UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මදානය පිණිස බුදුසරණ

ධර්මදානය පිණිස බුදුසරණ

අසිරිමත් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් වෙසක් පොහෝ දින විහාරස්ථානයන්හි සිල් සමාදන් වන උවසු උවැසියන් සඳහා ‘බුදුසරණ’ පුවත්පත ධර්ම දානයක් ලෙස බෙදා දෙන බව ‘බුදුසරණ’ ට වාර්තා වේ. ඒ අතර වෙසක් බුදුසරණ පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේ දී ලැබී තිබුණු පින්කම් පමණක් මෙසේ පහත පළ කරන්නෙමු.


කැකිරාව

කැකිරාව පුවත්පත් අලෙවි නියෝජිත සංජීව ෆාමසිය සහ පොත් හල අධිපති සාමවිනිසුරු කේ.එච්.වීරසිංහ මහතා සහ එම මහත්මිය විසින් කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන රාශියකදී බුදුසරණ පුවත්පත් 1200 ක් ධර්ම දානය පිණිස එම විහාරස්ථාන වල පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත පිරිනමනු ලැබේ.

29 වැනි වරටත් ධර්මදානය පින්කම 2013 වෙසක් පුර පසළොස්වක පොහෝ දින මලව, ඔරුගල්සෑය රජමහා විහාරය, කැකිරාව බෝධිරාජාරාමය, නීකිණියාව පුරාණ රජමහා විහාරය, සඳගල්පාය රජමහා විහාරය, කිණිහිරිකන්ද රජමහා විහාරය, මල්දෙණිපුර මෙත්තාරාමය, මල්දෙණිපුර විසුද්ධාරාමය, මහ කැකිරාව විහාරය, තිබ්බටුවැව බෝධිරුක්ඛාරාමය, සූරියගම ශ්‍රී සුමංගලාරාමය, ඇලගමුව ශ්‍රී දේවතිස්ස රජමහා විහාරය, නාමල්පුර විශුද්ධාරාම ටැම්පිට විහාරය, සහ කිණිහිරිගම ශ්‍රී ජයසුමනාරාමය යන විහාරස්ථාන වලදී සිදු කෙරේ.

බඹරවාන

ගාල්ල බඹරවාන මත්තක 2 කණුව පදිංචි සමරසිංහ ලියනගමගේ මහතා වෙසක් පොහොය දින සිල් සමාදන් වන උපාසක, උපාසිකාවන්ට 22 වතාවටත් ‘බුදුසරණ’ පුවත්පත තම මව්පියන්ට හා සොහොයුරි චන්ද ලියනගමගේ මෙනවියට පින් පිණිස ධර්ම දානය සඳහා පිරිනමයි. .

වේයන්ගොඩ

වේයන්ගොඩ, කටුවස්ගොඩ, ශ්‍රී අරියනන්දනාරාම පුරාණ විහාරස්ථානයේ දී මැයි මස 23 වැනි දා සවස 4.00 ට තෙසැත්තෑ ඥාන වන්දනා මහා පූජා පින්කම 24 වැනි පුන් පොහෝ දා පෙරවරු 6.00 ට අටවිසි බෝධීන් වහන්සේලා උදෙසා කිරි පිඬු ආහාර පූජාව ද විහාරාධිපති ශාස්ත්‍රපති මහගම සීලානන්ද හිමි විසින් රචිත ‘සෙත් කවියෙන් සැදි බෝධි පූජාව‘ නම් ග්‍රන්ථය හා බුදුසරණ පුවත් පත නොමිලයේ බෙදා දීමට ද නියමිතයි.

වදුරඹ, පිටිහරාව

වදුරඹ පිටිහරාව ශ්‍රී අභිනවාරාමයේ වෙසක් පොහෝ දා විශේෂ පින්කම් මාලාවක් මේ මස 23, 24, 25 තෙදින තුළ විහාරාධිපති තිලකඋදාගම ඤාණිස්සර හිමි විහාරස්ථ දායක සභාව හා දහම් පාසල විසින් සංවිධානය කරයි. මෙහි දී බුදුසරණ පුවත්පත බෙදාදීමේ පින්කම ද සිදු කෙරේ.

බෙලිගල

වෙසක් පොහෝදින, බෙලිගල වෑකඩ ඒ.එස්. සමරසිංහ විසින් 21 වෙනි වරට ද සිල් සමාදන් වන සැදැහවතුන් උදෙසා බුදුසරණ පත්‍රය බෙදාදීම සිදු කෙර්. ජනාධිපතිතුමා ඇතුළු රටවැසියන්ට පරලෝසැපත් මාපියන් හා සියලු ඥාතින් සිහිපත් කර මෙම ධර්මදානමය පින්කම සිදුකරනු ලබන්නේ බෙලිගල මැටියගනේ බුද්ධරක්‍ඛිත ආශ්‍රම සේනාසනයේ දී ය.

බුදුසරණ පත්‍රය නොමිලේ බෙදාදීම

වෙසක් පොහොය නිමිත්තෙන් විසි එක්වන වරට උවසු උවැසියන් වෙනුවෙන් බුදුසරණ පත්‍රය ධර්ම දානය සඳහා බෙදාදීමට එස්.ඇස්. සමරසිංහ මහතා කටයුතු යොදා ඇත.

රාගම

රාගම ගල්උඩපිට චන්දාරාමයේ දී අකුරැස්සේ චන්දසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි ධර්මදානය පතා බුදුසරණ පුවත්පත පිරිනැමේ. ඊට දායක වන්නේ චාර්ලිස් සේරම්, බන්දුල බමුණුසිංහ පියසීලි තිසේරා, රොසලින් සේරම්, පියදාස වරාගොඩ, ආරච්චි පී.ඩී. දිසානායක, සයිමන් ගුණසේකර , ඇලිස්නෝනා ගුණසේකර, අනිල් රූපසිංහ, පැට්‍රික් සේරම් රූපසිංහ, ඩග්ලස් ගාමිණි ද සිල්වා, තමරා රෝහිණී සේනානායක, සහ ඩබ්.පී. සිරිසේන යන මහත්ම මහත්මීහු ය.

රද්දොළුගම

2013.04.15 දින හදිසියේ අභාවප්‍රාප්ත වූ රද්දොළුගම රංග ට්‍රේඩ් සෙන්ටර්හි එම්.එම්. පී. බිසෝ මැණිකේ මහත්මියට පින් පිණිස මහින්ද යටගම ස්වාමි පුරුෂයා සහ දූදරුවන් විසින් ධර්ම දානමය පින්කමක් වශයෙන් රද්දොළුව බෝධිමළුවේ දී ‘බුදුසරණ’ පිරිනැමේ.

කුරුඳුගහ හැතැප්ම

කුරුඳුගහ හැතැප්ම ශ්‍රී සිද්ධාර්ථ බුද්ධගයා මහා විහාරයේ සහ පතිරාජ ශ්‍රී සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වෙසක් පොහෝ දින ‘ බුදුසරණ’ පුවත්පත් ධර්ම දානය වශයෙන් බෙදා දීමට කටයුතු යොදා ඇත. කුරුඳුගහ හැතැප්ම, සෝමදාස නානායක්කාර මහතා විසින් පරලෝසැපත් තම දෙමව්පියන් වන එන්. ඩබ්. ජී. පියසේන මහතා සහ එම්. එම්. විතානාච්චි මහත්මියට පින් පිණිස පහළොස්වන වරටත් එම පින්කම සිදු කෙරේ.

බෙන්තර ගලපාත රාජමහා විහාරය

මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාරවාසී බෙන්තර ධම්මික පොඩි හාමුදුරුවන් වහන්සේගේ දෙමාපියන් වන බී. ඩබ්ලිව්. උපුල් නිශාන්ත, ඩබ්ලිව් ධම්මිකා ප්‍රියදර්ශනී ඇතුළු පවුලේ සැම විසින් පරලොව සැපත් බී. ඩබ්. සිරිසේන පියාණන්ට හා ඩබ්ලිව්. ජයසේන පියාණන්ට පින් පිණිස ධර්ම දානය පතා බුදුසරණ පිටපත් 500ක් සිල් පිරිස වෙත ප්‍රදානය කෙරේ.

සීනිගොඩ

සීනිගොඩ මව් පිය පූජා උපහාර අටවිසි බුදු මැදුරේදී මෙම වෙසක් සතිය තුළ අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වේ. වෙසක් පෝය දින බුදුසරණ පත්‍රය බෙදා දීම පියදිගමගේ චන්ද්‍රපාල මහතා විසින් සිදු කෙරෙන අතර වෙසක් දින අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසලදී සිල් සමාදන් වන අයට ද වෙසක් බුදුසරණ පත්‍ර 500 ක් බෙදා දීමට කටයුතු සලසා ඇත. පරලෝ සැපත් මෑණියන් සහ පියාණන් ටද සොහොයුරාට ද පින් පිණිස දහසය වන වරටත් මෙම ධර්ම දානය සිදු කෙරේ.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]