UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ කොඩියට නිසි තැන දෙමු

බෞද්ධ කොඩියට නිසි තැන දෙමු

සමස්ත ලෝකවාසී බොදු ජනතාවගේ ම ගෞරවයට පාත්‍ර වූ බෞද්ධ කොඩියට වර්තමානයේදි ඇතැම් පුද්ගලයන් විවිධ වෙනස්කම් සිදුකරන බැව් මා වෙත වාර්තා වී ඇත. එවැනි තත්වයක් යටතේ අපේ බෞද්ධ කොඩියට නිසි තැන හිමි නොවන බව හැඟී ගිය නිසාම පසුගිය වෙසක් සමයේදී දන්සල් හා වෙනත් ස්ථානයන්හි ජනතාව කැදවීම පිණිස බෞද්ධ කොඩිය යොදා නොගන්නා ලෙසත් ඒ සඳහා කහ පාට කොඩියක් භාවිතා කරන ලෙසත් අප සියලුම මාධ්‍ය මගින් දැනුම්දීම කළේ බෞද්ධ කොඩියට සිදුවෙන හානිය හා අපකීර්තිය නතර කිරීම සඳහා බව නැවත සිහිපත් කළ යුතුය.

පසුගිය කාලයේ විවිධ ආයතන හා පුද්ගලයන් තමතමන්ගේ නම් ආයතන නම් දමා බෞද්ධ කොඩිය කිසියම් ප්‍රචාරක මාධ්‍යයන් ලෙසින් භාවිත කළ බවද නොරහසකි. වෙසක් සමයේදි විවිධ ඡායාරූප , වැකි දමා හැඩකොට බෞද්ධ කොඩිය යාන්තමට සංකේතයක් කොට තිබියදි අප දෙපාර්තමේන්තුවක් වශයෙන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේ බෞද්ධ කොඩිය යනු නීල (නිල්) පීත (කහ) ලෝහිත (රතු) ඕදාත (සුදු) හා මාංජ්‍යෙෂ්ඨ (රතු මිශ්‍ර කහ ) යන වර්ණයන්ගෙන් යුතු වෙනත් රූප හා වැකි නැති කොඩියක් භාවිත කරන ලෙසටය.

සියලු සංකේතයට අනන්‍යතා ඇති අතර බෞද්ධ කොඩිය ට ද එවැනි වටිනාකම් සහිත අනන්‍යතාවක් ඇත. මේ දිස්වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ සවණක් රැස් මාලාවයි. එය ඒ අයුරින් බොදු ජනතාවට පෙනෙන්නට සැලැස්වීම කොඩි නිෂ්පාදනය කරනු ලබන ආයතනවල වගකීමකි. කිසිවෙක් සිය ආගමික සංකේත වෙනස් කරනවාට කිසිසේත්ම කැමැති නැත. එවැන්නක් කිරීම කොඩිය කිසියම් ආකාරයකින් හානියකට සහ අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කිරීමකට කටයුතු නොකිරීමකි.

වර්ෂ 1987 දී ප්‍රමිති ගත වූ කෙටුම්පතෙහි සම්මත වූ බෞද්ධ කොඩිය අන්තර් ජාතික කොඩියක් වශයෙන් ධජ පතාක විශේෂඥයන් විසින් අනුමත කර ඇත්තේ එහි වැකි හා ඡායාරූප නොමැති වර්ණ තීරු සහිත කොඩියක් ලෙසිනි. බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම් පතෙහි ද වැකි හා ඡායා රූප පිළිබඳ සඳහනක් නැත.

බෞද්ධ කොඩි නිෂ්පාදනය කරන ආයතන විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කර ඇති නීති රීතින්ට අනුව සියලු නිෂ්පාදන ආයතන කොඩි නිෂ්පාදනය කළ යුතුය.

අත්තනෝමතිකව බෞද්ධ කොඩියට නොමැති සංකේත එකතු කිරීමටත් නැති වර්ණ සංයෝජන කිරීමටත් හැකියාවක් නැත. වර්ණ සංයෝජන පවා අප භාවිත කළ යුත්තේ නීල (නිල්) පීත (කහ) ලෝහිත (රතු) ඕදාත (සුදු) මාංජ්‍යෙෂ්ඨ (රතු මිශ්‍ර කහ) යන වර්ණයන්ට හානි නොවන ආකාරයටය.

අපට අවශ්‍ය පරිදි පාට වෙනස් කිරීමෙන් අපේක්‍ෂිත සවණක් රැස් මාලාව නොව දැකිය හැකි වන්නේ වෛවර්ණ පාට සංකලනයකි.

මෙවැනි කරුණු මහත් අවධානයෙන් දැන අපේ බෞද්ධ කොඩියට හානි නොපමුණුවා තවත් 2500 ක් සම්බුදු සසුනේ සංකේතයක් ලෙසින් භාවිත කරන්නට බොදු සිත් ශ්‍රද්ධාවෙන් පුරවාලන්නට සුරැකීම අපේ පරම යුතුකමකි.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]