UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

හඟුරන්කෙත, අරක්ගම ගම්වාසීන්ගේ සහයෝගයෙන් උබේරත්න සිල්වා, වැලිවිට බණ්ඩාර, දීපාල්, කරුණාරත්න සහ ගුණරත්න යන මහත්වරුන් සංවිධානය කළ පුණ්‍යකර්මයේ දී, දිග අඩි 150කින් හා පළල අඩි 5කින් යුත්, ‘දර්ශනීය වියන’ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත පූජා කරන ලද අවස්ථාව. මෙම පුණ්‍යකර්මය කොත්මලේ විමලධම්ම හිමිගේ අනුශාසනා පරිදි කහටගස්දිගිලියේ හේමරතන හිමියන් විසින් සම්බන්ධිකරණය මත සිදු කෙරිණි.
-කටාන සමූහ, රන්ජිත් ලොකුපෝතාගම

කැලණිය අධ්‍යාපන කලාපයට අයත් ඊරියවැටිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ බුදුමැදුරේ ස්ථාපිත කිරීම සඳහා බුද්ධ ප්‍රතිමාවහන්සේ කිරිබත්ගොඩ මංසන්ධියේ සිට දර්ශනීය පෙරහරකින් වැඩමවූ අවස්ථාවයි මේ. ඒ සඳහා පාසල් සංවර්ධන සමිතියේ සහ ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ දායකත්වය ලැබී තිබිණි. ඡායාරූපය : කැලණිය සමූහ එඩ්වඩ් වීරසිංහ

මුන්දලම ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ ගුරු මහත්ම මහත්මීන්ට උපහාර පිදීම හා ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම දහම් පාසලේදී පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති, ඌරුබොක්කේ පඤ්ඤාවංශ හිමිපාණන් විසින් ශිෂ්‍ය නායකයෙකුට නිල ලාංඡනයක් පළඳවන ලද අයුරු
ඡායාරූපය : පුත්තලම සමූහ ඩබ්ලිව්. සී. බී. ප්‍රනාන්දු

මොනරාගල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල බල ප්‍රදේශයේ දහම් පාසල් අතර පැවැති තරගාවලියේ දී ජය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතිකපත් ප්‍රදානය කිරීම පසුගියදා වැලියාය සිරිපියරතන පිරිවෙනේ දී පැවැත්විණි. මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති බුද්ධම නන්දසාර හිමිපාණන් වහන්සේ විසින් ශිෂ්‍යාවකට සහතික පත්‍රය පිරිනමන ලද අයුරු.
ඌව - වෙල්ලස්ස විශේෂ, ඩී.එස්. ගුණතිලක

කොහුවල ශ්‍රී විජය මංගලාරාම විහාරස්ථ ශ්‍රී සුමන දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විහාරාධිපති දියපත්තුගම සුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. ත්‍යාග ප්‍රදාන උළෙලේ විශේෂ ආරාධිතයා වූ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ උප සභාපති සුදත් මඩුගල්ලේ මහතා අතින් පවනී වීරසිංහ සිසුවිය ත්‍යාග ලබාගත් අවස්ථාව.
ඡායාරූපය – කැලණිය සමූහ, එඩ්වඩ් වීරසිංහ

 
 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]