UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේවැල්ල ගංගාරාම රජ මහා විහාරස්ථ ශ්‍රී සුචරිත දහම් පාසල

ලේවැල්ල ගංගාරාම රජ මහා විහාරස්ථ ශ්‍රී සුචරිත දහම් පාසල


ප්‍රධානාචාර්ය පණ්ඩිත වටපාත සරණංකර හිමි

මහනුවර ලේවැල්ල ගංගාරාම රජමහා විහාරස්ථ ශ්‍රී සුචරිත දහම් පාසලට 2013 වසරට විසිපස් වසර පිරේ.

ආචාර්ය මණ්ඩලය

ශිෂ්‍ය නායක නායිකාවන්

මහනුවර ගඟවට කෝරළයේ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩිම කොටසකට ධර්මඤාණය ලබාදෙන ශ්‍රී සුචරිත දහම් පාසල 1987 ජනවාරි හතරවෙනි දින ශිෂ්‍යයන් සියයකින් සහ ධර්මාචාර්යවරුන් දහදෙනෙකුගෙන් හා ධර්මාචාර්ය මාවතවැවේ සරණංකර හිමිගේ ප්‍රධානාචාර්යත්වයෙන් ආරම්භ කළ ශ්‍රී සුචරිත දහම් පාසලේ අද ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට අධිකය. එහි ආචාර්ය මණ්ඩලය විසි දෙනෙකුගෙන් සමන්විතය. පණ්ඩිත වටපාත සරණංකර හිමි ප්‍රධානාචාර්ය වශයෙන්ද ආරියවංශ හිමි උප ප්‍රධානාචාර්ය ලෙසද සේවය කරති.

මල්වතු මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ කාරක සභික නැහිනිවල පියදස්සි හිමි ගංගාරාම විහාරයේ භාරකාර වශයෙන් කටයුතු කරමින් දහම් පාසලේ දියුණුවටත් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු වලදීත් ලබාදෙන සහාය වැදගත්ය. දහම් පාසලට දැන් පවතින බලවත්ම දුෂ්කරතාවය ඉඩකඩ ප්‍රශ්නයයි. දක්‍ෂ ශිෂ්‍යයන් සමූහයකින් යුත් ශිෂ්‍ය සමිතිය. පාසලේ බාහිර වැඩසටහන්වලට ලබා දෙන්නේ විශාල සේවයකි. ධර්ම පුස්තකාලයක් ස්ථාපිත කිරීමට සැලැසුම් කර ඇත.

ඉඩපහසුකම් නොමැතිකම දහම් පාසලේ පන්ති පවත්වාගෙන යෑමට බලවත් බාධාවක් වී ඇත. හිටපු කලා අධ්‍යක්ෂ කුලසේකර, විශ්වවිද්‍යාල කථිකාචාර්ය අමරකෝන්, විශ්‍රාමික විදුහල්පති අඹගල,රණබිම රාජකීය විද්‍යාලයේ චිත්‍ර කලා උපදේශක ලලනී වීදියගේ වැනි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උසස් ධර්මාචාර්යවරුන් ඇතුළත් ගුරු මණ්ඩලයක් ඇතුළත් ශ්‍රී සුචරිත දහම් පාසලේ 2013 වසරට ශිෂ්‍ය නායක හා සමිති ප්‍රධාන ශිෂ්‍යයන් තෝරාපත් කර ගැනීමත් සමඟ උසස් ප්‍රතිඵල දක්වන දහම් දරුවන් රැසක් බිහි කිරීමට ආචාර්ය මණ්ඩලය ප්‍රතිඥා දී ඇත.

 

 

 

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]