UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක් සපිරි අලවතුගොඩ දිප්පිටිය බෝධිමලු විහාරස්ථ ශ්‍රී චන්දජෝති දහම් පාසල

තිස් වසරක් සපිරි අලවතුගොඩ දිප්පිටිය බෝධිමලු විහාරස්ථ ශ්‍රී චන්දජෝති දහම් පාසල


දහම් පාසලේ අනුශාසක විහාරාධිපති පණ්ඩිත ගිඩ්ඩව ශ්‍රී සුමණතිස්ස නාහිමි, විහාර ග්‍රන්ථයේ පිටපතක් අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව. අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභා ලේඛකාධිකාරී, ආණමඩුවේ ධම්ම දස්සි හිමි යෝ ද මෙහි වෙති.

දහම් පාසල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් නොමැතිව දහම් දැනුමෙන් උසස් ප්‍රතිඵල දැක් වූ දහම් පාසල් අතර අලවතුගොඩ දිප්පිටිය බෝධිමළුව විහාරස්ථ ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල ද එකකි. දුෂ්කරතා මධ්‍යයේ 1984 ජනවාරි පළමුවෙනි දින ශිෂ්‍යයන් සියයකින් හා ධර්මාචාර්යවරුන් දහ දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම පාසලට විහාරාධිපති පණ්ඩිත ශාස්ත්‍රවේදී ගිඩ්ඩව සුමණතිස්ස නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් 2013 වන විට දිසා මට්ටමෙන් දක්‍ෂ දහම් දරුවන් රැසක් බිහිකිරීමට හැකි වී ඇත.

ශ්‍රී චන්දජෝති දහම් පාසල වසර තිහක් ඉක්මවා ඇතත් ප්‍රවීණ ආචාර්යවරුන් දහම් අධ්‍යාපන කටයුතුවලට යොමු වී ශිෂ්‍යයන්ගේ ආගමික සේවාවන් ගණනාවක්ම ක්‍රියාවට නැංවීමට හැකි වී ඇත. සීලසමාදාන, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා පෝය වැඩසටහන් සමඟ ක්‍රියාත්මක කිරීමෙන් ශිෂ්‍යයන්ගේ බාහිර ක්‍රියාකාරකම් ආගමික පරිසරයක් තුළ වර්ධනය කිරීමට ශ්‍රී චන්දජෝති දහම් පාසලට පසුගිය දශක තුන තුළ හැකි වී ඇත. 1984 දී කලුන්දෑවේ ඉන්දජෝති හිමි ප්‍රධානාචාර්ය වශයෙන් ශාස්ත්‍රවේදී ගිඩ්ඩව ශ්‍රී සුමණතිස්ස නා හිමිගේ අධීක්‍ෂණය යටතේ දහම් පාසල ප්‍රදේශයේ දරු දැරියන්ගේ දියුණුවට කැපකිරීම නිසා දෙගුරුන් ද අද දහම් පාසලේ දියුණුවට ලබාදෙන මාර්ගදේශකත්වය වැදගත් ය. අද ප්‍රධානාචාර්ය වශයෙන් ධම්මාචාර්ය රූපා විජේසුරිය මැණිකේ මහත්මිය කටයුතු කරන අතර ප්‍රධාන ශිෂ්‍යනායක ඉෂාර ප්‍රේමලාල් ශිෂ්‍ය නායිකා සචිනි, අනූපමා ශිෂ්‍ය නායක චාමර ලක්ෂාන් උපනායිකා ශෂිකලා නිරෝෂනි යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පත්කර සිටිති. මෙම දරුවන්ගේ කැපවීමද පාසලේ දියුණුවට ධෛර්යය වී ඇත.

 

 

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]