UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අමාවක 2013 ජූලි 07 වන දා

ගුණ දහම් කියා දෙන මඟ

 

හැදෙන වැඩෙන දරු පරපුර වෙත මව්පිය, වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා අත්‍යවශ්‍යය. ඒ සමඟම එම මව්පිය, වැඩිහිටියන්ගේ ආදර්ශය ද අනාගත පරපුර යහමගට යොමු කිරීමෙහිලා බෙහෙවින් ඉවහල් වේ.

එබැවින් දරු පරපුර සුමඟට යොමු වීමට නම් මව්පිය, වැඩිහිටියන්ගේ ආදර්ශය අත්‍යවශ්‍යය.

බෞද්ධ ජන සමාජය තුළ බොහෝවිට මව්පිය, වැඩිහිටි යහපත් ආදර්ශය ඉතා නිහඬව දරු පරපුර වෙත නො අඩුව ලබාදෙන බව පැසසුම් සහගතව සඳහන් කළ යුතුව ඇත.

ශාන්ති නායක අමාමෑණි බුදුපියාණන් වහන්සේ ලෝක සත්වයන් වෙත මහා කරුණාවෙන් ම ලබා දුන් ආදර්ශ අනුව ගමන් කරන බෞද්ධ සමාජය පරපුරෙන් පරපුරට ඒ උතුම් ආදර්ශ ද අඛණ්ඩව පවත්වා ගෙන එනු ලැබේ.

බෞද්ධ ජනතාව යහමගට නිරන්තරයෙන් යොමු කරවීමට අනුශාසනා කරනු ලබන්නේ පූජනීය මහසඟරුවන විසිනි. ඒ නිසාම බෞද්ධ ජනතාවගේ මාර්ගෝපදේශකයන් වහන්සේ වනුයේ ද පූජනීය මහ සඟරුවන ය.

තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් හා අවබෝධයෙන් කටයුතු කරන බෞද්ධ ජනතාව හැමවිට පූජනීය මහ සඟරුවනෙහි අවවාද අනුශාසනා නිරන්තරයෙන් අපේක්‍ෂා කරති.

එමෙන්ම බෞද්ධ සමාජය වෙත පරපුරෙන් පරපුරට උරුම වූ ආදර්ශවත් නිහඬ මෙහෙවර ද බොහෝය. ඒවා සියල්ල මෙහිදී විස්තර කිරීමට ද උත්සාහ නොකෙරේ.

එක් කරුණක් දෙකක් පිළිබඳව පමණක් උදාහරණයට ගෙන කල්පනා කර බැලීම කාලෝචිතය.

දානය හෙවත් තමන් සතු යමක් අනුන් වෙත පරිත්‍යාග කිරීමට බොහෝවිට බෞද්ධ සමාජය උනන්දු වනුයේ පරිත්‍යාගය නමැති ගුණය ද පුරුදු පුහුණු කිරීමෙන් තමා සතු දැඩි තෘෂ්ණාව ද දුරුකිරීමේ අදහසිනි.

බොහෝ විට දුක කියා ගනිමින් මග තොටේදී පවා හමුවන දුගී මගී යාචකයන් වෙත ක්‍ෂණිකවම බොහෝ දෙනා පිහිට වනුයේ තම හදවතෙහි පහළවන කරුණාව ද මුල්කර ගෙනය.

එපමණක් නොව දානමානාදී පින්කම් සිදු කරන අවස්ථාවල දී කර්මඵල විශ්වාස කරමින්, පරපුරෙන් උරුම වූ යහපත් ආදර්ශය ද අනුගමනය කරමින් එවන් සද්පුරුෂ ක්‍රියාවන්හි බෞද්ධ ජනතාව යොමුවන අයුරු ප්‍රශංසනීයහ.

යහපත් ආදර්ශ සමාජයට ආශිර්වාදයක් වන හෙයින් හැමවිට මව්පිය, වැඩිහිටියන් ගරු කරන දරු පරපුර වෙනුවෙන් ආදර්ශයෙන්ම ක්‍රියා කළ යුතුවේ.

අද දරු පරපුර හෙට වැඩිහිටි පරපුර වේ.එබැවින් ඔවුන් ගුණ දහමින් පෝෂණය කර යහපත් හෙට දිනයක් වෙනුවෙන් මව්පිය වැඩිහිටියන් වෙත පැවරී ඇති වගකීම් සුළුපටු නොවේ.

දරු පරපුර වෙත වටිනා ආදර්ශ මව්පිය වැඩිහිටියන්ගෙන් නොලදහොත් හෙට දින යහපත් ආදර්ශවත් පරපුරක් අපේක්‍ෂා කළ නොහැකිය.

අතීතයේ විසූ පැරැණි මුතුන් මිත්තන් පරපුරෙන් පරපුරට රැකගෙන ආ උදාර සද්පුරුෂ චාරිත්‍ර ධර්මයන් මතු පරපුර වෙනුවෙන් සුරැකෙනුයේ වර්තමානයේ දී ද ඒවා නිසි අයුරින් ක්‍රියාවට නැංවීමෙනි.

බෞද්ධ සිරිත් පිළිබඳව හැදෙන වැඩෙන දරු පරපුර වෙත නොකඩවා ආදර්ශයෙන් පෙන්වා දෙනු ලබන ස්ථාන අතර විහාරස්ථානය කේන්ද්‍ර කරගත් දහම් පාසලට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. එබැවින් තම දරුවන් වෙත පාසල් අධ්‍යාපනය මෙන්ම දහම් පාසල් අධ්‍යාපනයද යොමු කර බෞද්ධ චාරිත්‍ර ධර්ම පිළිබඳ මනා අවබෝධයක් ඔවුන් වෙත නිරන්තරයෙන් ලබාදිය හැකි බව කල්පනා කළ යුතු වේ.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]