UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව - 13

පුනරුප්පත්ති ලිපි මාලාව - 13

බ්‍රයිඩේ මර්ෆිගේ අන්තරාභව තොරතුරු අග්ගඤ්ඤ, තිරෝකුඩ්ඨ සූත්‍රවල ඇතැම් කරුණුවලට සමානයි

බ්‍රයිඩේ මර්ෆි හෙළිකරන සියලු දේ අපට එකහෙළා පිළිගත නොහැකි වුව ද ඇතැම් කරුණු තිරෝකුඩ්ඨ, අග්ගඤ්ඤ ආදි බෞද්ධ සූත්‍රයන්ගෙන් හෙළි කරන ඇතැම් කරුණු සමඟ සමානත්වයක් දක්වන බව පැහැදිලි වෙයි

බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභවය පර්යේෂණ වාර්තාවෙහි ඇතුළත් මරණින් මතු ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් අපි පසුගිය සාකච්ඡාවේ දී අනාවරණය කළෙමු.

එහි එන බොහෝ කරුණු තිරෝකුඩ්ඪ සූත්‍රයේ සඳහන් මරණින් මතු පැවැත්ම පිළිබඳ කරුණු සමඟ බොහෝ සෙයින් සමානත්වයක් දක්වයි.එහි එන තවත් සමානත්ව කරුණු කිහිපයක් පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරමු.

ප්‍රශ්නය – ඒ ලෝකේ ගඳ දැනීම ස්පර්ශය දැනීම ශබ්ද ඇසීම රූප ඇසීම ආදිය තියෙනව ද? ඒ ලෝකේ මේ ඉන්ද්‍රිය සියල්ල ම තියෙනවා ද? ඒ ඇස්ට්‍රල් ලෝකයේ වස්තු ස්පර්ශ කරන්න පුළුවන්ද?

පිළිතුර – බෑ

ප්‍රශ්නය – ගඳ සුවඳ දැනෙනවාද?

පිළිතුර – නෑ. නමුත් පේනවා.

ප්‍රශ්නය - ස්පර්ශ කරන්න පුළුවන්ද?

පිළිතුර – ඇහෙනවා

ප්‍රශ්නය – ඔබ කිව්ව ඒ ඇස්ට්‍රල් ලෝකයේ හැමවිටම කිසියම් ආලෝකයක් ඇති බව. ඒ වගේම බ්‍රියන්ට දිවා රාත්‍රි තිබුණ බව දැනගන්නට පුළුවන් වුණා කියලත් කිව්ව එහෙම ද? (බ්‍රියන් යනු බ්‍රයිඩේ මර්ෆිගේ ස්වාමියාය. ඇය මිය යෑමෙන් පසු ඔහු කළ කී දේ ගැන බොහෝ කාලයක් අවධානයෙන් සිට ඇත.)

පිළිතුර – ඔව්

ප්‍රශ්නය – ඒ එළිය තියෙද්දී ම බ්‍රියන්ට රාත්‍රිය කුමන වෙලාවේදැයි කියල ඔබට දැනගන්නට පුළුවන් වුණ බව කිව්ව නේද?

පිළිතුර – ඔව්

ප්‍රශ්නය – දැකීමෙන් හැර වෙනත් ක්‍රමයකින් ඒ එළිය ගැන දැනගන්නට බැරි ද?

පිළිතුර - වෙනත් ක්‍රමයකින් දැන ගන්ට බෑ.

ප්‍රශ්නය – ඔබ හැම වෙලාවෙම ආලෝකය දුටුවා නම් බ්‍රියන්ට රාත්‍රිය ඇති බව දැනගත්තේ කොහොමද?

පිළිතුර – ඔහු යහනට යනවා පෙනුණා.

ප්‍රශ්නය – ඔබට රාත්‍රී කාලයේ වර්ණයේ වෙනසක් පෙනුණේ නැද් ද?

පිළිතුර – නෑ. නමුත් මා එය රාත්‍රිය බව දැනගත්තා.ඔහු ඒක පිළිගත්තා.

ප්‍රශ්නය – මට තේරුණා. ඔහු එය රාත්‍රී කාලය ලෙස පිළිගත්තත් ඔබට එය දැකගන්නට බැරි වුණා.

පිළිතුර – මට බැරි වුණා.

ප්‍රශ්නය – ඒ ඇස්ට්‍රල් ලෝකයේ මරණ, රෝග, ජරා වැනි දේවල් නැද්ද?

පිළිතුර – එහි මරණයක් නම් නෑ. නමුත් එහි එක් පැවැත්මකින් තවත් පැවැත්මකට මාරුවීමක් නම් තියෙනවා. එපමණයි. එහි මරණයක් නෑ.

ප්‍රශ්නය – කිසියම් ව්‍යාධියක්?

පිළිතුර – නෑ

ප්‍රශ්නය – වයසට යෑමක්

පිළිතුර – නෑ. නමුත් එහි වියපත් මිනිසුන් වෙසෙනවා. මාත් වයසට ගිය අයෙක්.

ප්‍රශ්නය – ඔබ එහි දී තවත් මහළු වුණා ද?

පිළිතුර – නෑ. මගේ වයස හැටයි.

ප්‍රශ්නය – ඒ ඇස්ට්‍රල් ලෝකයේ ඔබ කීකරු විය යුතු නීති රෙගුලාසි ආදියක් තියෙනවාද?

පිළිතුර – නෑ.

ප්‍රශ්නය – කවුරු හරි ඔබට උපදෙස් දුන්නේ නැද්ද?

පිළිතුර – නෑ

ප්‍රශ්නය – ඔබ කැමැති තැනකට ගියා ද?

පිළිතුර – ඔව්.

ප්‍රශ්නය – ඔබට කැමැති දෙයක් කළාද?

පිළිතුර – ඔව්

ප්‍රශ්නය - මේ ජීවිතයේ උපදින්න පෙර පැවැත්ම මතකද?

පිළිතුර – ඔව් නිකම් බලාපොරොත්තුවෙන් හිටියා මතකයි.

ප්‍රශ්නය – කුමක් ගැන බලාපොරොත්තුවෙන් සිටියා දැයි කියන්න.

පිළිතුර – නැවත උපතක් අපේක්‍ෂාවෙන් බලා සිටියා.

ප්‍රශ්නය – ඔබ බලා හිටියේ කොහේද?

පිළිතුර – මා බලා සිටියේ හැම දෙනාම බලාසිටින තැනක.

ප්‍රශ්නය – ඒ හැම දෙනාම නතර වී සිටින තැනට ඔබ කියන්නේ කුමක් කියා ද?

පිළිතුර –ඒක නිකම් නතර වී සිටින තැනක්.

ප්‍රශ්නය – දැන් අපි ඊට ඇස්ට්‍රල් ලෝකය නැතිනම් භූත ලෝකය කියා කියමු. ඒ ඇස්ට්‍රල් ලෝකයේ දී ඔබ තවත් පැවැත්මකට යන්න ඉන්නව කියලා කිව්වේ කවු ද? ඔබ නැවත උපදින්න යනව කියල කිව්වෙ කවු ද?

පිළිතුර – කවුදෝ කාන්තා පිරිසක් ඒ ගැන කිව්වා.

ප්‍රශ්නය – ඔවුන් ඔවුනට කියන්නේ කුමක් කියල ද?

පිළිතුර – ම්.....

ප්‍රශ්නය – ඔවුන්ට මොකක් හෝ නමක් තිබුණාද?

පිළිතුර – මට මතක නෑ.

ප්‍රශ්නය - ඒ ඇස්ට්‍රල් ලෝකයේ ස්ත්‍රී, පුරුෂ භේදයක් තියෙනවද?

පිළිතුර – නෑ

ප්‍රශ්නය – මට තේරෙනවා. නමුත් පුරුෂයෙක්, පුරුෂයෙක් කියලත් ස්ත්‍රියක්, ස්ත්‍රියක් කියලත් ඔබට කියන් පුළුවන් ද?

පිළිතුර – නිකම්ම ඒක දන්නව.

ප්‍රශ්නය – හා හොඳයි තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා.ඒ භූත ලෝකේ දී යම් යම් වෙලාවල දී ඔබට පූර්ව ජීවිත සියල්ලම මතක් කරන්න පුළුවන්කම තිබුණා ද?

පිළිතුර – මට මතක නෑ.

ප්‍රශ්නය – ඔබට මතක නැද්ද?

පිළිතුර - සමහර දේවල් මතකයි. නමුත් ඔක්කොම දේවල් මතක නෑ. මට නටනවා මතකයි.

ප්‍රශ්නය –ඒ භූත ලෝකේ පිස්සෝ නැද්ද?

පිළිතුර – මා එහෙම කවුරුවත් දැක්කෙ නැහැ.

ප්‍රශ්නය – ඔබට ඒ ලෝකේ දී මිහිපිට සිටින මිනිසුන්ට අනාගතයේ දී වෙන්නට යන දේවල් දැනගන්න පුළුවන් වුණා ද?

පිළිතුර – ඔව්.

ප්‍රශ්නය – ඔබට අනාගතය පෙනුණද?

පිළිතුර – ඔව්.

ප්‍රශ්නය – ඇයි ඔබ එසේ කියන්නේ?

පිළිතුර – මා දුටුවා යුද්ධයක් එහෙ කවුරු හෝ පුද්ගලයෙක් කිව්ව යුද්ධයක් වෙන්න යනව කියල. ඒ මා උපත ලබන්න පෙරයි.

මෙම දෙබස තුළින් අපට ඒ භූත ලෝකයේ (ඒඵබපචත එධපතඤ) හෙවත් මරණින් මතු ඉපදීමට පෙර ගතකරන ජීවිතය පිළිබඳ කරුණු රාශියක් අවධාරණය කරගත හැකි ය. පළමුවෙන්ම ඒ ලෝකයේ ඇත්තේ ඇසීම හා පෙනීම පමණක් බව අවධාරණය කරයි. ගඳ, සුවඳ දැනීම, රස දැනීම හා ස්පර්ශය නැති බව ඇගේ පිළිතුරු වලින් පැහැදිලි වෙයි. ඔවුනොවුන්ට ඔවුනොවුන්ගේ රූප දැකිය හැකි බවත් කථා කරන දේ ඇසීමට හා තේරුම් ගැනීමට හැකියාව ඇති බවද පැහැදිලි වෙයි. එමෙන්ම එම ලෝකයේ රැයක් හෝ දවාලක් නොවන අතර ආලෝකයක් ඇති බව පවසයි. මෙම විස්තරය අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන්වන ආලෝක ධාරාවක් සේ හැසිරෙන ආභස්සර දෙවියන්ගේ ස්වරූපයට තරමක් දුරට සමාන වේ.

එමෙන්ම එහි වයසට යෑමක්, ලෙඩවීමක් හෝ මරණයට පත්වීමක් නැති බවද පවසයි. එහෙත් එහි උපදින අය ඒ තමන් මරණයට පත් වූ ආයුෂ ප්‍රමාණයෙන්ම දැකගත හැකි බව ඇගේ වයස සම්බන්ධ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

තමාට කැමැති දෙයක් කළ හැකිවන අතර සමහර අය උපතක් අපේක්‍ෂාවෙන් සිටින බවද පවසයි. තමා උපතක් ලැබීමට යනවා නම් ඒ බව තව පිරිසක් පවසන බව ද ඇය තවදුරටත් කියා සිටියි. එමෙන්ම එහි ස්ත්‍රී පුරුෂ වශයෙන් භේදයක් නොවන අතර තමාටම තමා ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද යන්න හැඟෙන බව පවසයි. එමෙන්ම ඒ ලෝකයේ දී තමාට ස්මරණය කළ හැකිවන්නේ තමන්ගේ අවසන් ආත්මය පමණකි. අනාගතයේ මිනිස් ලෝකයේ සිදුවන්නට යන ඇතැම් දේ පිළිබඳව ද යම් යම් කාරණා පෙනෙන බව ඇය තවදුරටත් අවධාරණය කරයි.

බ්‍රයිඩේ මර්ෆි හෙළිකරන මේ සියලු දේ අපට එකහෙළා පිළිගත නොහැකි වුව ද ඇතැම් කරුණු තිරෝකුඩ්ඨ, අග්ගඤ්ඤ ආදි බෞද්ධ සූත්‍රයන්ගෙන් හෙළි කරන ඇතැම් කරුණු සමඟ සමානත්වයක් දක්වන බව පැහැදිලි වෙයි.


 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]