UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

 අගනුවර බෞද්ධ සංවිධාන එකමුතුව මෙහෙයවීමෙන් කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය මගින් වාර්ෂිකව පිණ්ඩපාත දානමය පින්කමක් මහසඟරුවන සියක් නමකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එම මහ සඟරුවන ලේක්හවුස් ආයතනයට වැඩම කළ අවස්ථාවේ දී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ බන්දුල පද්මකුමාර මහතාගේ උපදෙස් පරිදි ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පිණ්ඩපාත දානය පූජා කෙරිණි. එහිදී ලේක්හවුස් කර්‍තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රසංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, දිනමිණ කර්තෘ ගාමිණි ජයලත් මහත්වරු ඇතුළු සේවක සේවිකාවන් රැසක් පිණ්ඩපාත දානය පිරිනැමීමට සහභාගිවූහ.

රට පුරා පාසල් නියෝජනය වන පරිදි සංවිධානය කරන ලද ඇසළ මහා සිසු පෙරහර පසුගිය 22 දා වීථි සංචාරය කෙරිණි. එහිදී නැටුම් කණ්ඩායම්, භක්ති ගීත රථ, අලි ඇතුන් ඇතුළු අංග 175 ක් පමණ මෙයට සහභාගි වූහ.

ගම්පහ අස්ගිරිය ප්‍රගති ප්‍රජා මණ්ඩලයට වර්ෂ 43 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ පොසොන් බැති ගී සරණිය පසුගිය ජූනි 23 දින රාත්‍රියේ අස්ගිරිය ප්‍රගති ප්‍රජා මණ්ඩල සමිති ශාලාවේ දී පැවැති අතර ඒ අවස්ථාවට පෙර පාසල්, ළමා සමාජ හා දහම් පාසල්වල සිසු දරු දැරියන් සහභාගි විය.

 
 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]