UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක 2013 ජූනි 16 වන දා

පොසොන් උදාව

ද පොසොන් පුර අටවක පොහොය දිනයයි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඓතිහාසික මිහින්තලා පුදබිමට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය උදාවීමට ඇත්තේ තවත් දින කීපයක් පමණි.

අනුබුදු මිහිඳු හිමියන්ගේ ඓතිහාසික ලංකාගමනය සිහිපත් කරමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය ප්‍රධාන මෙරට සෑම වෙහෙර විහාරස්ථානයකම ආගමික වශයෙන් විවිධ පින්කම් සිදු කැරෙනුයේ අනුබුදු මහ රහතන් වහන්සේගේ අපමණ ගුණ සමුදාය ද අනුස්මරණය කරමිනි.

මිහිඳු මහ රහතන් වහන්සේ සිහිපත් කරමින් මිහිඳු පෙරහර, වාර්ෂික පොසොන් දන්සල් ආදියද සෑම ප්‍රදේශයකම පාහේ පැවැත්වේ.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය වන ඓතිහාසික වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට පමණක් දෙවන වන ආගමික දිනය පොසොන් දවසයි.

ලාංකේය සම්බුදු සසුන පිහිටුවා වදාළ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ජනතාව වෙත සදහම් අමා සුව විඳීමට නිසි මඟ පෙන්වා වදාළහ. ඒ සදහම් මග අනුව ගමන් කළ ලාංකේය ජනතාව ගුණ, නැණ, සිල් බෙළෙන් සිරිලක සම්බුදු සසුන් කෙත ශෝභාමත් කරමින් අලංකාර කළහ. ඒ නිසාම රට හැම තැන විහාරාරාම ඉදිවෙමින් ඒ විහාරාරාම මහ රහතන් වහන්සේලාගෙන් මෙන්ම ආර්ය මහා සඟ රුවනින් බබළන්නට විය.

මෙරට ජන සමාජය තුළ සදා නොමැකෙන අනුස්මරණීය නාමයක් පහළ කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩම කර වසර දෙදහස් තුන්සිය විස්සක් ඉක්ම ගියද, කළගුණ සළකන මෙරට බෞද්ධ ජනතාව එදා මෙන් අදත්, මතුවටත් මිහිඳු මාහිමි ශ්‍රී නාමයට කෘතෝපහාර දක්වනුයේ මහත් ශ්‍රද්ධා ගෞරව පෙරදැරි කර ගෙනය.

දේවානම්පියතිස්ස මහ රජු දවස දඹදිව සිට මෙහි වැඩම කළ අනුබුදු හිමියන් ඇතුළු රාජකීය දූත පිරිස පිළිගෙන මිහින්තලාවේ සිට රජ මැදුරට වැඩම කරවා මහත් හරසරින් ඇප උපස්ථාන කරමින් රාජකීයයන් ද සසුන් කෙතෙහි දායාදය ලබා ගැනීමට පෙළඹුණහ.

රජතුමා අනුගමනය කළ මෙරට වැසි ජනතාව සදහම් මඟට පිවිසෙමින් ආධ්‍යාත්මික සැනසීමෙන් සුවපත් වූහ.

මෙරට කවර අංශයක් ගෙන බැලුවද, එහි යම් ආලෝකයක් විනි නම් ඒ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකාගමනයෙන් සිදුවූ උදාර සේවාවෙහි ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය.

එබැවින් මිහිඳු මාහිමි ගුණ සිහි කෙරෙන පොසොන් සමයේ වෙසෙසින් මිහින්තලා පුදබිමට පැමිණ ඒ ඓතිහාසික මෙහෙවර සිහි කිරීමට අදිටන් කර ගනිමු.

පැරැණි මුතුන් මිත්තන් දවස “වට වන්දනාවේ යනවා” යැයි දින සති ගණන් ගෙවා වන්දනාමාන කරන ලද්දේ ඒ ඓතිහාසික පුදබිම් බව අමතක නොකළ යුතුය.

ගෙවී ගිය අඳුරු යුගය මෙන් නොව වත්මනෙහි රට පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන සියැසින් දැක වැඳ පුදා ගන්නට අවැසි නිදහස උදාවී ඇත. සැබැවින් ම රුදුරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ හඬ, වෙඩි හඬ දුරුවී ගොස් බියෙන් සැකයෙන් තොරව නිදහසේ වැඳ පුදා ගැනීමේ අයිතිය වත්මන් රාජ්‍ය නායකත්වය මඟින් තහවුරු කරදී තිබේ.

එළඹෙන පොසොන් සමයට ඓතිහාසික මිහින්තලා පුදබිමට පැමිණ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ හෙළ බොදු උරුමය ජනිත කළ පුණ්‍යවන්ත භූ®මිය නරඹමු. එම පින්බිමෙහි පැවැත්වෙන මහ පින්කම් සමුදායට අත හිත දෙමු. ඊට දායක වෙමු. ඒ මේ යුගයේදී අපගෙන් ඉටුවිය යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කරමු.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]