UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම්පල රතනගල ශ්‍රී ධර්ම රක්ෂ්මි දහම් පාසල

ගම්පල රතනගල ශ්‍රී ධර්ම රක්ෂ්මි දහම් පාසල


නා හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය

සෙංකඩගල පුර කන්ද උඩරට ප්‍රදේශයේ ශ්‍රීපාද කඳු මුදුන එක පැත්තකින් ද අනිත් පසින් අම්බුලුවා ජෛව විවිධත්ව සර්ව ආගමික කඳුමුදුන පිහිටා ඇත. එහි පිහිටි ගම්පල උඩ පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්පල රතනගල විහාරස්ථානයේ ඇති ශ්‍රී ධර්ම රක්ෂ්මි දහම් පාසල 1976 වර්ෂයේ ආරම්භ කර ඇත.


ශිෂ්‍ය නායක නායිකාවන්

දැහැමි සමාජයක් ආගමික පරපුරක් රටට බිහිකිරීම පෙරටු කොට ගෙන ආරම්භ කළ මෙම දහම් පාසල අද වන විට උඩපළාත ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන දහම් පාසලකි. මෙහි දරු දැරියන් 600 ක් පමණ ඉගෙනුම ලබති.

එයට අමතරව මෙම විහාරස්ථානයේ දහම් පාසල සමඟ පවත්වාගෙන යන රතනගල රතන උයන පෙර පාසල ද වෙයි. මෙම අධ්‍යාපනික ආයතනය මෙන්ම විහාරස්ථානය අද වන විට උනම්බුව, ගම්පල, නාරංවිට, කහටපිටිය ගම්මාන වල කුඩා දරුවාගේ සිට තරුණ තරුණියන් හා වැඩිහිටියන් දක්වා සම්පතක් බවට පත්ව ඇත.

වසර 14 ක් උඩපළාත ප්‍රධාන සංඝනායක පදවිය දරමින් ද එහි ලේකඛාධිකාරී ධුරය දරමින් ද දහම් පාසල ඉහළ තැනකට ගෙන ආ එහි නා හිමියන්ගේ සේවය අගය කළ යුතුය.

මෙම දහම් පාසල තව තව තවත් දියුණු වේවා’ යි අපි ද ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.



දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

 

 

 

 

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]