UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස්පස් වසරක් සපිරෙන අඹතැන්න ශ්‍රී ධම්මපාල දහම් පාසල

තිස්පස් වසරක් සපිරෙන අඹතැන්න ශ්‍රී ධම්මපාල දහම් පාසල

පූජාපිටිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයට අයත් පූජාපිටිය නගර වරයට මාතලේ අඹතැන්න මංසන්ධියෙන් හැරෙන පිඟාඔය ගලාබසින සාන්ත පරිසරයක කුඩා උස්බිම් පෙදෙසක චෛත්‍යරාජයාණන් පෙරටු කරගෙන ශ්‍රී සුධර්මෝදය විහාරය පිහිටා ඇත. එහි අධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ හාරිස්පත්තුව ද්විතීය සංඝනායක, ධර්මාචාර්ය දොළොස්බාගේ ධම්මපාල නාහිමිගේ අනුශාසකත්වයෙන් හා පණ්ඩිත රඹුක්පිටියේ ඉන්දසාර හිමිපාණන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් 1977 අගෝස්තු 30 වන දින ආරම්භ කළ විහාරස්ථ ශ්‍රී ධම්මපාල දහම් පාසල 2013 වසරට තිස්පස් වසර සම්පූර්ණ කෙරේ.

ශිෂ්‍යයන් තුන්සියයකින් එදා ආරම්භ වූ ශ්‍රී ධම්මපාල දහම් පියසේ විසි දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් නිස්සරණාධ්‍යාශයෙන් සේවය කරති. විහාරාධිපති ත්‍රිපිටකවේදී ශ්‍රී සද්ධර්ම විනයාචාර්ය කීර්ති ශ්‍රී දේශකීර්ති පූජාපිටිය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ හිටපු ලේකම් කොහොවල ධම්මකිත්ති හිමියන් විසින් සිය ගුරුදේවයන්ට උපහාරයක් වශයෙන් ආරම්භ කළ ධම්මපාල දහම් පාසල තිස්පස් වසරක ධර්මසේවයෙන් ප්‍රාදේශීය, දිස්ත්‍රික්, සමස්තලංකා මට්ටමෙන් දහම් වාර්තා තැබීමට තරම් දක්‍ෂ සිසු කැලක් බිහිකර ඇත. මෙම සේවය ප්‍රගුණ කිරීමට උප ප්‍රධානාචාර්ය, අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ ආචාර්ය කොහොවල උපනන්ද හිමි ප්‍රධාන ආචාර්ය මණ්ඩලයෙන් ලැබුණ අධ්‍යාපන සේවා කැපවීම වැදගත් ය. දෙමව්පියන්ගෙන් ලැබෙන දායකත්වය උපරිම මට්ටමෙන් පවතී. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බාහිර ක්‍රියාකාරකම් අතින් ආගමික, සමාජ, කලා සේවාවන් පවත්වාගෙන යමින් එම අංශවලින්ද දරුවන් දහම් පාසලට විශිෂ්ට ගෞරවයක් ලබා දී ඇත.

සම්බුද්ධත්වය නිමිත්තෙන් දහම් පාසල් භූමියේ නිර්මාණය කළ අනුරාධපුර අටමස්ථානයේ ආකෘතියත් පොළොව මට්ටමෙන් උසට නිර්මාණය කළ සීගිරි චිත්‍ර ඇතුළත් සීගිරියේ ආකෘතියද ශිෂ්‍යයන්ගේ නිර්මාණ කෞෂල්‍ය පෙන්නුම් කළ කැඩපතක් විය. ගිහි පැවිදි දායකයන්ගේ මෙන්ම රාජ්‍ය හා පොදු සමාජ සේවා අංශවල ගෞරවයට පාත්‍රව ඇති ධම්මපාල දහම් පාසලින් අනාගතයේ දී රටට ජාතියට හිතෛෂි පුරවැසියන් කොටසක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරමු.

 

 

බක් මස අමාවක පෝය

බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25

Second Quarterඅව අටවක

මැයි 31


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]