UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික වස් පින්කම් මාලාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික වස් පින්කම් මාලාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික වස් පින්කම් මාලාව, මෙම ඇසළ පුර පොහොය දින සිට ආරම්භ වෙයි. ජයසිරි මහා බෝ සමිඳුන් වෙත හිමිදිරි පාන්දර පිළිගන්වනු ලබන පැන් නොමුසු ක්‍ෂීරපායාස දානයෙන් අරඹන මෙම පින්කම් මාලාව, ලබන ඔක්තෝබර් 18 වෙනි දින දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

දිනපතා උදෑසන කිරි ආහාර පූජාවත්, දවල් ව්‍යාංජන 32 කින් යුත් ආහාර පූජාවත්, සවස පාන වර්ග 32 කින් සමන්විත ගිලන්පස බුද්ධ පූජාවත්, ඇතුළු විවිධ පූජාවන් රැසක්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී නොකඩවා සිදු කිරීමට බෞද්ධ මණ්ඩල කටයුතු යොදා ඇත. ඒ සමඟම බෞද්ධ මණ්ඩල සංඝාවාසයේ වස් සමාදන්ව වැඩ සිටින සංඝරත්නයට සිව්පසයෙන් උවටැන් කිරීමටත්, උන්වහන්සේලාගෙන් දහම් කරුණු විමසීමට හා ධර්මදේශනාවලට සවන් දීමටත්, සැදැහැවතුනට අවස්ථාව ලැබේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]