UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කහතුඩුවේ ශ්‍රී සරණතිස්ස දහම් පාසල

කහතුඩුවේ ශ්‍රී සරණතිස්ස දහම් පාසල


ශ්‍රී සරණතිස්ස දහම් පාසලේ නිර්මාතෘ හා ආරම්භක ප්‍රධානාචාර්ය පිටිපන සුගුණසාර හිමි

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ පැරැණි දහම් පාසලක් වූ කහතුඩුවේ ශ්‍රී නන්දනාරාම විහාරස්ථ ශ්‍රී සරණතිස්ස දහම් පාසල මේ වන විට වසර 30 ක් සපුරා ඇත.

ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය

ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ශිෂ්‍ය නායක නායිකාවන්

සිසු දරුවන් දහම් දැනුම ලබන අයුරු

කහතුඩවේ ශ්‍රී නන්දනාරාමාධිපතිව එවකට වැඩ සිටි අපවත් වී වදාළ පිටිපන සුගුණසාර හිමියන්ගේ මූලිකත්වයෙන් සුදාන්ත තරුණ සමිතියේ සභාපති ධූරය දැරූ බර්ටි අබේසිංහ මහතාගේ සහයෝගයෙන් 1983 ජනවාරි 16 වන දින ශ්‍රී සරණතිස්ස දහම් පාසල නමින් මෙම දහම්පාසල ආරම්භ විය. එම ආරම්භක උත්සවය කොළඹ තිඹිරිගස්යායේ අශෝකාරාමාධිපති පදවිය දැරූ රාජකීය පණ්ඩිත කරඳන පඤ්ඤාලංකාර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි ගාමණි ජයසූරිය මහතා අත්පොත් තැබීමෙන් සාමවිනිසුරු ඩබ්ලිව්. ඇම්.ජී. මහීපාල “බුදුසරණ” පත්‍රයේ හිටපු කර්තෘ සාම විනිසුරු පේ‍්‍රමසිරි අබේසිංහ ආදි විහාරස්ථ දායක සභාවේ ප්‍රධානීන්ගේ හා අභාවප්‍රාප්ත රෝමියල් මදුරප්පෙරුම ගුරුපියාණන් ආදි පිරිසකගේ කැපවීමෙන් පැවැත්විණි.

පිටිපන සුගුණසාර හිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 178 දෙනෙකුගෙන් හා 12 දෙනෙකු වූ ගුරු මණ්ඩලයකින් යුක්තව ඇරැඹි මෙම දහම් පාසලෙහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 500 ක් පමණ වෙති. 1 වැනි ශ්‍රේණිය සිට ධර්මාචාර්ය විභාග ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.

අභාවප්‍රාප්ත රොමියෙල් මදුරුප්පෙරුම මහතාගේ අභාවයෙන් හිස් වූ උප ප්‍රධානාචාර්ය ධූරයට මෙහි පැරැණි දහම් ගුරුවරියක වූ පි‍්‍රයන්ති මුණසිංහ මහත්මිය පත්ව ඇත.

1983 පෙබරවාරි 16 දින ලියාපදිංචිය ලබා ඇති මෙහි 1984 වර්ෂයේ දහම් පාසල් අවසාන විභාගය සඳහා සිසුන් 05 දෙනෙකු ඉදිරිපත් කළ අතර 2012 වසරේදී සිසුන් 38 දෙනෙකු දහම් පාසල් අවසාන විභාගයෙන්ද 2012 ධර්මාචාර්ය විභාගයෙන් සිසුන් තිදෙනෙක්ද සමත්වූහ.

විසි දෙදෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලය ස්වේච්ඡාවෙන් හා මහත් කැපවීමකින් මෙහි සිසුනට ධර්මඤාණය ලබා දෙති. ප්‍රධානාචාර්ය කහතුඩුවේ විමලතිස්ස හිමියෝ මෙහි සියලුම සිසුන් ගැන සොයා බලමින් ආචාර්ය මණ්ඩලය පිළිබඳව මැනවින් සොයා බලමින් දහම් පාසල පිළිබඳව මහත් වගකීමකින් හා කැපවීමකින් යුක්තව වෙහෙස මහන්සිව කටයුතු කරති. උන්වහන්සේගේ බලවත් උත්සාහය නිසා සතියෙන් සතියට මෙම දහම් පාසල ජනපි‍්‍රයත්වයට පත්ව ඇත.

දහම් ඤාණය ලබා ගැනීමට පැමිණෙන අධික වූ ශිෂ්‍ය සංඛ්‍යාව නිසා මෙහි ඇතැම් පංතිවල සිසුහු ධර්ම ශාලාවෙන් පිටත බෝ සෙවණේත් නා සෙවණෙත් සිසිලස ලබමින් දහම් ඤාණය ලබා ගනිති.

ඩෙස් බංකු පුටු ආදියේද ධර්ම ශාලා තුළ ඉඩ මඳවීම ද මතුව පෙනේ. මේ සඳහා නව දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කරදීමටද දානපතීන් කීප දෙනෙකුගේ අවධානය යොමු වී ඇතැයි සුබදායක ආරංචි ලැබීමද සතුටට හේතුවකි. එම බලාපොරොත්තුද ඉක්මනින්ම මල් පල ගැන්වී කහතුඩුවේ මෙම ශ්‍රී‍්‍ර සරණතිස්ස දහම් පාසල තවතවත් දියුණුවට පත්වේවා’යි ආශිර්වාද කරමු. ත්‍යාග ප්‍රදානය 03 වනදා පැවැත්වීමට නියමිතව තිබිණි.

 

 

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]