UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය

 

ශාසනාරක්‍ෂක මණ්ඩලය යනු වචනාර්ථයෙන්ම ගම්‍ය වන ආකාරයට සම්බුදු සසුනේ උන්නතිය සහ චිරස්ථිතිය සඳහා ආරම්භ කරන ලද මෙරට ප්‍රබල බෞද්ධ සංවිධානයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පදනම් කර ගනිමින් ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයත්, ඒ ඒ දිසා තුළ ස්ථාපිත ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල ඒකාබද්ධව දිසා ශාසනාරක්‍ෂක මණ්ඩලත්, එම දිසා ශාසනාරක්‍ෂක මණ්ඩල ඒකාබද්ධ කර සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයත් ස්ථාපිත වී ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සිට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය දක්වා වූ ශාසනාරක්‍ෂක මණ්ඩල ජාලය ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික තලය දක්වා විසිරී පැතිරී ඇති ප්‍රබලතම බෞද්ධ සංවිධානයකි.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය ආරම්භ කර ගත වූ එකොළොස් වසරක ප්‍රගතිය දෙස නැවත හැරී බලන විටමහත් ආදර්ශවත් නිහඬ සේවාවක් සිදු කර ඇති ආකාරය දැන ගත හැකිවේ.

එම උදාර නිහඬ මෙහෙවර බෞද්ධ ජන සමාජය වෙත තව තවත් වර්ධනය කිරීම ද කාලෝචිතය.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ පස් අවුරුදු සැලැස්ම මේ වන විට දිසා ශාසනාරක්‍ෂක සහ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා සහ සභාපති ස්වාමීන් වහන්සේලා දැනුම්වත් කරමින් පවතී.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ගෝණදූවේ ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන අතර සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහතා වේ.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ පස් අවුරුදු සැලැස්ම තුළ ඇතුළත් ශාසනාභිවෘද්ධිය පිළිබඳ කාර්ය භාරයේදි සාමණේර භික්‍ෂූ ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම, විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සඳහා විහාරස්ථාන කළමනාකරණ පුහුණු වැඩසටහන් පැවැත්වීම, දස සිල් මාතාවන් සඳහා ආගමික කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම, සෑම විහාරස්ථානයකම හැකි පමණ කුලදරුවෙකුවත් සසුන්ගත කරවීමට කටයුතු යෙදීම, පසළොස්වක පොහොය දිනයෙහි දායක ප්‍රජාව තුළ ආගමික ශ්‍රද්ධාව වර්ධනය වන අයුරින් සීල භාවනා පින්කම සංවිධානය කිරීම හා ඒ සඳහා වැඩි වශයෙන් තරුණ පිරිස් සහභාගි කරවා ගැනීම පසළොස්වක පොහොය දිනයන්හි හා සෑම සෙනසුරාදා ඉරිදා දිනයන්හි ගිලන්පස බුද්ධ පූජාව වැනි ආගමික වැඩසටහන් පැවැත්වීම ආදි කරුණු රැසක් ඇතුළත් වේ.

එමෙන්ම දහම් පාසල් අධ්‍යාපනයේ අභිවෘද්ධිය විෂයෙහි කාර්යභාරය තුළ දහම් පාසල් නොයන දරුවන් දහම් පාසල් යැවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දහම් පාසල් නොමැති විහාරස්ථානවල දහම් පාසල් ආරම්භ කිරීම, භෞතික සම්පත් අඩු දහම් පාසල් සඳහා එම සම්පත් සම්පූර්ණ කර දීමට මගපෙන්වීම, සමස්ත ලංකා දහම් පාසල් දිනය සැමරීමේ උත්සව ප්‍රාදේශීය වශයෙන් සිදුකිරීම ආදි කරුණු රැසක්ද ඇතුළත් වේ.

සමාජ සංවර්ධනය උදෙසා කාර්ය භාරයේදී විහාරස්ථ ශාසනාරක්‍ෂක මණ්ඩල සෑම විහාරස්ථානයකම ආරම්භ කරවීම, ස්වාමීන් වහන්සේලාගේ මව්පියවරු අගයන බුදුපුත් මා පිය උපහාර වැඩසටහන් සිදු කිරීම,ආර්ථික අපහසුතා ඇති ස්වාමින් වහන්සේලාගේ දෙමාපියන්ට උපකාර කිරීම අඩු ආදායම්ලාභී දායකයින් සඳහා නිවාස ඉදිකරදීමට අදාළ අනෙකුත් ආයතනද සම්බන්ධ කර ගෙන නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආදි කරුණු රැසක් ඇතුළත් වේ. සංස්කෘතික කාර්ය භාරයේ දි ප්‍රදේශයේ ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු යෙදීම, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, අනගාරික ධර්මපාලතුමා, ඕල්කට් තුමා ආදි ජාතික විරුවන් සිහිපත් කිරීම සඳහා වැඩසටහන් සිදුකිරීම ආදිය වේ. ඉහත දක්වන ලද්දේ පස් අවුරුදු සැලැස්මේ ඇතුළත් කරුණු අතර කීපයක් පමණි.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය ක්‍රියාත්මක වීමෙන් සිදු කර ඇති මහඟු මෙහෙවරට අමතරව ඉහත දක්වා ඇති අයුරින් පස් අවුරුදු සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් මෙරට බෞද්ධ ජන සමාජය යුග ගණනාවක් පුරා එම මහඟු මෙහෙවර මහත් කෘතවේදිත්වයෙන් අගය කරනු ඇත.

එම කටයුතු සඳහා ශක්ති පමණින් සහයෝගය දැක්වීම මෙ රට සම්බුදු සසුනේත්, බෞද්ධ සමාජයේත් අභිවෘද්ධිය ට ම හේතුවනු ඇත.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]