UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වහුමුවේ විජයවංස නා හිමි

එකල අද මෙන් නොව ගුවන්විදුලි යන්ත්‍රයක් පවා පැවැතියේ ගමක නිවාස කීපයක පමණි. එමෙන්ම ගුවන් විදුලි සේවයක් ලෙස පැවැතියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය වෙළෙඳ ආදි සේවාවන්ය.

එම ගුවන්විදුලිය මගින් ඉරිදා පෙරවරුවේදි මෙන්ම බදාදා රාත්‍රියේදී හෝරාවක් පුරා දහම්දෙසුමක් විකාශය කෙරිණි. එම දහම් දෙසුම නොවරදවා ගම්වැසියන් ශ්‍රවණය කරන ලද්දේ නිවාස කීපයක නිවැසියන් ගුවන්විදුලි යන්ත්‍රයක් සතු නිවසකට ඒකරාශි වීමෙනි. එම ධර්ම දේශනා හැරුණුවිට පාසල් දහම්පාසල් ගියකුඩා දරුවෝ ගුවන්විදුලියේ ශ්‍රාවක හද ඇඳ බැඳ තබා ගැනීමට තවත් ආගමික වැඩ සටහනක් පැවැත්විණි. එනම් දහම් දැනුම තරඟය එයයි.

දිගුකලක් පුරා එම දහම් දැනුම තරඟය මෙහෙයවූ ස්වාමින්වහන්සේ වහුමුවේ විජයවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. එකල ‘දහම් දැනුම’ ශ්‍රවණය කළ ශ්‍රාවකයා වහුමුවේ විජයවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මිහිරි හඬ බෙහෙවින් පි‍්‍රය කළහ. එකල බොහෝ දෙනා උන්වහන්සේගේ හඬින් හඳුනා ගන්නට තරම් වාසනාවන්ත වූහ.

මෙරට ධර්ම සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශාල මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේ කුරුණෑගල දිසාවේ කටුගම්පල දකුණු කෝරළයේ හම්මලවදී 1939 ජනවාරි 14 වැනිදා මෙලොව උපත ලැබීය. එස්. එම්. ශ්‍රී බණ්ඩාර සහ බී.එම්. පොඩිමැණිකේ දම්පතී හු මව් පියවරු වූහ. මූලික අධ්‍යාපනය කිරින්දව රජයේ විද්‍යාලයෙන් ලැබීය.

එකල ශාස්ත්‍රාචාර්ය හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි නාහිමි, හෙන්ඩියගල ශ්‍රී‍්‍ර සීලරතන නා හිමි, ආචාර්ය රකුපොළ ආනන්ද නාහිමි සහ හීනටියන ධම්මාලෝක නාහිමි ඇතුළු ධර්මදේශක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒ ඒ ප්‍රදේශවල ප්‍රධාන පාසල්වල දහම් දෙසුම් පවත්වා පැවිද්ද සඳහා දස දෙනෙකු තෝරා ශිෂ්‍යයා ආසන්න විහාරස්ථානයට බාර දෙයි.

එකල මේ කුමරුවා පැවිද්ද සඳහා යොමු කරන ලද්දේ පනාවල විජයසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතය. කොළඹ නව කෝරළයේ සහ නව තොටුමුණේ ප්‍රධාන සංඝනායක හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි නාහිමියන් වෙතින් 1949 ජූලි 18 වැනිදා කුලියාපිටිය බරිගොඩ ශ්‍රී මහින්දාරාමයේදි පැවිදි බිමට පත් විය.

මූලික පිරිවෙන් අධ්‍යාපනය නැදලගමුව ධර්මරාජ පිරිවෙනෙන් ලබා වැඩිදුර අධ්‍යාපනය කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ලැබීය. 1962 මැයි 18 වනදා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ සඟරුවන වෙතින් අධිසිල් ලැබූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලැබූ උන්වහන්සේ කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලය කොළඹ 08 චන්ද්‍රලේඛා විද්‍යාලය,මාතර මහා මන්තින්ද පිරිවෙන හා කොළඹ හුණුපිටිය ශ්‍රී ඤාණේශ්වර පිරිවෙනෙහි ධර්මාචාර්යවරයෙකු ලෙස සේවය කර අනුරාධපුර රුවන්වැලි සෑය පරිවෙනාධිපති ලෙසද සේවය කළහ.

මහවැලි කලාපීය විහාරස්ථාන පන්සියකට ආසන්න දහම් පාසල් පිහිටුවීමට ක්‍රියාකළ වහුමුවේ විජයවංස නායක හාමුදුරුවෝ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධ උපදේශක සාමාජිකත්වය ඉතා දිගු කලක් දැරූහ.

ඉන්දියාව සිංගප්පූරුව ජපානය,ඉන්දුනීසියාව, එංගලන්තය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව ,ඇමරිකාව ආදි පෙර අපර දෙදිග රටවල් රැසකම වැඩම කර ඇති වහුමුවේ විජයවංස හාමුදුරුවෝ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ කොළඹ නව කෝරළයේ සහ නව තොටමුනේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද පිදුම් ලැබූහ. කොළඹ ඇල්විටිගල මාවත රාජායතන බෞද්ධ ආශ්‍රමාධිපති වහුමුවේ විජයවංස නාහිමියන් විසින් සිය පැවිදි දිවිය නිමිත්තෙන් බරිගොඩ ශ්‍රී මහින්දාරාමයේ දී ඇසළ පෝදා ධර්ම ග්‍රන්ථ ප්‍රදානයක් පැවැත්වේ.

මෙරට ධර්ම කථිකයන් වහන්සේලා අතර ගෞරවාදරයට පාත්‍රව වැඩ වසන වහුමුවේ විජයවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදුකරන ධර්ම සන්නිවේදන මෙහෙවර දිගුකලක් පුරා සිදු කිරීමට ධෛර්ය හා ශක්තිය ලැබේවා!

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]