UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රශ්නය- මේ ධම්මපද ග්‍රන්ථයෙහි එන්නේ 20වන වර්ගයේ දෙවන ගාථාවය. සරල සිංහල අර්ථය පැහැදිලි කර ‘සබ්බේ සංඛාරා අනිච්චාති’ යන්නට පරිකථා විවරණය කරන්න.

පිළිතුර- සබ්බේ සංඛාරා අනිච්චානි යදා පඤ්ඤාය පස්සති අථනිබ්ඛන්දති දුක්ඛේ එසමග්ගොවිසුද්ධියා ගාථා ධර්මයෙහි අන්තර්ගත අදහස් මෙසේ ය. සියලු සංස්කාරයෝ අනිත්‍යයයි. යමෙක් නුවණින් දකී ද, එකල දුකෙහි කළ කිරේ. සසර පැවැත්ම අවබෝධ කර ගනී. මෙය නිවනට මඟ වේ.

අනිච්චාවත සංඛාරා - සංස්කාර ධර්ම අනිත්‍ය ලක්‍ෂණයෙන් යුක්ත වන බැවින් දුක්ඛය දුක්ඛ ලක්‍ෂණ යුක්ත බැවින් අනාත්මය. අනිත්‍ය ලක්‍ෂණය නම් බිඳී යාමය. පිළිසිඳගත් මොහොතේ සිට දිරීම වෙනස්වීම ආදී වශයෙන් පරිහානිය කරා යොමු වීම.

දුක්ඛ ලක්‍ෂණය නම් – පිළිසිඳ ගත් මොහොතේ සිට දිරීම ආදී කොට තැලීම, පෙළීම නිසා ඇතිවන දුක් වේදනාවය.

අනාත්ම ලක්‍ෂණය – තම කැමැත්ත අනුව මේ කිසිවක් නොපවත්නා බව ය. තම පංචස්කන්ධය පිළිබඳ කිසිවක් තමා යටතෙහි නොපැවැත්වීම යි. තමාට තම ශරීරයෙහි ආධිපත්‍ය නැති බවය.

ප්‍රශ්නය- ධර්ම ග්‍රන්ථයෙහි ආසව යන්නෙන් අදහස් කොට ඇත්තේ කුමන ධර්මයක් ද පැහැදිලි කරන්න.

පිළිතුර- කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන මේ සතරයි. කායගතා සතිය නිතර වඩන මහණ දම් පුරන පැවිද්දන්ගේ හා සිහි නුවණින් යෙදුණු දැහැමි ගිහියන්ගේ කාමාදී ආශ්‍රවයෝ නැසී යන්නාහ.

ප්‍රශ්නය-නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකය. මේ කියමන ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර-දිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨි නම් වෙයි.ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන් ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවැතී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ ‘වත්ථික’ වන්නා සේම මනා දැකීමට සුදුසු වූයේ ‘සන්දිට්ඨික’ නම් වේ.

ප්‍රශ්නය-ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමි වූ ඇය බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට ලක්වීමෙන් මෙහෙණි සසුනට ඇතුළත් ව රහත් බව ලබා විනයවාදී මෙහෙණින් අතුරෙහි අගතැන් ද ලැබුවා ය. මේ තැනැත්තිය කවුද? රහත් මෙහෙණිය වීමට කලින් ඇයගේ ජීවන චරිතය පිළිබඳව කෙටි සටහනකින් පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතු වී පෙනේද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර-බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට යොමු වූ ඇය පටාචාරා අසරණියයි. තම ස්වාමියාත් දරු දෙදෙනාත් දෙමාපියනුත් එකම සහෝදරයාත් එකම දා මිය යාමෙන් සෙනෙහෙබර ලෝකය අහිමි වූ පටාචාරාව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට ලක්වීමෙන් සුවපත් වූවා ය. මෙයින් බුදුරජාණන් වහන්සේගේ මානව හිතවාදී ගුණය කැපී පෙනිණි.

ප්‍රශ්නය

යම් පුද්ගලයකු සන්තකය විනාශය සඳහා යොමුවන සුලු නැත්නම් දොරටු හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ඒ මොනවාද?

පිළිතුර

රහමෙර පානය, නොකල්හි වීදි සංචාරය, නිතර නෘත්‍ය දර්ශන නැරැඹීම, දූ කෙළිය, පාප මිත්‍ර සේවනය සහ අලස බව.

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]