UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කිස්ස බෞද්ධායතනයෙන් සැදැහැ සිතින් උපකාර

ගල්කිස්ස බෞද්ධායතනයෙන් සැදැහැ සිතින් උපකාර


ගල්කිස්ස බෞද්ධායතනයෙන් වැලිකන්ද, පූනානි මහා විහාරයට අභිනව විහාර මන්දිරයක්

ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනයෙහි දායක පින්වතුන්ගේ මහත් උපකාර සහිතව, පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ විහාරස්ථාන රැසකට සහ ආර්ථික අපහසුතා ඇති ප්‍රදේශවාසිනට ආධාර ලබාදීම වසර කිහිපයක සිට මේ දක්වාම සිදු කෙරේ. විහාරාධිපති දිවියාගහ යසස්සි නා හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාවේ ප්‍රධාන සභාපති මහාචාර්ය රාජා ගුණවර්ධන, ප්‍රධාන ලේකම් පුෂ්පකුමාර කුලතුංග යන මහත්වරුන් ප්‍රධාන සාමාජික පිරිස මේ පුණ්‍ය කටයුත්තෙහිලා මූලික වී ක්‍රියා කරති.

වැලිකන්දේ කඩවත්මඩුව, කුරුලුබැද්ද, සිංහපුරය, මොනරතැන්න, කන්දකඩුව, මල්වල, දිඹුලාන සහ නෙළුම් වැව ආදි ප්‍රදේශවල විහාරස්ථාන සඳහා අවැසි සුවිසල් බුද්ධප්‍රතිමා වහන්සේ එම විහාරස්ථානවලට පූජා කිරීම ඒ අනුව සිදුවිය. පසුගිය වසර තුනකට ආසන්න කාලයක් තුළ චෛත්‍ය, සංඝාවාස, දානශාලා, ධර්මශාලා ගොඩනැගීම මෙන්ම නාන කාමර සහ වැසිකිළි ආදිය ඉදිකිරීම සඳහා ද රුපියල් කෝටියකට නොඅඩු ධනයක් පරිත්‍යාග කරන්නට හැකිවීම පින් කැමැත්තන්ගේ සතුටට හේතුවක් වී ඇත.

මේ සද්කාර්යයෙහිම තවත් පියවරක් වශයෙන් පූනානි ප්‍රදේශයේ විහාරස්ථානයෙහි ඉදිකරන්නට යෙදුණු විහාර මන්දිරයෙහි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම පසුගිය පෙබරවාරි 23 වැනිදා සිදුවිය. ඒ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි සරත් ධර්මබන්දු මහතා සහ කෙත්මනි ධර්මබන්දු මහත්මියගේ ධන පරිත්‍යාගයෙනි. රාජගිරියේ පදිංචි කිත්සිරි කුලසිංහ මහතා සහ ගෝතමී කුලසිංහ මහත්මිය විසින් රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න මුදලක් වැයකොට පූනානි විහාරයේ ඉදිකරන්නට යෙදුණු සංඝාවාසය සහ ඊට අවශ්‍ය සෙසු පරිෂ්කාර ආදිය පූජාකිරීමද එදිනම සිදුවිය.


සෙවනපිටිය ශ්‍රී සුධර්මාරාමයෙහි ඉදිකළ නව බුද්ධමන්දිරය

නුගේගොඩ පදිංචි මානෙල් රණසිංහ මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ඉතා දර්ශනීය බුද්ධ මන්දිරයක් සෙවනපිටිය ශ්‍රී සුධර්මාරාමයෙහි තනවනු ලැබූ අතර එහි බුද්ධප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයද පෙබරවාරි 23 වැනි දිනම පවත්වන්නට යෙදුණි. ඊට සමගාමීව, වැලිකන්ද මදුරංගල විහාරස්ථානයට අවශ්‍යව තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද පූජා කිරීම එදිනම සිදුවූ අතර එය සිදුකෙරුණේ දෙහිවල නන්දා සමරරත්න මහත්මියගේ ධන පරිත්‍යාගයෙනි.

ගල්කිස්ස බෞද්ධායතනයේද ආධාර ඇතිව වැලිකන්ද මෛත්‍රිගම විහාරස්ථානයේ මේ වන විට සංඝාවාසයක් ඉදිකෙරෙමින් පවතින බව සතුටින් සිහිපත් කළ හැකිය. මේ සංඝාවාසය ගොඩනැඟීම සඳහා ගල්කිස්ස පදිංචි තිවංක ධර්මසිරි මහතා සහ දිනේෂා ධර්මසිරි මහත්මිය විසින් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක්ද පරිත්‍යාග කරන්නට යෙදුණි. එසේම පූනානි සහ සෙවනපිටියේ විහාරස්ථානවලට අවශ්‍ය මල් ආසන ඉදිකිරීම සඳහාද රුපියල් හැටදහසක් පමණ පරිත්‍යාග කරන ලද හෙයින් දැනට එම මලසුන් ඉදිවෙමින් පවතී.

දිවියාගහ යසස්සි නා හිමියන්ගේ අනුශාසනා පරිදි වැලිකන්දේ මෛත්‍රිගම ගොවින් අතර රුපියල් දහනව ලක්ෂයක් පමණ වටිනා ගව දෙනුන් බෙදාදීම පසුගිය වසරේ සිදුවූයේ එගම විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙනය. ඒ අනුව, එම ගොවින් විශාල ආදායමක් දැනට ලබාගන්නට සමත්ව සිටින අතර මෛත්‍රිගමෙන් සිදු කෙරුණු තවත් ඉල්ලීමකට අනුව මේ වර්ෂයේද ගොවින් අතර ගවදෙනුන් බෙදා දීමට ගල්කිස්ස බෞද්ධායතනයේ දායක සභාව කටයුතු සංවිධානය කරමින් සිටියි.

 

 

 

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]