UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වස් විසීම – ශ්‍රී බුද්ධ වර්ෂ 2557

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වස් විසීම – ශ්‍රී බුද්ධ වර්ෂ 2557

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සියලුම සබ්‍රහ්මසරුන් වහන්සේලා වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේ ය.

අප නිකායෙහි සියලුම සබ්‍රහ්මසරුන් වහන්සේ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2557 ක් වූ ඇසළ මස පුර පසළොස්වක නම් තිථිය ලත් සඳු දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2013 වැන්නෙහි ජූලි මස 22 වන සඳුදා ගිම්හාන සෘතුවෙහි 8 වන පොහොය කොට ඊට පසු දින එනම් ජූලි 23 දින පෙරවස් එළඹීම සිදු කළ යුතු ය. පෙරවස් පවාරණය වප් පුර පසළොස්වක නම් තිථිය ලත් කිවිදින හෙවත් ඔක්තෝම්බර් මස 18 වන සිකුරාදා වස්සාන සෘතුවෙහි 6 වන පොහොය කොට එදින පෙරවස් පවාරණය කළ යුතු ය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2557 ක් වූ නිකිණි මස පුර පසළොස්වක නම් තිථිය ලත් කුජ දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2013 ක් වූ අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා වස්සාන සෘතුවෙහි දෙවන පොහොය කොට එදිනම පසුවස් එළඹීම සිදු කළ යුතු ය. පසුවස් පවාරණය, ඉල් මස පුර පසළොස්වක නම් තිථිය ලත් ඉරු දින හෙවත් නොවැම්බර් මස 17 වැනි ඉරුදින වස්සාන සෘතුවෙහි 8 වන පොහොය කොට එදින පසුවස් පවාරණය සිද්ධ කළ යුතු යැයි මහා නාහිමියන්ගේ නිවේදනයෙහි දැක්වේ.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]