UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගෝස්තු මස 07 දින ඇරඹෙයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි අගෝස්තු මස 07 දින පෙරවරු 7.59 උතුරු දිශාභිමුඛව කප් සිටුවීමට නියමිතය. එදින සිට අගෝස්තු 10 දා තෙක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි.

ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 11 දින පස්වරු 7.31 ට වීදි සංචාරය කිරීමට නියමිතය. ශ්‍රී දළදා මාලිගාව අභියසින් පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

කුඹල් පෙරහර අගෝස්තු 15 දින නිමාවට පත්වීමෙන් පසු පසුදින රාත්‍රීයේ ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය අරඹයි. පුරා දින පහක් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දින වීදි සංචාරය කෙරෙන අතර පසුදින අලුයම ගැටඹේ දිය කපනා තොටේදී දියකැපුම් මංගල්‍යය පැවැත්වෙයි. එදින දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පස්වරුවේ පෙරහර සමාප්ති උත්සවය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මැදුරේදී පැවැත්වීමට නියමිතය. - අසේල කුරුළුවංශ

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]