UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිරිහඬුසෑය පුදබිමේ දෙමහල් ලැඟුම් හලක්

ගිරිහඬුසෑය පුදබිමේ දෙමහල් ලැඟුම් හලක්

ත්‍රිකුණාමලය, ඓතිහාසික ගිරිහඬු සෑය බොදු පුද බිම ආශි‍්‍රතව වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා සියලු පහසුකම් සහිතව දෙමහල් ලැඟුම් හලක් ඉදි කෙරේ. ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම අනුව සිවිල් ආරක්‍ෂක බලකාය යෝජිත ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ඇත. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා ‘උරුමයක උල්පත වැඩසටහන’ යටතේ ත්‍රස්තවාදී උවදුරු පැවැති කාලය තුළ උතුර හා නැගෙනහිර පළාත්වල හානියට පත් සිද්ධස්ථාන අතුරින් තෝරාගත් පුදබිම් නැවත ප්‍රතිශ්ඨාපනය කිරීම අරඹා ඇති අතර ගිරිහඬු සෑය ආශි‍්‍රත නවාතැන් පොල ඉදිකිරීම එම වැඩසටහනට අයත් පළමුවැන්නයි. ගිරිහඬු සෑය බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේදීම තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට පිරිනැමුන කේෂ ධාතූන් වහන්සේ තැන්පත්කර තැනූ ස්ථූපය සේ සැලකෙයි. එසේම එය මෙරට ඇති වූ පළමු වටදාගෙය සහ මෙරට ඉදිවූ පළමු බෞද්ධ සංකේතය වශයෙන් ද තහවුරු වී ඇත. වනාන්තරයෙන් යටවී තිබුණ මෙම ඓතිහාසික ස්ථානය 1929 වසරේ දී හමුවූ ලියැවිල්ලක් අනුව ගවේෂණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුව කේෂධාතූන් නිධන් කොට ඉදිකළ ගිරිහඬු සෑය බවගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ. 1951 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී.එස්. සේනානායක මැතිතුමා පුරාවිද්‍යා අධිකාරී සෙනරත් පරණවිතාන ශූරීන් ලවා තිරියායේ පුරා විද්‍යා කඳවුරක් ඇති කර බොදුනුවන්ගේ අවධානයට ලක් විය යුතු මෙම වැදගත් සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇති අතර වටදා ගෙය ද මතු කරගෙන තිබේ. ඓතිහාසික වැදගත්කමක් ඇති මෙම පුදබිම ත්‍රස්තවාදී ගැටුම් නිසා 1985 න් පසුව හානියට පත්ව ජනශූන්‍ය ව පැවතින.

ජෝන් කීල්ස් හෝල්ඩිං හි සභාපති සුසන්ත රත්නායක මහතා සහ ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන විධායක ජේම්ස් යමනාකා මහතාගේ නියෝජිතයෙකු ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 6.5 ක මුදලක් ආරක්‍ෂක ලේකම්වරයා වෙත භාර දුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වෙයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයේ අධ්‍යක්‍ෂක ආර්.ඒ.ඩී. සිරිසේන, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂක ජනරාල් ආනන්ද පීරිස්, සැලසුම් ශිල්පී ඇෂ්ලි ඩිවෝස් මහත්වරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]