UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය

බුද්ධ ධර්මය

2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

වඩාත් නිවැරැදි පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න.

1. සත්ත්වයා මූලික වශයෙන් ශරීරය හා මනස යන අංග දෙකින් යුක්ත වේ. මෙම ශරීරය, මනස යන දෙක ක්‍රියාකාරීත්වය හඳුන්වනුයේ,

1. ත්‍රිලක්‍ෂණය නමින් ය.
2. පඤ්චස්කන්ධය නමින් ය
3. ත්‍රිශික්‍ෂා නමින් ය
4. පඤ්ච ඉන්ද්‍රිය නමින් ය

2. සිත, කය, වචනය යන තිදොරින්ම සිදු කරනු ලබන කුසල් හෝ අකුසල් ගණන
1. 3 කි
2. 5 කි
3. 10 කි
4. 20 කි

3. යමෙක් මෙලොව කෙටි ආයුෂ ඇතිව බොහෝ රෝගාබාධ ඇතිව අවලස්සනව උපත ලබනුයේ කවර හෙයින් දැයි බුදුරදුන්ගෙන් විමසන ලද්දේ,
1. සුභ තරුණයාය,
2. සෝණ දණ්ඩ බමුණාය
3. වංකී බමුණාය
4. පොට්ටපාද පරිබ්‍රාජකයාය

4. බෞද්ධයාගේ අත්පොත සේ සලකනු ලබන ධම්මපදය අයත් වනුයේ කිනම් නිකාය ග්‍රන්ථයටද?
1. අංගුත්තර නිකායටය
2. දීඝ නිකායටය
3. මජ්ඣිම නිකායටය
4. ඛුද්ධක නිකායටය

5. “බුදුරජාණන් වහන්සේගේ සනාතන දහම් පණිවුඩය දීප්තිමත් තරුවක් සේ බබළයි.” යන මෙම ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද?
1. ඉන්දියානු අගමැති ජවහල්ලාල්නේරුතුමා ය
2. මන්මථනාත් ශාස්ත්‍රි පඬිවරයා ය
3. ආචාර්ය සර්වජල්ලිරාධා ක්‍රිෂ්ණන් ය
4. ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් ය

6. “ඔබ වහන්සේ මෙහි වැඩම කළේ කලකට පසුවයි. වැඩමවීම බොහොම හොඳයි. පැනවූ ආසනය තිබේ. වැඩ හිඳිනු මැනවි” මෙසේ බුදුරදුන්ට ප්‍රකාශ කරන ලද්දේ,
1. උපාලි ගෘහපතියාය
2. සකුළුදායි පරිබ්‍රාජකයාය
3. පොට්ටපාද පරිබ්‍රාජකයාය
4. නිගන්ඨනාථපුත්ත

7. බුදුරදුන් සමඟ වාද කිරීමට ගොස් වාද නොකොට උන්වහන්සේට දානයට ආරාධනා කොට ගියේ,
1. බිම්බිසාර රජුය
2. ආලවක කුමරුය
3. අභය රාජකුමරුය
4. භත්‍ථාලවක කුමරුය

8. ගෞරව සම්මාන හා ප්‍රශංසා වැඩි දියුණු වීමට හේතුවන කරුණු සඳහන් වන්නේ පහත සඳහන් ගාථා වලින්,
1. සබ්බ පාපස්ස අකරණං ගාථාවෙනි
2. චරං චේ ගචෙඡය්‍ය ගාථාවෙනි
3. සාරඤ්ච සාරතෝ ඤත්වා ගාථාවෙනි
4. උට්ඨානවතො සතිමතො ගාථාවෙනි

9. වැරැදි බහුල සමාජයක නිවැරැදි ජීවිතයක් ගත කිරීම හඳුන්වනු ලබන්නේ,
1. සම්මා ජීවිතය නමින්ය
2. පද්මාකාර ජීවිතය නමින්ය
3. සාමකාමී ජීවිතය නමින්ය
4. සුසික්ෂිත ජීවිතය නමින්ය

10. කුසල් අරමුණක සිත පිහිටුවා සන්සුන් කර ගැනීම සඳහා ඉවහල්වන භාවනාව මින් කුමක්ද?
1. විදර්ශනා භාවනාවය
2. සමථ භාවනාවය
3. පිළිකුල් භාවනාවය
4. මරණානුස්සති භාවනාවය

11. සිතක පවත්නා නොසන්සුන් බව පසුතැවෙන ගතිය නීවරණ ධර්මවල හඳුන්වා ඇත්තේ,
1. ව්‍යාපාදය නමිනි
2. ථීනමිද්ධ නමිනි
3. උද්දච්ච කුක්කුච්ච නමිනි
4. විචිකිච්චා නමිනි

12. පංචනීවරණ ධර්ම උපමා පහකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. ඉන් බොර වතුරට උපමා කරන ලද්දේ,
1. විචිකිච්චාවයි
2. ථීනමිද්ධයයි
3. කාමච්ඡන්දයයි
4. ව්‍යාපාදයයි

13. සමථ භාවනාව වඩන යෝගාවචරයෙකුට යොදාගත හැකි අරමුණු ගණන කොතෙක්ද?
1. දහයකි
2. හතරකි
3. සතකි
4. හතළිහකි

14. පංච අභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත හැකි වන්නේ පුද්ගලයෙකුට කිනම් භාවනාව වැඩීමෙන් ද?
1. විදර්ශනා භාවනාව වැඩීමෙන් ය
2. සමථ භාවනා වැඩීමෙන් ය
3. කායගතානුසතිය වැඩීමෙන් ය
4. මෙත්තානුස්සතිය වැඩීමෙන් ය

15. ථෙරවාදී ඉතිහාසයෙහි සතරවන සංගායනාව ලෙස සලකනු ලබන්නේ,
1. අශෝක රජු දවස පැවැත් වූ සංගීතයයි
2. කාලාශෝක රජු දවස පැවැත් වූ සංගීතියයි
3. වළගම්බා රජු දවස පැවැත්වූ සංගීතියයි
4. කණිෂ්ක රජු දවස පැවැත්වූ සංගීතියයි

16. සිරගෙයි සිටියදී තම කුටිය තුළ සමාධි පිළිමයක ඡායාරූපයක් තබාගෙන විශාල අස්වැසිල්ලක් ලබන ලද්දේ මින් කවරෙක් ද?
1. මහත්මා ගාන්ධි තුමාය
2. බිම්බිසාර රජතුමාය
3. ශ්‍රී නේරු තුමාය
4. සොක්‍රටීන් නම් ගී‍්‍රක පඩිවරයාය

17. ණය නැතිකම හේතුවෙන් සිතෙහි ඇතිවන සුවය බුදුදහමට අනුව හඳුන්වන්නේ,
1. අණන සුඛය යනුවෙනි
2. අත්ථි සුඛය යනුවෙනි
3. භෝග සුඛය යනුවෙනි
4. අනවජ්ජ සුඛය යනුවෙනි

18. “සවෙ මනුසා පජා මම” සියලු මිනිසුන් මගේ දරුවෝය. යනුවෙන් ප්‍රකාශ කළ රජතුමා කවුද?
1. දුටුගැමුණුය
2. දෙවනපෑතිස්සය
3. අශෝකය
4. වළගම්බාය

19. බුදුරදුන්ගේ පුරුෂදම්ම සාරථි බුදුගුණය පදනම් කරගෙන ලියූ ගද්‍ය කෘතිය මින් කුමක්ද?
1. බුත්සරණය
2. සිඛවළඳ විනිසය
3. දම්පියා අටුවා ගැටපදය
4. අමාවතුර

20. අනුරාධපුර යුගයෙන් අපට ඉතිරිව ඇති එකම පද්‍ය කෘතිය සේ සැලකිය හැකි වන්නේ,
1. සසදාවතය
2. මුවදෙව්දාවතය
3. සියබස්ලකරය
4. කව්සිළුමිණ

ප්‍රශ්න අංකය පිළිතුර

1.    2
2.   3
3.   1
4.   4
5.   1
6.   2
7.   3
8.  4
9.  2
10.  2
11.  3
12.  1
13.  4
14.  2
15.  3
16.  3
17.  1
18.  3
19.  4
20.  3

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 08.15 ට ලබයි.
27 වැනිදා සිකුරාදා අපරභාග 10.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]