UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැවන ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල

 හැවන ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමි

උඩුබද්දාව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හැවන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ සුදර්ශන දහම් පාසල පුරා වසර හතළිහකට අධික කාලයක සිට පැවත එන්නකි.

මේ දහම් පාසල ආරම්භ කර ඇත්තේ 1971 මැයි 25 වෙනි දින අපවත් වී වදාළ හැවනේ ශ්‍රී සරණතිස්ස හිමිපාණන්ගේ මූලිකත්වයෙනි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 61 / 75 / ද පා / ලි / 2909 අංකය යටතේ සහ උඩුබද්දාව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ කුරු / 996 යටතේ ලියාපදිංචි කර ඇත.

දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස විහාරාධිකාරී හැවනේ ඉන්දවංශ හිමියන් කටයුතු කරනු ලබයි.


ආචාර්ය මණ්ඩලය

කුඹුක්ගහමුල්ලේ සමිතවංශ හිමි, ආර්. එම්. සුමනා රත්නායක, එච්. බී. ප්‍රේමලතා, එස්. ඒ. සෝමලතා, ආර්. පී. ප්‍රියංගිකා රන්දුනු, සුජීවා කුමුදු කුමාරි, සී. මනෝරි හංස, ඩී. කේ. බුද්ධිකා ප්‍රබෝධනී, එම්. ඒ. දිමුතු අප්සරා යන මහත්මීන් දහම් ගුරුවරුන් ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කරති.

පුරා වසර තිස් හයක් ආර්. එම්. සුමනා රත්නායක මහත්මිය දහම් පාසල් ගුරුවරියක ලෙස සේවය කිරීම අගැයිය යුතුය.

ප්‍රධානාචාර්ය හැවනේ ඉන්දවංස හිමි ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ නොමඳ කැපවීම සහ උත්සාහය මත දිනෙන් දින මේ පාසල ප්‍රදේශයේ අනිකුත් දහම් පාසල් අතර ඉතා ඉහළ මට්ටමක පවතී.

විධිමත් වාර්ෂික වැඩ සැලැස්මක් යටතේ මෙහි කටයුතු කරනු ලබයි.



දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම, ප්‍රදේශයේ රෝහල්වලට බෙහෙත් කවර සාදා පරිත්‍යාග කිරීම වෙනත් දහම් පාසලකට අවුරුදු නෑගම් යෑම, වාර්ෂික අධ්‍යාපන චාරිකාව, ශීල සමාදාන වැඩසටහන්, වෙසක් බැති ගී, ඇසළ දන්සල, වාර්ෂික විවිධ ප්‍රසංගය සහ ත්‍යාග සහතිකපත් ප්‍රදානය කිරීම ආදීි උත්සව රැසක් ක්‍රියාත්මක වේ.

සාංඝික දානය පිරිනමන ආකාරය පිළිබඳව දරු දැරියන්ට ප්‍රායෝගික පුහුණුව ලබාදීම තුන් සූත්‍රය කටපාඩම් කරවීමට හුරු කරවීම නිවැරැදි වන්දනා ක්‍රම පුරුදු පුහුණු කරවීම මෙහිදී සිදු කරනු ලබයි.

මව්පිය දායකත්වයෙන් දහම් පාසල පවත්වන සෑම ඉරු දිනකම දරු දැරියන්ට දිවා ආහාරය පිරිනමනු ලබයි.

දහම් පාසලේ චිරස්ථිතිය සහ උන්නතිය උදෙසා දහම් පාසල් සංවර්ධන සමිතිය විහාරස්ථ දායක සභාව, ප්‍රදේශයේ දානපතියන් සුවිශාල මෙහෙවරක් ඉටු කරති.

දහම් පාසල ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ අපවත්වී වදාළ හැවනේ ශ්‍රී සරණතිස්ස හිමිපාණන් නමස්කාර පූර්වකව සිහිපත් කරමු.

 

 

 

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]