UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධයා මාධ්‍ය ජාලය හා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ මෙහෙයවීමෙන් රුවන්වැලි මහසෑ රදුන් හා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස අසදෘශ මහා පින්කමක්

බෞද්ධයා මාධ්‍ය ජාලය හා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ මෙහෙයවීමෙන් රුවන්වැලි මහසෑ රදුන් හා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස අසදෘශ මහා පින්කමක්

වසර 2500ට වඩා ඈත අතීතයට දිවයන ලාංකීය රාජ නාමාවලිය හැඩකළ ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය සුරක්‍ෂණය කොට නගා සිටුවන්නට දිරි දුන් දුටුගැමුණු මහ රජතුමන් ප්‍රමුඛ හෙළ රජ දරුවන්ට මෙන්ම එදා මෙදා තුර ශ්‍රී ලාංකීය හෙළ බොදු අනන්‍යතාව පෙරට ගෙන එන්නට තම දිවි කැප කළ ජාතියේ පියාණන් ලෙස බුහුමන් ලද යුතුª බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමන් ප්‍රධාන සියලුම දේශ හිතෛශීන් හට පින්පෙත් පුදා සකල ලක්වැසි ලෝවැසි ජනතාවට සාමය සතුට සෞභාග්‍ය හා තුණුරුවන්ගේ අනන්ත ආශීර්වාදය පතා සිදුකෙරෙන මහා අසදෘශ පූජාවක් අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අබිමුව මෙන්ම විජයශ්‍රී ජයශ්‍රී මහාබෝසමිඳුන් පාමුලදී සිදු කිරීමට කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලය මඟින් කටයුතු සම්පාදනය කොට ඇත.

සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහානාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීම හා මඟපෙන්වීම යටතේ මැයි මස 11 වන දින පැවැත්වෙන මෙම මහඟු පින්කමේ දී එදින උදෑසන සාම්ප්‍රදායික දේශීය සහලින් පිසූ කිරි ආහාර පාත්‍ර 07ක් ජයසිරි මහා බෝසමිඳුන් වෙත පෙරහරින් වැඩම කරවා පූජා කිරීමත් මැණික් ඔබ්බවා රනින් නිමවන ලද දුර්ලභ ගණයේ ස්වර්ණාභරණයන් බෝධීන් වහන්සේ වෙත පළඳවා උඩමළුව පුරා රෝසමල් ලක්‍ෂයක් අතුරා වැලි මළුව සුවඳමලින් සරසා මහා බෝධිවන්දනාව සිදු කිරීමත් ඉන් අනතුරුවද සවස් කාලයේ දී ද්‍රොණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්ව විරාජමාන වන සකල ලෝවැසි බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුනු රුවන්වැලි මහ සෑ රදුන් වෙත කෝටියක් වන පස්මල් පුදා ගුවනින් මල්හෙලා අටපිරිකර හා බුදුපිළිම වහන්සේ පන්දහසක් පේසා වළලු මත තැන්පත් කිරීමෙන් තෙසැත්තෑ ඤාණ, සත් සැත්තෑ ඤාණ ධජ පතාකයෙන් හා කෘත්‍රීම නෙළුම් මලින් සලපතල මළුව හා ඇත් පවුරු සරසා විදුලි බුබුළු ලක්‍ෂ 10කින් මුළු පුද බිමම සරසා සිදු කෙරෙන මහා ආලෝක පූජාව පැවැත්වීමත් සිදුකෙරෙන අතර උතුරු මැද පළාතේ දුෂ්කර විහාරස්ථාන 50ට ගිරි භණ්ඩ පූජාවන් පැවැත්වීමත් සහ මහා ස්වර්ණමාලි චෛත්‍ය වන්දනාව හා ආශීර්වාද පූජාව පැවැත්වීමත් යන මහානීය උතුම් පින්කම් සිදු කිරීමට සියලු කටයුතු මේ වන විට සැළසුම් කර ඇත.

මෙම මහඟු අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේ මෙන්ම එම පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත ගලගම අත්ථදස්සී අනුනාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනාහිමිපාණන් වහන්සේලා වන රාජකීය පණ්ඩිත දිඹුල් කුඹුරේ විමල ධම්ම අනුනාහිමියන් වහන්සේද ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤානිස්සර මහානාහිමියන් වහන්සේ ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමියන් වහන්සේද අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමි සහ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි සෑරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි වහන්සේ ඇතුළු තෛ‍්‍රනිකායික සම්භාවනීය ගරුතර මහා සඟරුවන වැඩමකර ආශිර්වාද ලබා දීමට නියමිත අතර මෙම දුර්ලභ ගණයේ උතුම් මහා පින්කමට ඔබ සැමටද දායක වීමට සිත් පහළවේ නම් ඒ සඳහා ශ්‍රී සම්බෝධි විහාරයට පැමිණ මැයි මස 08 වනදා තෙක් ගරු භාණ්ඩ, අටපිරිකර, හා බුදුපිළිම වහන්සේලා පරිත්‍යාග කිරීමෙන් සම්බන්ධ විය හැකි අතර පින්කම පැවැත්වෙන මැයි මස 11 වන සෙනසුරාදා අනුරාධපුර ශුද්ධ භූමියට පැමිණ එය දෙනෙතින් දැක බලා සාධුකාර දී පින් අනුමෝදන් වන හැටියටද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ බොදු මහජනයා වෙත සිහිපත් කර සිටියි.

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]