UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමි

 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමි‍

උන්වහන්සේ වරින්වර නිකායෙන් සහ විවිධ ආයතනයන්ගෙන් ගෞරව නාම රාශියක හිමිකරුවෙක් විය. එකී ගෞරව නාමයන් අතර “ සාසන සෝභන, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සිරි සීලවංස වංසාලංකාර, සිරි සීලවංස වංසාලාකාරධජ, ත්‍රිපිටක වාගීශ්වර රාජගුරු, පරියන්ති විශාරද විනයාචාර්ය, ත්‍රිපිටක ධර්මචක්‍රවර්ති, රාජකීය පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත” යන ඒවාද වේ. මේවා අතරින් “ අග්ග මහා පණ්ඩිත” යන ගෞරව නාමය උන්වහන්සේගේ සේවය අගය කළ මියන්මාර රජයෙන් පිරිනමන ලද්දකි.
 


මෙම නිකාය පසුගිය දශක 15 ක් පමණ කාලයක් පාලනය කරන ලද්දේ සිල්වත්, ගුණවත්, ධර්මධර අතිපූජ්‍ය මහානායක මාහිමිවරුන් විසිනි. එම සඟ පරපුරේ සම්භාවනීය මහා ථෙර නාමාවලියට එක්වූ අභිනව අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේත් කිසිවෙකුටත් දෙවෙනි නොවන ගුණ නුවණින් පිරුණු මහා යතිවරයෙකි. ඒ මැණික්හින්න, හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති ත්‍රිපිටක වාගීස්වරාචාර්ය සිරි සීලවංස වංසාලංකාර රාජගුරු පරියත්ති විශාරද, විනය විශාරද, ත්‍රිපිටක ධර්මචක්‍රවර්ති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේය.


උන්වහන්සේ ව්‍යක්තය, විශාරදය, බහුශ්‍රතය, ධර්මධරය, ධර්මානුධර්ම ප්‍රතිපන්නය. දුටුවන් අතරත්, ඇසුරු කරන්නවුන් අතරත් ආකර්ෂණීය ගුණාංගයන්ගෙන් මන බඳවාගත් සිල්වත්, ගුණවත් මහා යතිවරයාණ කෙනෙකි. ඒ අන් කිසිවකු නොව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි මහා සංඝ නේතෘථෙර නාමාවලියෙහි 13 වෙනි මහා සංඝ නේතෘ පදවියට පත් මැණික්හින්න, හූරිකඩුව, විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි අභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේය. නිතැතින්ම ප්‍රසන්නාවහ සතුටු සාමීචි කතාවෙන් හා මුවඟ නැගුණු සිනහ රැල්ලෙන් අවධානය යොමු කළ දෑසින් යුතුව කෙනෙකු පිළිගන්නා සුලු විලාසයෙන් කතාවට අවතීර්ණ වන මා හැඟි ගුණයන්ගෙන් යුතු සංඝ පීතෘවරයෙකි. දෙදෙනකු මුණ ගැසුණු විට පළමුව කතා කිරීමත්, පළමුව සිනහසීමත්, මුණ ගැසුණු විට කෙනෙකුට පළමුව අවධානය යොමු කිරීමත් සත්පුරුෂ චරිතයක ලක්‍ෂණයකි. එම ලකුණු අභිනව මහානායක මාහිමියන් වහන්සේගේ චරිතයෙහි මා කොතෙකුත් දැක තිබේ.

උන්වහන්සේ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩ ගම්පහ කෝරළයේ නාපාන නම් නියම් ගම් හී ඒකනායක මුදියන්සේලාගේ ගෙදර කිරිබණ්ඩා නිලමේ තුමාගේ හා නියම්ගොඩ හිටිබණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස 1923 ජනවාරි 20 වෙනි දින ජන්ම ලාබය ලැබූහ. එවකට අමුණුගම ගුන්නෑපාන රජයේ පාසලෙන් මූලික සිප් සතර හඳාරා විනීත සැදැහැබර කුල දරුවෙක්ව කාලය ගත කරමින් ළමා වියේදීම හුරිකඩුව විද්‍යාසාගර පරිවෙනාධ්‍යක්‍ෂකව වැඩ සිටි සාසන ධජ අරියවංසාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක ධුරය සෝභාමත් කළ තෙරිපැහැ සිරි සීලවංශාභිධාන මාහිමියන් වෙතින් අතිඋතුම් පැවිදි දිවියට පත්වූහ.

1943 දී කටුගස්තොට, පිඟාඔය සීමා මාලකයේදී අතිපූජ්‍ය කරතොට ඉන්දසාරාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහනායක මාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝයා වෙතින් අධි සීල භාවයට පත්ව වැඩිදුර අධ්‍යාපනයේදී පසුව අප නිකායේ අතිපූජ්‍ය මහානායක අනුනායක ධුරයන්ට පත්වුනු අතිපූජ්‍ය රස්නකවැවේ සිරිසද්ධම්ම වංස අනුනාහිමි, අතිපූජ්‍ය දීපේගොඩ චන්දවිමල මහානායක මාහිමියන් වහන්සේ, අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහානායක මාහිමියන් වහන්සේලා වැනි සංඝ නේතෘන් වහන්සේලා වෙතින් වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙන, නිට්ටඹුවේ විද්‍යානන්ද මහ පිරිවෙන ආදී කීර්තිමත් පිරිවෙන් වලින් ඉගෙනුම ලබා රාජකීය පණ්ඩිත විභාගවලින් උක්තීර්ණව මහා පඬිවරයාන කෙනෙකු බවට පත්වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නමැති සංඝ සංවිධානය තුළින් සේවයට අවතීර්ණ වූ පූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය නිකායේ කටයුතුවලට සම්බන්ධ වූයේ මෙයින් වසර ගණනාවකට පෙරය. ප්‍රාදේශික සංඝ සභාවන්හි සභාපති, ලේඛකාධිකාරී ධුර දරමින් ක්‍රම ක්‍රමයෙන් නිකායේ කාරක පාලක සංඝ සභාවන් හා විශේෂාධිකාරී මණ්ඩලයෙහි සාමාජිකත්වය ලබා ගනිමින් පූජ්‍යතර සඤ්ඤාලේඛකාධිකාරී පදවියටත්, ඉන් අනතුරුව අතිපූජ්‍ය අධිකරණ සංඝ නායක පදවියටත් පත්වී වදාළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 12 වෙනි මහානායක ධුරයට පත්ව නිකායට අපරිමිත සේවයක් සිදුකොට අපවත් වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මහානායක මාහිමියන් වහන්සේ සමඟ ඉතා සමීප සබඳතා පවත්වමින් නිකායේ කතිකාවත් සම්පාදනයේ මූලස්ථාන ගොඩනැගීම ඒ ඒ වර්ෂ වලදී උපසම්පදා විනයකර්ම මෙහෙයවීම ආදී කටයුතුවලදී විශේෂ අවධානයක් යොමු කරමින් අනලස්ව ක්‍රියා කළහ. මෙම ක්‍රියාකාරී කටයුතුවල ප්‍රතිඵලය වශයෙන් උන්වහන්සේ වරින්වර නිකායෙන් සහ විවිධ ආයතනයන්ගෙන් ගෞරව නාම රාශියක හිමිකරුවෙක් වූහ. එකී ගෞරව නාමයන් අතර “ සාසන සෝභන, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සිරි සීලවංස වංසාලංකාර, සිරි සීලවංස වංසාලාකාරධජ, ත්‍රිපිටක වාගීශ්වර රාජගුරු, පරියන්ති විශාරද විනයාචාර්ය, ත්‍රිපිටක ධර්මචක්‍රවර්ති, රාජකීය පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත” යන ඒවාද වේ. මේවා අතරින් “ අග්ග මහා පණ්ඩිත” යන ගෞරව නාමය උන්වහන්සේගේ සේවය අගය කළ මියන්මාර රජයෙන් පිරිනමන ලද්දකි. මියන්මාර්, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය ආදී බෞද්ධ රටවලට සම්මන්ත්‍රණ හා ධර්මදූත කටයුතු වෙනුවෙන් වරින්වර උන්වහන්සේගේ සහභාගිත්වය ලබාදුන්හ. ශ්‍රී ලංකාවේ තෛ‍්‍රනිකායික භික්‍ෂූන් වහන්සේගේ සමගිය අපේක්‍ෂාවෙන් ක්‍රියාකරන උන්වහන්සේ අන්තර් ආගමික සහජීවනයත් අගය කළ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික හා අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කරන අග්‍රගණ්‍ය මහා යතිවරයාන කෙනෙකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන භික්‍ෂුවංශ අතරින් එකක් වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ලාබාලම භික්‍ෂු සංවිධානය වේ. 150 වසරක් සපුරන මේ සංඝ සංවිධානය දිවයින පුරා පිහිටි විහාරස්ථාන 2000 කින් පමණ ද භික්‍ෂු සංඛ්‍යාව 8000 කින් පමණ ද සමන්විත වන අතර සමස්ත ලංකාවේ සංඝ සභා කොට්ඨාස 44 කින් යුක්තව එකම මහානායක මාහිමි නමක් යටතේ ග්‍රාමීය හා වනවාසික සංඝයාගෙන් සමන්විතව එකම කතිකාවතකට අනුව පාලනය වේ.

වර්ෂ 1863 සිට මේ දක්වා අතිපූජ්‍ය මහානායක මාහිමිවරු 12 නමක් මේ නිකාය පාලනය කළහ. වර්ෂ 1956 ජාතික බලවේගය නිර්මාණය කිරීමට මුල් වූ බණ්ඩාරනායක අගමැතිතුමා පන්සිල් සමාදන්ව බෞද්ධයෙකු බවට පත්වූයේ අප නිකායේ සයවෙනි මහානායක ධුරය දැරූ අතිපූජ්‍ය මාතලේ සිරි ධම්මසිද්ධ්‍යාසහ මහානායක මාහිමියන් වෙතිනි. බෞද්ධ අධ්‍යාපනයට නව පනක් දී දහම් පාසල් ආරම්භයට ශක්තිය දුන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදුසමය වැළඳගත්තේ ගාල්ලේ, විජයානන්ද පිරිවෙනේදීය. අනගාරික ධර්මපාලතුමාට බුද්ධගයාව බේරා ගැනීමේ සටනේදී සහායවීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත් වූහ. මෙම නිකාය මඟින් සිදුකරන ලද ඓතිහාසික සේවාවන්ගෙන් කිහිපයක් පිළිබඳවයි එම සටහන.

මෙම නිකාය පසුගිය දශක 15 ක් පමණ කාලයක් පාලනය කරන ලද්දේ සිල්වත්, ගුණවත්, ධර්මධර අතිපූජ්‍ය මහානායක මාහිමිවරුන් විසිනි. එම සඟ පරපුරේ සම්භාවනීය මහා ථෙර නාමාවලියට එක්වූ අභිනව අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේත් කිසිවෙකුටත් දෙවෙනි නොවන ගුණ නුවණින් පිරුණු මහා යතිවරයෙකි. ඒ මැණික්හින්න, හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති ත්‍රිපිටක වාගීස්වරාචාර්ය සිරි සීලවංස වංසාලංකාර රාජගුරු පරියත්ති විශාරද, විනය විශාරද, ත්‍රිපිටක ධර්මචක්‍රවර්ති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි 13 වෙනි මහානායක ධුරයට පත්වුණු අතිපූජ්‍ය නාපාන මාහිමියන් වහන්සේට තුනුරුවන් සතු සූවිසි ගුණ බල මහිමයෙන් ශ්‍රීමත් දළඳා වහන්සේගේ පිහිටෙන්, ජයසිරි මහා බෝසමිඳුන්ගේ රැකවරණින් චිරාත් කාලයක් නිදුක්ව නිරෝගීව සම්බුද්ධ සාසනය වෙනුවෙන් වැඩ වසන්නට කාය චිත්ත ධෛර්යය ලැබේවා !

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]