UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

2013 වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ධර්මාචාර්ය විභාග විෂය නිර්දේශයට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාව සහ පිළිතුරු පත්‍රයේ දෙවැන්න අද පළ වේ.

1 කොටස

ප්‍රශ්න

1. අ) ඒකබ්බෝහාරික නිකායෙන් බිඳී ගිය අලුත් නිකාය කුමක්ද?

ආ) මේ නිකායන්ගේ ඉගැන්වීම් ඇතුළත් ග්‍රන්ථ මොනවාද?

2. අ) වාන්සි පුත්‍ර හිමියන් ඉදිරිපත් කළ නව සංකල්පය නම් කරන්න.

ආ) මෙම සංකල්පය ප්‍රතික්‍ෂේප කරමින් ස්ථවිරවාදීන් ලියූ කෘතිය කුමක්ද?

3. අ) කණිෂ්ක රජතුමාගේ සංගායනාවේ මූලිකත්වය ලැබූ බෞද්ධ භික්‍ෂුව කවුද?

ආ) මෙම සංගායනාවේ දී සම්පාදිත මූලික බෞද්ධ ග්‍රන්ථ මොනවාද?

4. අ) බෞද්ධ තර්ක ශාස්ත්‍රයේ අසහාය විශේෂඥයෙකු වූ මහායාන ආචාර්යවරයා කවරේද?

ආ) මෙම ආචාර්යවරයා ලියූ ග්‍රන්ථ මොනවාද?

5. අ) චීනයේ මාධ්‍යමික බෞද්ධ සම්ප්‍රදායේ ආරම්භකයා නම් කරන්න.

ආ) ඔහු විසින් චීන බසට පරිවර්තනය කළ කෘති මොනවාද?

6. අ) මනෝරථපුරණී ලියන ලද්දේ කවුරුන් විසින් ද?

ආ) මෙම කෘතියට පාදක වූ ග්‍රන්ථය කුමක්ද?

7. අ) අනුරපුර යුගයේ මහසෙන් රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ ඇමැතිවරයා කවුද?

ආ) සුඛාවතී ව්‍යුහය යනු කුමක්ද?

8. අ) තිවංක බුදු පිළිමය සොයාගෙන ඇත්තේ ලංකාවේ කිනම් ස්ථානයකදීද?

ආ) අටළොස් ශ්‍රේණියක ශිල්පීන්ගේ ආගමනය හා බැඳුණු පූජනීය වස්තුව නම් කරන්න.

9. අ) මාධ්‍යමික දර්ශන සම්ප්‍රදාය ඉදිරිපත් කළේ කවුද ?.

ආ) ඊට සමගාමී අනෙක් දර්ශන සම්ප්‍රදාය තුන නම් කරන්න.

10. අ) බුදු පිළිම හා බැඳුණු මුද්‍රා නම් කරන්න.

ආ) බුදු පිළිම වෙනුවට යොදාගත් සංකේත කිහිපයක් නම් කරන්න.

පිළිතුරු

1. අ) ලෝකෝත්තරවාදය

ආ) මහාවස්තුව හා ප්‍රාතිමෝක්ෂ සූත්‍රය

2. අ) පුද්ගල සංකල්පය

ආ) කතාවස්තුප්‍රකරණය

3. අ) පාර්ශ්ව හා වසුම්ත්‍ර

ආ) විනය, විභාෂා, ශාස්ත්‍ර, උපදේශ ශාස්ත්‍ර, අභිධර්ම විභාෂා ශාස්ත්‍ර

4. අ) ආචාර්ය දින්නාගපාද

ආ) න්‍යාය ප්‍රවේශය, න්‍යායද්වාර හා පමාණ සමුච්චය

5. අ) කුමාරජීව පඬිවරයා

ආ) මහා ප්‍රඥාපාරමිතා සූත්‍රය, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, වජිරවේදීකා ප්‍රඥා පාරමිතා සූත්‍රය.

6. අ) බුද්ධ ඝෝෂ හිමි.

ආ) අංගුත්තර නිකාය

7. අ) මේඝවර්ණාභය ඇමැතිවරයා

ආ) සද්ධර්මපූණ්ඩරීක සුත්‍රය ගුරු කොට ගත් ජපානයේ නිචිරෙන් නිකායික සම්ප්‍රදාය විසින් හඳුන්වාදෙනු ලබන නිවාරණ භූමියයි.

8. අ) පොළොන්නරුවේ වේළුවනාරාමයේ ප්‍රතිමා ගෘහය

ආ) ශ්‍රී මහා බෝධිය

9. අ) නාගාර්ජුනපාදයාණන් වහන්සේ

ආ) වෛභාෂික, ශෞත්ත්‍රාත්තික, යෝගාචර

10. අ) භූමි ස්පර්ශ, වරද, සමාධි, ධර්මචක්‍ර, අභය, විතර්ක

ආ) සිරිපතුල, පද්මය, බෝරුක, ස්වස්තිකය

02 කොටස

2. කණිෂ්ක අධිරාජයාගේ ආගමික කාර්ය සන්සිද්ධිය ප්‍රමාණ කරන්න

කුශාන රාජවංශයට අයත් කණිෂ්ක අධිරාජයා දෙවනි වනුයේ භාරතීය බුදු සමය දේශාන්තර ව්‍යාප්තිය විෂයෙහි ලා පුරෝගාමි වූ ධර්මාශෝක අධිරාජයාට පමණි. කණිෂ්ක සර්වාස්ථවාද නිකායේ සංවර්ධනයට සුවිශාල මෙහෙයක් ඉටු කළහ. කුෂාණවංශික රජවරු හින්දු භක්තිකයෝය. කණිෂ්ක බුදු සමය වැළඳගත් පසු විවේක අවස්ථාවලදී ආගමික උපදෙස් ලබාගැනීමට භික්‍ෂූන් වහන්සේලා රාජමාලිගයට වැඩමවා ගත්හ. භික්‍ෂුන් වහන්සේලා සමඟ බෞද්ධ ධර්ම ග්‍රන්ථ කියවීම පුරුද්දක් කරගෙන තිබුණි. මොහුගේ රාජ්‍ය සමය වන විට සංඝ සමාජය විවිධ නිකාය වලට බෙදී තිබුණි. පාර්ශ්ව තෙරුන්ගෙන් හා වසුමිත්‍ර තෙරුන්ගෙන් නිතර උපදෙස් ලබා කාශ්මීරයේ දී ධර්ම සංගායනාවක් පැවැත්වීමට අවශ්‍ය විවිධ විධාන සැලැස්විය. ඊට විවිධ නිකායික භික්‍ෂූන් 500 නමක් සහභාගී වූහ. සහභාගී වූ පිරිසෙන් වැඩිදෙනා සර්වාස්ථිවාදින් ය.

සංගායනාව අවසානයේ ධර්මය ඇතුළත් ග්‍රන්ථ තඹපත් ඉරුවල ලියවා සෙල්මුවා මංජුසාවල බහා ඒ සඳහාම තනවන ලද ස්ථුපයක තැම්පත් කර වූයේ ය. ඒ ධර්ම ග්‍රන්ථ ආරක්‍ෂා කරන ලෙසත් මිථ්‍යා ලබ්ධිකයන් විසින් රටින් බැහැරව පැහැරගෙන යාමට ඉඩ නොලැබෙන ලෙසත් යක්‍ෂයන් අණකරවා රැකවරණය සැලැස් වූයේ ය. එසේම ඉගෙනීමට අවශ්‍ය කෙනෙකුට කාශ්මීර දේශයෙන් බැහැර නොකොට එහිදීම ඒවා පරිහරණය කිරීමට ඉඩප්‍රස්තාව සලසන ලදී.

3 වන ප්‍රශ්න පත්‍රය මැයි 09 වනදා පත්‍රයේ පළවේ


ධර්මාචාර්ය විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]