UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

නුගේගොඩ, පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයේ ඉදිකර තිබෙන ථූපාරාම ධර්මදූත චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර වසර 25 ක් පිරීම නිමිත්තෙන් පසුගිය පොසොන් පොහෝ දින (23 හා 24 ) එම චෛත්‍ය රාජයන් විදුලි බුබුළු වලින් ආලෝකමත් කරන ලදී. මෙම කටයුතු ධර්මදූත මධ්‍යස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ දායක සභාව විසින් සංවිධානය කරන ලදී.

පානදුර ලකී සෙවන් ව්‍යාපාරයේ නිර්මාතෘ හා අධිපතිව සිට පරලොව සැපත් වයි.ඇස්. සැල්ජින් සිල්වා සහ ආර්. ඊබට් සිිල්වා යන මව්පියන්ටත්, අම්බලන්ගොඩ මාදම්පාගම පදිංචිිව සිට පරලොව සැපත් විදුහල්පති ඉදිරිමුනි ගයිට්න් රොඩ්රිගෝ සහ හිරිමාදුර ඇසිලින් ද සොයිසා යන මව්පියන්ටත් වයි.ඇස්. සුමිත් සිල්වා, වයි. ඇස්. ජයන්ත සිල්වා සොහොයුරන් ඇතුළු උභයකුල සියලු ඤාතීන්ට පින් පිණිස ආනන්ද සහ සුමිත්‍රා රොඩ්රිගෝ යුවලගේ මූලික දායකත්වයෙන් පවුලේ සහෝදර සහෝදරියන් ගේ හා ඉතාලිියේ පදිංචි අසංක සහ අයෝමි රොඩ්රිගෝ සහ නවසීලන්තයේ පදිංචි ශම්මික සහ නිල්මිණි රොඩ්රිගෝ දරුවන්ගේ ආධාරයෙන් පානදුර මූලික රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන ස්වාමීන්වහන්සේගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය සියලු උපකරණ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ රෝහලේ වෛද්‍ය අධිකාරි පියල් සමරවීර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට පසුගිය දා භාරදුන් අවස්ථාව. එම පුණ්‍ය කර්මය සඳහා අවකාශ ලබාදුන් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එම සම්බන්ධීකරණ ලේකම් චරිත් රුබේරු මහතාටත් වෛද්‍ය අධිකාරි පියල් සමරවීර මහතාට සහ පරිපාලන නිලධාරිනි සීතා පතිරගේ මහත්මියටත්, සම්බන්ධීකරණයෙන් හා අනුශාසනා ලබාදුන් මාලමුල්ල ශ්‍රී සුදර්ශින බිම්බාරාමාධිපති හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ‍්‍රමොරකන්දේගොඩ ධම්මරතන නා හිමියන්ට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ද පළ කැරේ.

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති, සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රත්මලානේ සුජාත නා හිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් උඩවලව ඇත් අතුරු සෙවනෙහි කුඩා අලි ඇතුන් උදෙසා දිනක කිරි ආහාර සඳහා රුපියල් හැත්තෑඅටදහසක් පමණ වටිනා කිරි පැකට් තොගයක් පරිත්‍යාග කළ අතර එම පරිත්‍යාගය වනජීවී හා ගොවිජන සේවා අමාත්‍ය ගාමිණි විජිත්මුනි සොයිසා මහතා විසින් බාරගත් අවස්ථාව. ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා මහතාද ඡායාරූපයෙහි වෙයි.

 
 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]