාපති කාර්යාලයේ දී සිදු විය. පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තිහක් තුළින් අඩු දායකයින් පිරිසක් සිටින විහාරස්ථාන තෝරා අඩුපාඩුකම් අවම කර ගැනීම සඳහා මෙම මුදල් ප්‍රදානය කිරීම සිදුවිය. 2016 වනවිට ආසියාවේ මධ්‍ය ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අභිලාෂයත් සමඟ සමාජය තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ඇතිකිරීමේ අරමුණින් විහාරස්ථාන ගොඩනගමින් ඒ සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමද මේ අනුව සිදුකරන බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා එහිදී සඳහන් කළේය. රුවැන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ අවස්ථාව සඳහා උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන්, උතුරුමැද පළාත් සෞඛ්‍ය ඇමැති එච්. බී. සෝමසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක්ද සහභාගි වූහ. - සහටන හා ඡායාරූප - අමිල ප්‍රභාත් වනසිංහ

රුවන්වැලි සෑරදුන්ට කප්රුක් පූජාව ඔක්තෝබර් 5 දා

රටවැසි සැමටත් විගණකාධිපති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටත් සෙත්පතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන්ට මහා කප්රුක් පූජාවක් ඔක්තෝබර් 5 වන සෙනසුරාදා පැවැත්වීමට විගණකාධිපති දෙපාර්තමේන්තු බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]